Mohan Raj Madawala

Mohan Raj Madawala

Share

10/06/2026

පොකුණ ගොඩ කරාට පස්සෙ අර පීන පීන හිටපු මගුරට මොකද වෙන්නෙ..??

එහෙත් එයට පිළිතුරු දුන්නේ යසෝ නොව උපුලීය.

ඌට වෙන පොකුණක් හම්බ වෙයි.ඒ වගේ සමහර මාළු ඉන්නව, මොන ඇම දැම්මත් මරණව තියා හිතන්නවත් බැරි...

අම්මාගේ නහර පොපියන මුහුණ දෙස බලා කාශ්‍යප තවත් කිසිවක් ප්‍රශ්න කළේ නැත.

නිල් කට්රොල් - පිටුව 161

Photos from Mohan Raj Madawala's post 29/05/2026

Navo Wickramasinghe ගේ සටහනක් **

සෑහෙන කාලෙකට පස්සේ පරණ පුරුද්දකට පණ දෙන්න ඕන කියලා හිතුණ නිසා හිමීට පටන් ගත්තා ආයෙම පොත් කියවන්න. කාලෙකට කලින් මලානික වෙලා ගිහින් තිබ්බ ඒ පුරුද්දට පණ දෙන්න බාහිරි⁣න් පුංචි බලපෑමක් නොතිබුනාම නෙවෙයි.
කොහෙමෙන් කොහොම හරි මේ අවුරුද්දේ book fair ගිහින් ගත්තු පොත් අතරින් මේ පොත සුවිශේෂී වුණා කියන්නත් බෑ. ⁣මොකද මොහාන් රාජ් මඩවලගේ පොත් කියවන එක මට එ් තරම් ආගන්තුක නොවුණේ ලොවීනා, ආදරණීය වික්ටෝරියා,බෝදිලිමා නිල්කටරොළු කියන පොත් කිහිපයක් මම A/L කාලේ ඉඳලම කියවලා තිබුණ නිසා.
⁣"Toxic" පොත ඇතුළෙත් කලින් කියවපු පොත් ඇතුළේ තිබුණු ලිංගිත්වය මුසු ෆැන්ටසියක් තිබුණා කිව්වොත් මම වැරදි නැති වෙයි. නමුත් කලින් පොත්වල නොතිබුණු වෙනස්ම රහක් වෙනස්ම මුහුණුවරක් toxic කතාව තුළ අන්තර්ගත වුණු බව මට දැනුණා.
කතාවේ ආරම්භක පරිච්ඡේදයයි , අවසන් පරිච්ඡේදයට කලින් ඒ කිව්වේ 16වන පරිච්⁣ඡේදයයි ඇතුළේ තිබුණේ එකම සිද්ධිය පිළිබඳව දිඟුවක් සහ ලුහුඬක් කියලයි මගේ කියවීම. පොතක් ඇතුළේ එකම සිද්ධි දාමයක නැවත මතු කිරීම කොතරම් දුරට සාර්ථක ද කියන කාරණාව මම හරියටම කියන්න දන්නෑ.
නමුත් මේ කතාව ඇතුළේ කතාවේ සාරාංශය මතු කරන්න නැවත පෙර සිද්ධි දාමය මතු කරන එක එකකට එකක් කතාව ගැළපීම⁣ට දරපු උත්සහය සාර්ථකයි කියන තැන මම 80%ක වගේ ඉන්නවා. ඒ හැරුණාම කතාවේ ගලා යාම සම්බන්ධව සෑහීමකට පත් වෙන්න පුළුවන්.
නමුත් මට තේරෙන්නැති එකම දේ තමා අහිංසා ඇත්තටම මේඝව විවාහ කර ගත්තද නැත්නම් අහිංසා මේඝව විවාහ කරගත්තා කියලා හිතලුවක් මවන් ජීවත් වුණාද කියන දේ .
මොකද කතාව අවසානෙයේ දී අහිංසා සහ දේදුණු අතර හුවමාරුවෙන කෙටි පණිවුඩය ඇතුළේ මම අවසානෙට නතර වුණේ ඔන්න ඔය කියන නිගමනයෙන්.
අහිංසාගේ චරිතයට සමාන චරිත ඕන තරම් අපි අතර ඉන්නවා. ඇත්තටම ගර්භ විස සහිත මිනිස්සු විවිධ විදිහට අපේ ජීවිත ව⁣ටා සැරිසරනවා. අතිශය කාරුණිකව කාලයක් අපි එක්ක කුළුපගව කාලය ගෙවන මිනිස්සුම යම් තැනකදී ඒ කරුණාවන්ත බව මුසු කරගත්තු ගර්භ විසකින් අපි ඉදිරියේ පෙනී සිටිනවා.
මට අනුව නම් එහෙම මිනිස්සු තමා අතිශය භයානක. අහිංසට Toxic වෙන්න මට අනුව නම් හේතු තිබුණා. නමුත් Toxic වීම කියන කාරණාව අපි හැමෝම අතරේ අඩු වැඩි වශයෙන් තියන එක්තරා විදිහක මිනිස් ගුණයක් (හරිම වචනයක් කියන්න දන්නෑ මම) විදිහට සලකන්න පුළුවන්.
