Upul Pathirana Fans Page

Upul Pathirana Fans Page

Share

01/11/2026
02/28/2023

හිතුවොත් බැරි නෑ 😆

Photos from Upul Pathirana Fans Page's post 06/29/2022

ලොව විශාලතම බැටරිය. 😯❤️

ඇමෙරිකාවේ Missouri ප්‍රාන්තයේ පිහිටා ඇති Taum Sauk Hydroelectric Power Station ජල විදුලි බලාගාරය ඉතාමත් අපූරු එකක්. මෙම බලාගාරයෙන් නිපදවන විදුලි බල ප්‍රමාණයට වඩා වැඩි විදුලි බල ප්‍රමාණයක් උපයෝගී කරගෙන නැවත මෙම ජලාශයටම එම ජලය පුරනවා. මේක බැලූ බැල්මටම පෙන්නේ මෝඩ විකාර කතාවක් වගේ.

මෙම බලාගාරයට ජලය සපයන ජලාශය ස්වභාවික එකක් නොවේ. මෙය කන්දක් උඩ කොන්ක්‍රීට් වලින් කෘතිමව නිපදවපු ටැංකියක් කිව්වොත් වඩා නිවැරිදියි. මෙයට ජලය සපයන එකම ස්වභාවික ජල මාර්ගයක්වත් පිහිටා නැහැ.

බලාගාර වල නිපදවන විදුලිය ගබඩා කර තබා ගන්න බැහැ. සිදුවන්නේ ඉල්ලුමට අවශ්‍ය ප්‍රමාණයට සරිලන ලෙස නිපදවා පද්ධතියට එක් කිරීමයි. නමුත් ඉල්ලුමට සරිලන ලෙස නොකඩවා විදුලිය සැපයීමට නම් සෑම විටම සැපයුම වැඩි කර යුතුයි.

Peak time යනු අධික විදුලිය පරිභෝජනයක් ඇති වේලාවයි. මේ වේලාවට තාප බලාගාර ක්‍රියාත්මක කර විදුලිය නිපදවිය යුතුයි. මෙය ලාභ දායක නැහැ. Off Peak time යනු එතරම් විදුලිය පරිභෝජනය නොකරන වේලාවක්. මේ වේලාවට අක්‍රිය කල නොහැකි සුර්ය, සුළං, ජල වැනි බලාගාර විදුලිය බොහොමයක් අපතේ යනවා ඒවා ගබඩා කර ගත නොහැකි නිසා.

Peak time එකේදී ඉහත බලාගාරයේ ජලය භාවිතා කර ඊට පහලින් ඇති බලාගාරයේ ජල විදුලි ටර්බයින කරකවා විදුලිය නිපදවා පද්ධතියට එක් කරනවා. ඉවත් වන ජලය බලාගාරය ආසන්නයේ ටැංකියකට එකතු වෙනවා. මේ නිසා තාප බලාගාර භාවිතය අවම වෙනවා. Off Peak time එකේදී පද්ධතියෙන් අපතේ යන විදුලිය උපයෝගී කරගෙන මෝටර් ආධාරයෙන් පහල ටැංකියේ ඇති ජලය නැවත ඉහල ටැංකියට පුරවනවා.

මේ නිසා සැබවින්ම සිදුවන්නේ අපතේ යන විදුලිය භාවිතා කර මෙම විශාල ජල ටැංකිය පුරවා නැවත ඉල්ලුම වැඩි විට එම ජලයෙන්ම නැවත විදුලිය නිපදවීමයි. මේ නිසා තාප බලාගාර වලින් විදුලිය නිපදවන අධික වියදම ඉතිරි වෙනවා. එම නිසා මෙම බලාගාරයේ නිපදවන විදුලිය සැබෑ ජල විදුලි බලාගාරයකටත් වඩා වටිනවා.

ඇත්තටම බැලුවම මේ විශාල ජල ටැංකිය අපතේ යන විදුලිය ගබඩා කර තබා ගෙන අවශ්‍ය වේලාවට මුදා හරින යෝධ බැටරියක්!!

( සටහන - 2013 වසරේදී සිංහල පීඩියා පිටුවෙහි පලකරන ලද සටහනකි. මෙහි සම්පූර්ණ අයිතිය එම මුල් හිමිකරු සතුය.)

Want your business to be the top-listed Transport Service in Houston?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Sri Lanka � & USA �
Houston, TX