Enjoy Life

Enjoy Life

Share

14/12/2025
15/11/2025

රටටම ආඩම්බරයක්...

07/08/2025

බට්ටාගේ කතාව....❤✌
දිනක රාත්‍රි අදුර වැටීගෙන එන වේලාවක කඩමංඩිය වෙත යෑමට මා පිටත් විය. බොරළු පාර පාරට සම්බන්ද වන හංදියේ කොළු ගැටවුන් රංචුගැසී සිටියේය. එකෙකු සෝකාකූල අයුරින් වැටකට හේත්තුවී සිටිනු මා දුටිමි. රැස්වූවන්ට සුහදත්වය පෑ මා වැටට හේත්තුවී ශෝක ජවනිකාවක් රගදක්වන්නේ කවුරුන්දැයි විමසිලිමත් විය.
මදක් ඔහුට ලංවත්ම හදුනාගත හැකිවිය.
ඔහු " බට්ටා " අපි හදුන්වමු. මුහුණ බිමට හරවා වැටට හේත්තු වී කදුළු සලමින් සිටි ඔහු ජංගම දුරකථන අතෙහි රුවාගෙන ඉයර් ෆෝන් එකද කනේ ගසාගෙන සිටියේය. බට්ටාට ලංවත්ම
" ආ අය්යෙ " යනුවෙන් පවසා කෙලින් වූ මුත් බිම ඔහු තාම බිම බලාගෙනය.
" උඹට පිස්සුද යකෝ මේ රෑ ගොම්මනේ වැටවල් අස්සෙ බලපං එහා කෑල්ල මාන ලන්ද මෙහෙ පොළොං විමානෙ ඇදල ඇරියොත් එපා කියන්නද " මා ඔහුට බැන වැදිනි.
බට්ටා නිහඩය. ඔහුගේ මවද දිනෙක මා හමුවූ විටෙක මෙසේ පවසා තිබුණි
" මයෙ පුතේ මේකා මොනවහරි නොසංඩාල වැඩක් කරොත් දෙකක් දීල මටත් කියන්ඩ ඕනෙ "
මව පැවසුවද නොපැවසුවද කිනම් වදනින් බැන්නද බට්ටා කිසිදිනෙක මා හා උරන නොවෙති.
" අනේ සොරි අයියා මට ගානක් ගියෙ නෑ "
ඔහු පැවසීය.
" ගානක් කොහෙද තෝ හොඳටම බීල නේද "
යනුවෙන් මා පැවසීය.
" අනේ අයියා ඔයා එනව දැක්කා බීල හිටපු හිංද කතා කරේ නෑ හරිනෑනෙ එහෙම "
ඔහු ගොත ගසමින් පැවසීය.
" මොකෝ බං මේ උඹ අඩල අම්ම නෙළුවද නැත්තම් කවුරු හරි මොනාහරි කීවද..? "
මා ඇසීමි
" කවුරුත් මොකුත් කීවෙ නෑ අයියා "
යැයි පැවසූ බට්ට නැවතත් කල්පනාවේ නිග්මින.
" එහෙනම් අහවල් එකක් වෙලාද "
මා පෙරලා ඇසීමි.
හැගීම්බර වූ බට්ටා තවත් නිහඩය. සුසුමහෙලා හිත හදාගත් බට්ටා
මෙසේ පැවසීය.
" මේ සමාජෙ අයියා "
" ඔව් මේ සමාජෙ මොකද " මා ඇසීමි
" මේ සමාජෙ හොඳ නෑ අපිව පිලිගන්නෑ "
ඔහු පැවසීය.
"අනේ.. මේ... මිනිස්සු එහෙම තමා මටත් අකමැති මිනිස්සු ඕන තරම් ඉන්නව හැමෝටම හැමෝම කැමති නෑ.අනික අපි උඹලව දැකහම කතා නොකර ඉදල තියෙනවද පංසලක වැඩක් තිබ්බත් උඹට කතා කරනවා. ඕව නොබී හිටපිය එතකොට පිලිගනී "