මොකද යම් යම් අවස්ථාවන් ඇතුළේ යම් යම් ⁣සිද්ධි තුළ තමන් තමන් වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයි හැගෙන අවස්ථාවල , මගේය කියන හැඟීම මතුකරන අවස්ථාවල අර මම කියපු කරුණාවන්ත ගති ලක්ෂණ තියන මිනිස්සු තුළ තියන toxic බව දකින්න පුළුවන්.
එහෙම අවස්ථාවලට මම පුද්ගලිකව මගේ ජීවිතේ ඇතුළේ මුහුණ දීලා තියනවා සහ මමත් යම් අවස්ථාවල එහෙම හැසිරිලා තියනවා කියන දේ මටත් දැනිලා තියනවා.
පොතේ ඇති කතාව අකුරුත් එක්ක වචන ගළපගෙන ඉස්සරහට කියවන් යද්දි හැඟීම් විවිධ විදිහට වෙනස් වෙන විදිහ හරි අපූරුයි . කිසිම දවසක කිසිම රූප මාධ්‍යයකට කරන්න බැරි බොහොම බරට පොතකට තියන හැකියාව තමයි පරිකල්පනය කියන්නේ.
ඉතිං මට අනුව කතාව මගේ මනසේ චිත්‍රයක් විදිහට මවාගෙන යද්දි ඒ ඒ සිදුවීම අඩුත් නැති වැඩිත් නැති විදිහට මගේ හැඟීම් එක්ක මට මුහුකරන්න පුළුවන් වුණු නිසා මම කතාව රසවින්දා. ඇත්තටම ෆැන්ටසියක් තිබුණා.
හේතුව සමහර පරිච්⁣ඡේදවල නිමාව මගේ මවා ගැනීමට පවා බාධකයක් වුණා. එ් කොහොම වුණත් කතාව ඇතුළේ පරිච්⁣ඡේද දෙකක ඇතුළත් වුණු අහිංසගේ දැක්මක් , කියවීමක් මගේ හිතට කා වැදුණා.
07වෙනි පරිච්ඡේදය ඇතුළේ එක තැනක අහිංසා මෙහෙම හිතනවා,
" ඒත් මං අන්තිමට තීරණය කළා අවදානමක් ගන්න. මට ඕන වුණේ එක තැන නතරවෙලා තියෙන ජීවිතයක් නෙමෙයි . මාවත් අරගෙන හැල්මේ දුවන ජීවිතයක්. එහෙම හැල්මේ දුවන්න නම් අවදානමක් ගන්න ඕන. එහෙම අවදානමක් නැතිවුණාම තමයි ජීවිතේ වුණත් එකම තැනක නතරවෙලා කම්මැළිකමට නිදා කිර කිර ඉන්න පුරුදු වෙන්නෙ."
ඊළඟට 09වෙනි පරිච්⁣ඡේදය ඇතුළේ අහිංසා මෙහෙම කියනවා,
" මගේ මුල්ම ආදරේ බිඳිල ගියාට පස්සේ මට ඕනි වුණේ තනියෙන් ඉන්න. හැමෝගෙන්ම ඈත්වෙලා හුදෙකලා වෙන්න. හිතවත් යාළුවෝ කීප දෙනෙක් මට හිටියා තමයි. ඒත් ඒ කවුරුවත් මට ගොඩක් හිතවත් වුණේ නෑ. ඒ නිසා ආදරය වගේ මාතෘකා මං ඒගොල්ලො එක්ක කතා කරන්න ගියේ නෑ............. ඇත්තටම අපේ හොඳම යාළුවෝ වෙන්නෙ අපේ හිතේ හිරවෙලා තියෙන අාද⁣රේ බෙදාගන්න අය. නැත්නම් අපේ හිතේ තියෙන වනචරකම් විනිශ්චය කරන් නැතුව බෙදාගන්න අය. "
මේ උපුටන දෙකම මගේ ජීවිතේට බොහොම සමීපයි. අහිංසා මේ දේවල් හිතන්නේ එයා එක්කමයි. එතනදී නම්, අහිංසටයි මටයි තියෙන්නේ එකම කියවීමක්.
කාලෙන් කාලෙට ජීවිතේ මාරුවෙනවා. ඒ මාරුවීම ඇතුළේ තියනවා හුවමාරු වීම් කියලා ජාතියක්. ඔය හුවමාරු වීම් කියන තැනදී වෙන්න පුළුවන් නරකම සහ හොඳම හුවමාරුව තමා සිතිවිලි , අදහස් හුවමාරුව. නිශ්චල දේපළක් විදිහට පවතින මේ ⁣සිතිවිලි , අදහස් ගොඩක් වෙලාවට බොහෝම චංචලයි. ඒ චංචල අදහස්, සිතුවිලි ක්‍රියාවට නැංවුණු තැන ජීවිතේ ⁣සංකීර්ණයි.
සංකීර්ණ බව පියවි සිහියට නියඟලා වගේ. ඉතිං එහෙම පුද්ගලයෙක්ගේ සිතිවිලි විස සහිත වීමට ඇති ප්‍රවණතාවය හරි වැඩී.
එ් කොහොම වුණත් මගේය, මටය, මාහටය , ම⁣ට පමණී යන වචන කවදත් ගර්භ විස සහිත බව කීම වරදක් නැති බව සිතමි.
පොත් කියවන්න කැමති මඩවලගේ කතා ශානරයට කැමති අයට ආරාධනා කරනවා පොත කියවන්න කියලා.

