Dhammika Samaratunga

Dhammika Samaratunga

Share

Photos from Dhammika Samaratunga's post 03/01/2026

මම අද කියන්න යන්නේ මේ රටවල්වල පාවිච්චි කරන තවත් නවීන ප්‍රවාහන මාධ්‍යක් ගැනයි...

ඡායාරූපය දිහා බලන්න... මේක හඳුන්වන්නේ Lime කියලයි. නිකම්ම නිකම් Lime නෙවෙයි මේකට කියන්නේ Uber Lime Scooter කියලයි...

Uber එකෙන් හඳුන්වාදී ඇති මේ අළුත්ම Scooter ප්‍රවාහන ක්‍රමය දැන් බොහෝ දියුණු රටවල්වල බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා... තනිකරම බැටරි බලයෙන් ක්‍රියාත්මක වෙන මෙම ස්කූටරය සම්පුර්ණ බැටරි බලය සහිතව කිලෝමීටර 60ක් දක්වා දුරක් ගමන් කිරීමට පුළුවන් බව කියවෙනවා...

දැන් ලංකාවේ තියෙන ත්‍රීරෝද ප්‍රශ්ණයත් එක්ක බැරිවෙලාවත් මේක ලංකාවට හඳුන්වලා දුන්නොත් එහෙම අපේ ත්‍රීරෝද අයියලා මල්ලිලාට යන එන මං නැති වෙන එක නම් අනිවාර්‍යෙන්ම සිද්ධවෙන දෙයක්... හැබැයි මේක හඳුන්වා දෙනවා නම් මේක භාවිතා කරන්නන් හට ආරක්ෂිත මාර්ගයන් රජයන් විසින් හඳුන්වාදිය යුතුව තිබෙනවා... දියුණු රටවල නම් පදිකයින්ට වෙනමත් පාපැදිකරුවන්ට වෙනමත් වෙන වෙනමම මන්තීරු නිර්මාණය කර තිබෙනවා... මේ රටවල මේවා ගමන් කරනු ලබන්නේ පාපැදි කරුවන් ගමන් කරනා මන්තීරුවල අතර ඔවුනට අදාලවන මාර්ග නීතීරීතී මෙහි ගමන් කරන අයද පිළිපැදිය යුතු වෙනවා...

හැබැයි ඉතිං ලංකාවේ හැමදේම එකම මන්තීරුවේ වෙන නිසා මේක හඳුන්වා දුන්නත් ඒක පාවිච්චි කරන්න විදියක් ඉතාම කෙටි කාළයකදී අපේ මිනිස්සු හොයා ගන්නවා...

මේක හරිම පහසු වගේම ලේසියෙන්ම කෙටි ගමන් බිමන් සඳහා නවීන තාක්ෂණයත් එක්ක භාවිතා කරන්න පුළුවන් ප්‍රවාහන මාධ්‍යක් විදියට දැන් ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා...

මේ රටේ හැම තැනකම වගේ මේ ස්කූටර පාර අයිනේ නවත්තලා තියෙනවා... ඒක හරියට කියනවානම් කාටහරි අමතක වෙලා තැන් තැන්වල දාලා ගිහිල්ලා වගේ වැඩක්...

ඉතිං ඔයාට කොහේහරි ගමනක් යන්න උවමනාවක් උනොත් ඒ ගමන යන්න ඔයාට ඔයාගේ පෞද්ගලික වාහනයකුත් නැත්නම් දැන් හඳුන්වාදී තියෙන හොඳම option එක තමයි මේ ස්කූටර් සර්විස් එක...