මා තරමක සැරෙන් පැවසීය.
" ඔයාට ගොඩාක් දේවල් තේරෙනව තාම මේක තේරෙන්නෑ අයිය. ඔයාට හැමෝම කැමති අපිට වගේ නෙමේ පොඩි ලොකු කියල වෙනසක් නෑ අපේ අම්ම අපිට වඩා ඔයාට කැමති ගොඩාක් මිනිස්සු එහෙමයි. ඒත් අපිට එහෙම නෑ ඔයාටත් තනි උන දවසක් ආවම තේරෙයි. ඔය හොඳින් හිටියට මිනිස්සු විස්වාස කරන්ඩ එපා අයියා.
ඔයා ගොඩාක් අයට උදව් කරනව හොඳින් කතා කරනව ඒත් මතක තියාගන්න ඔයාට බැරි උන දවසට කවුරුත් නෑ හිත හොඳ මිනිස්සු ඇරුනම. ඔයා මිනිස්සුන්ට උදව් කරන්න හොඳින් ඉන්න ඒත් මේ ටික මතක තියාගන්න..." යනුවෙන් බට්ටා මට දේශනයක් කලේය.
මදුවිත තොල ගා සිටියද බට්ටා ගේ කතාව තුල යමක් ඇති බැව් මට වැටහුණු හෙයින් ඔහුට කතානායකයා වීමට ඉඩදී මා බලා සිටියෙමි. ඔහුගේ කුඩා ජංගම දුරකථනය පිරික්සා ඉක්බිති මා වෙතට හැරුනු බට්ටා " ඔයාට හරියන්නෙ මේ සිංදුව මේක අහන්න අයියා මම ඔයාට කියන්න හදන දේමේ සිංදුවේ තියෙනව ඔයාට එතකොට මොනව කරත් මිනිස්සු තේරුම් වැඩකරන්න පුලුවන් " යනුවෙන් පවසා ඔහුගේ ඉයර් ෆෝන් එක සහ ජංගම දුරකතනය මට දුන්නේය.
එදින මා ජිවිතේ පලමුවෙනි වතාවට නංදා මාලනී මහත්මියගේ
" පූජාසනයේ ඔබ හිදුවා " ගීතය රසවිඳේය. එපමනක් නොව එම ගීතයේ ඇතු වැදගත් කම සහ බට්ටා විසින් මට ඉගැන්වූ පාඩමේ ගැබුර පිලිබද වැටහීමක් ඇතිවිය. මෙය කෙතරම් වැදගත්ද කෙතරම් සත්‍යක් මෙහි ඇද්ද..? අලාභ , අයස, දුක , නිංදා යන කාරනා පමනක් නොව. ලාභ, යස , සැප , ප්‍රසංසා වලදීද වඩාත් සැලකිලිමත් විය යුතු නොවේද ?
අද දින බට්ටා විසින් මිනිසුන් සමග කටයුතු කිරීමේදී අතිශයින්ම වැදගත් පාඩමක් ඉගැන්වූයේ නොවේදැයි මට හැගුන.
" අයියා මොනවද කල්පනා කරන්නෙ "
බට්ටා නිහැඩියාව බිංදේය.
" මල්ලි උඹ මං හිතුවටත් වැඩිය හොඳ මනුස්සයෙක්නෙ මේ වගේ සිංදු තව අහනවද"
යැයි මා ඔහුගෙන් ඇසීමි.
ඔව් අයියා ගොඩාක් සතුටුයි ඔයා හොඳයි කීවනේ. ඒත් ඇයි අයියා එහෙම කියන්නෙ"
බට්ටා ඇසුවේය.