Photos from Mohan Raj Madawala's post 25/05/2026

රැයක් @ Auckland

22/05/2026

Roshani Akshala ගේ සටහනක් **

මොහාන් රාජ් මඩවලයන් කියන්නෙ කිසිවෙකුගෙ ලේඛන හැකියාවකට සමකළ නොහැකි උගත් ගත් කතුවරයෙක් කියන්නෙ නිකන් නෙවෙයි කියලා කියන්න ඔහුගේ මෙතෙක් පළ වූ සෑම නිර්මාණයක් ම හොදම සාක්ෂි දරයි.ඇත්තටම ඒ නිර්මාණ සියල්ලක් ම ඔහුට ම ආවේණික විලාසයක් දැරීම අපූර්වත්වයකි.රියැලිටිය , ෆැන්ටසිය කරන මේ අපූරු කතුවරයා රචනයට මහත් වෙහෙසක් දැරූ බව එහි සෑම බිම් අගලක ම ඇති අකුරක් අකුරක් පාසා සාක්ෂි දරයි.
මුළු කතාව පුරාටම කොටසකින් කොටසකට කුතුහලය ගෙන යාම කතාව තුල මම දැකපු හරි අපූරු සිද්ධියකි.එය රැකගැනීමට මොහන් රාජ් මඩවලයන් දැරූ ප්‍රයත්නය සුළු පටු නොවේ.
සෑම චරිතයකට ම පණ දුන් ආකාරය බලන කල්හි , අතිශය තාත්වික රූප රාමු මවමින් කොටස් ගණනාවක් රචනය කරන්න අවශ්‍යය ඉවසිලිවන්තභාවය මඩවලයන් තුළ ගොඩනැගුණු අපූරුව පුදුමයට කරුණක් නොවන බව කිව යුතුමය.ද්ක්ෂ කතුවරයෙක්ට එය ඉතාමත් සාමාන්‍යය දෙයක් බව ඔහු මනා ලෙස පෙන්වා ඇත.
මිනීමැරුමක් සිදුනොවෙමින් එය සිය දිවි හානි කරගැනීමක් බව මොනවට පසක් කරමින් , මංජුල නම් පුද්ගලයාව නිදොස් කොට නිර්දෝෂී කිරීම ම හරි අපූර්වතම සිද්ධියකි.එකකට එකක් සිද්ධි දාමයන් දම්වැලක පුරුක් වගෙ ගෙතිලා තිබීම ම රසවින්දනයට මහත් රුකුලක් බව කිව යුතුම ය.
" සැබෑ අඹු සැමියන් සිටින්නේ
එක ගෙදරක එක ඇදක නොව ,
ගෙවල් දෙකක ,
නැතිනම් ග්‍රහලෝක දෙකක ,
ඔවුන් එකිනෙකා වෙත ළංවන විට
ඔවුහු තේරුම් ගත්හ.
එසේම
දෙතැනක බව
ගිනි ඇවිළී දෙදෙනාම
විනාශ වෙන්නට ඉඩ ඇති බවත් ,
ඈතින් සිටින විට
හැමදාම ගිනි ඇවිළෙමින්
විනාශ නොවී පැවතිය හැකි බවත්
ඔවුහු තේරුම් ගත්හ. "

Want your public figure to be the top-listed Public Figure in Auckland?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Auckland