මේකට ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ ඔයාගේ smart phone එකට මේකට අයත් App එක download කරගන්න එක... ඔයාට ගමනක් යන්න ඕන උනාම app එකට ගිහිල්ලා ඔයා ඉන්න location අනුව search කලාම ඔයාට ලඟම තියෙන ස්කූටර් එක පෙන්නුම් කරනවා... මේ රටේ නම් ඕන වෙලාවක අඩි කීපයක් ඇවිදගෙන ගියාම මේකක් හොයාගන්න පුළුවන්... ඊට පස්සේ ස්කූටර් එක ළගට ගිහින් ඔයාගේ ෆෝන් එකේ ඇප් එක ඕපන් කරලා මේ ස්කූටරයේ තියෙන QR code එක scan කළාම මේ ස්කූටරය on වෙනවා... ඒත් මේක on උනා කියලා ඔයාට ඒක පණ ගන්වගෙන යන්න නම් බෑ... ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ මේ ස්කූටරයේ details සහ එය දැන් තියෙන location එක පෙන්වනවා... දැන් ඔයාට තියෙන්නේ ඔයාට යන්න ඕනි location එක දෙන්නයි... එතකොට ඇප් එකෙන් දැන් ඔයා ඉන්න තැන ඉඳලා යන්න ඕනි තැන වෙනකම් යන ටැෆික් අඩුම උපරිම කෙටිම මාර්ගය පෙන්නුම් කරන ගමන්ම ඒ දුර යන්න අයකරන ගාස්තුවත් පෙන්නුම් කරනවා... මේ හැමදේකටම ඉස්සරවෙලා ඔයා මේ App එකට register වෙනකොටම ඒකට ඔයාගේ පෙරගෙවුම් කාඩ්පතේ විස්තර අනිවාර්‍යෙන්ම ඇතුලත් කරන්න ඕනි... දැන් ඔයාට යන්න තියෙන ගමනේ මුදළ ගෙවන්න එකඟ වෙලා අනුමැතිය ඒකට දුන්නු ගමන්ම සහ ඔයාගේ ගිණුමෙන් ඒ ගාන එයාලා අයකරගත්තු ගමන්ම මෙම ස්කූටරය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා... ඊට පස්සේ ඉතිං ඔයාට කරන්න තියෙන්නේ මේකට නැගලා සාමාන්‍ය Auto ස්කූටරයක් පැදගෙන යන විදියට මාර්ග නීතිය අනුගමනය කරමින් යන්නයි... ඒ අතර ඔයාට යන්න ඕනිකරන මාර්ගය හරවන්න ඕනිකරන දිසාවන් මේ හැම දෙයක්ම මේ ස්කූටරයේ තියෙන තිරයෙන් පෙන්නුම් කරනවා වගේම අර ගූගල් නංගී ඔයාව හරියටම යන්න ඕනි තැනට මාර්ගය කියමින් එක්කරගෙන යනවා...

ඔයා දුන්නු ගමනාන්තයට ඒ කියන්නේ ඔයාගේ location එකට ගිය ගමන් හරියටම ඒ point එකේමදීම මේක නවතිනවා... ඊට පස්සේ මේක off වෙනවා... ආයේ හොරට අඩියක්වත් ඉස්සරහට යන්න බෑ... යන්න ඕනිනම් ආයෙත් location දීලා ඒකට හරියන මුදල ගෙව්වොත් තමයි මේක ආයෙත් on වෙන්නේ... ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේක පාර අයිනෙන් නවත්තලා ඔයා ආපු වැඩේට යන එකයි... එතනින් ස්කූටරයත් එක්ක ඔයාගේ තිබුණ ගණුදෙණුව ඉවර වෙනවා...

ඊට පස්සේ සමහරවිට ඔයාගේ වැඩේ ඉවරවෙලා එනකොට ඒ ස්කූටරය ඔයා නවත්තලා ආපු තැන නැතිවෙන්නත් පුළුවන්... ඒක වෙන කෙනෙක් වෙන කොහේට හරි අරගෙන ගිහිල්ලා තියෙන්නත් පුළුවන්...

ඉතිං ඊට පස්සේ ඔයාට ඔයා ආපු තැනට ආයෙත් යන්නේ කොහොමද...? ප්‍රශ්ණයක් නෑ ඔයාට තියෙන්නේ ආපහු ඇප් එකෙන් ළඟම තියෙන ස්කූටරයක් සර්ච් කරන එකයි... බයවෙන්න දෙයක් නෑ... ළඟ... ළඟ... ඕනතරම් බඩු හොයාගන්න තියෙනවා...

