Friends CC
05/09/2022
TeamWork.. Like Friends CC 😍♥️💪
04/09/2022
Finally We Won The 1st Quarterfinal Match Of GDCA Division iii (50 Over) Tournament & Also We Are Qualified To Semi Finals 😍💪
ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනය මඟින් පවත්වනු ලබන Division iii (50 Over) තරඟ මාලාවේ ප්‍රථම අර්ධ අවසන් පූර්ව තරඟය අප Friends ක්‍රිකට් සමාජය අතිවිශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කළ අතර අපගේ Friends ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව තරඟයට තේරී පත්විය. 🤩
අපගේ මෙම අර්ධ අවසන් පූර්ව තරඟය ඇන්තෝනියන් ක්‍රීඩා සමාජය සමඟ අද(04) කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැත්විය. මෙහිදී කාසියේ වාසිය දිනූ අප Friends ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර පන්දුවාර 45ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 235ක් රැස් කිරීමට සමත් විය. කලකට පසු ආරම්භක පිතිකරණයට එක්වූ උදේශ් සංයමයකින් යුතුව 62(84) ක් හා නැවත වරක් තම වගකීම මනාව ඉටුකරමින් සචින් 41(53) ක් ලබාගැනීමට සමත් විය. එසේම කණ්ඩායමේ බරකරට ගනිමින් හුදෙකලා සටනක නිරතවෙමින් දැවැන්ත 6 පහරවල් 5ක් සමඟින් නොදැවී 65*(59) ක් ලබාගැනීමට අප කණ්ඩායම් නායක Irshad ට හැකිවිය. 🏏
පිළිතුරු ඉනිම ලෙස ඇන්තෝනියන් කණ්ඩායමට පන්දු වාර 34ක් තුළ සියල්ලන් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 146ක් පමණි. පන්දු යැවීමේදී ප්‍රතිවාදී පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් අප Friends CC වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටුකරමින් විරාජ් කඩුලු 4ක් හා මිලින්ද කඩුලු 3ක් බිඳ හෙළීමට සමත්විය. 🏏
මෙහි අවසන් ප්‍රථිඵලය වූයේ අප Friends ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 89ක පහසු ජයක් හිමිවීමත් සමඟ Gampaha District Division iii තරඟමාලාවේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමයි... 😍🏏💪
Best Batsman - Irshad Hussain
Player Of The Match - Viraj Lilantha
අප Friends ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියට පැවැත්වෙන තරඟද ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු!!!
-𝗧𝗲𝗮𝗺 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗙𝗿𝗶𝗲𝗻𝗱𝘀 𝗖𝗖-
😍🏏♥️💪
🏏💪
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Wattala-Mahara Road, Hunuptiya South
Wattala
11600