මේකේ හයර් ගාස්තුව හරිම අඩුයි... ඒ වගේම මේ ස්කූටර් නවත්තලා තියෙන තැන් company එකට monitor කරන්න පුළුවන්... මේ හැම එකකම GPS වැඩකරනවා... ඒ වගේම බැටරි බැහැපු ස්කූටර මොනිටර් කරලා ඒවාට බැටරි replace කරන්න වෙනමම මොබයිල් සර්විස් එකකුත් මෙයාලගේ ක්‍රියාත්මක වෙනවා...

ඉතිං බලන්න අළුත් වෙන ලෝකයේ තාක්ෂණයත් එක්ක ප්‍රවාහනය කොයිතරම් දියුණු වෙනවද කියලා... තාක්ෂණය දියුණු වෙනකොට හැම දෙයක්ම දියුණු වෙනවා... ඒක ප්‍රවාහනයටත් අදාලයි... යල් පැනගිය හයර් ක්‍රම වලින් මිනිස්සු දැන් මිදෙනවා...

- ධම්මික සමරතුංග -
...

20/10/2025

එය නිව්යෝර්ක්හි නගරයට හිම වැටෙන රාත්‍රියක් විය... තම සහායක පොලිස් නිළධාරිනිය සමඟ මාර්ගයේ සේවයේ නියතුවී සිටි ලෝරන්ස් ඩිප්‍රිමෝ එහෙමත් නැත්නම් "ලැරී" කියන මේ පොලිස් නිළධාරියා පදික වේදිකාවේ පාවහන් යුගලක් නොමැතිව සීතලේ බිම වාඩි වී සිටින මිනිසෙකු දුටුවේය... ඔහුගේ පාද සීතලට ඉදිමී පදික වේදිකාව මත පතිතවී තිබිණ...

මිනිසුන් මේ මිනිසාව දැක දැකත් ඔහුව පසුකර යන අතරතුර, ලැරී ඔහු ළඟ නතර විය... ඔහු එම අසරණයා අසල දණ ගසාගෙන, ඉතාමත් මෘදු ලෙස ඔහුව ඇමතුවේය... "කෝ ඔබේ සපත්තු දෙක...?"

මිනිසා ඔහු දෙස බලා මදක් සිනාසුණේය. "මට කවදාවත් සපත්තු ජෝඩුවක් තිබුණේ නැහැ..."

මොහොතක් ඔහු දෙස බලාසිටි ලැරී අසල වෙළඳ සැලට දිව ගොස්, ඔහුගේම මුදළින් අලුත්ම සපත්තු සහ ඝන මේස් යුගලක් මිලදී ගෙන පැමිණියේය... ඒ මිනිසාට ඒවා පැළඳීමට ලැරී උදව් කළේය... "මේවා අද රෑ වගේම මේ ශීත ඍතුව පුරාවටම ඔබව උණුසුම්ව තබා ගත යුතුයි," ලැරී පැවසීය... කඳුළු පිරුණු අසරණයාගේ දිළිසෙන ඇස් ඉහළට එසවී ලැරී දෙස බැලුවේය... "දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරයි..." ඔහු මුමුණමින් කීවේය...

ඔවුන් අසල සිටි ලැරීගේ සහායික පොලිස් නිළධාරිනිය එම මොහොත ඡායාරූප ගතකර සමාජ මාධ්‍ය වෙත නිකුත්කළ අතර, ඡායාරූපය වෛරල් වී ලොව පුරා මිලියන ගණනක් මෙය නරඹා තිබුණි...

එවැනි උදව්වක් කළේ ඇයි කියා ඔහුගෙන් ඇසූ විට, ලැරී සරළව පැවසුවේ, "ඒක විශේෂ දෙයක් නෙවෙයි... මම උදව්වක් අවශ්‍ය කෙනෙක් දැක්කා... එච්චරයි..."

- ධම්මික සමරතුංග -

Want your public figure to be the top-listed Public Figure in Hamilton?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Hamilton
3200, 3204, 3206, 3210, 3214, 3216