" මේ වගේ සිංදු අහන්න ඒව තේරුම් ගන්න තවකෙනෙකුට තේරුම් කරල දෙන්න හැමෝටම බෑ ඒකට හොඳ රසාස්වාදයක් තියෙන්න ඕන ඒක උඹට තියෙනව මටත් වඩා හොඳින් " යැයි මා පැවසීය.
එකෙනෙහිම බට්ටාගේ මුහුණ සතුටින් පිරීයනු ලයිට් කනුවේ ඇති පහන් ආලෝකයෙන් මා දිටීමි. ඔහුගේ වෙරි සිදී ගියාක් මෙන් මට දැනුනි. දුක් සෝ තැවුල් තුල කිමිදී සිටි බට්ටාගේ දෑසින් සතුටු කදුළු ගැලුවේ සතුටු සයුරක් ගිලෙමිනි. ඉක්බිති බට්ටා මෙසේ පැවසීය.
" අයියා මේ බලන්න "යැයි පවසමින් ඔහුගේ ජංගම දුරකථනයේ ඇති ගීත නාම ලේඛනය පෙන්වීය. එහි නංදා මාලනී මහත්මියගේ ගීත වලින් පිරී තිබුණි.
" අයියා මං ඉස්කෝලෙ ගියාට ඉගනගන්නෙ නෑ ඒ වුනාට මේ සිංදු අහල මං සමාජෙ ගැන ඉගන ගන්නවා මම අහන්නෙ නංදා මාලනී මහත්මියගෙ සිංදු ඒවගෙ ගොඩාක් දේවල් තියෙනව අපි වගේ උන්ට ඉගනගන්න " යැයි ඔහු පැවසීය.
" හරි මට ඔය සිංදු ටික ඕනෙ. උඹ පිස්සු කෙලින්නැතුව හිටපං බලපං උඹට කොච්චර හොඳින් ඉන්න පුලුවන් ද.. ගොඩාක් ස්තූතියි මම ලොකු දෙයක් ඉගන ගත්තා යනුවෙන් මා පැවසූ මා කඩමංඩිය දෙසට හැරෙනු වෙනුවට නිවස දෙසට හැරුණි.
" එකෙනෙහිම බට්ටා ඇයි අයියා කඩේ යන්නැද්ද " යැයි විමසීය.
" මට දැං ගෙදර යන්න ඕනෙ උඹ නිමාඩු පාඩුවේ මට සිංදු ටික ගෙනත් දීපං " යනුවෙන්
මා පැවසමින් පිටත් විය. එම ගීතයත් බට්ටාගේ පාඩමත් පිලිබද නේක සිතුවිලි වල නිග්මෙමින් මා නිවසට පිය මැන්නේය.
පසුදි උදැසනම නිවසට පැමිනි බට්ටා දුටු මම
" සුභ උදැසනක් වේවා ! " යනුවෙන් පැවසීය.
ඉතාමත් සතුටින් යුතුව පෙරලා සෙත් පැතූ ඔහු මෙසේ පැවසීය.
" අයියෙ සිංදු ටික දාගන්න " යනුවෙන් පැවසීය.
මේ සිදුවීම සිදුවන කාලවකවානුවේ අප ප්‍රදේශයේ පරිඝණකයකට තිබුණේ මා සතුව පමණකි. එය එසේ උව පෞද්ගලික භාන්ඩයක් නොවිනි. එය සැමගේම පරිඝණකය විය. එහෙත් ගීත ගබඩා කරගත හැකි ජංගම දුරකථනයක් මා සතුව නොතිබිණි. එවැන්නක අවශ්‍යතාවයක්ද මට නොවිනි. ගීත ටික පරිඝණකයට කොපි කර ගත් පසු බට්ටා පිටත් වීමට සැරසුණි. ඊට ප්‍රතම බොහෝ වේලා සිරකරගෙන සිටු යමක් මෙන් මෙවදන් ඉතාමත් හැගීම්බරව මට පැවසීය.
" අයියෙ මම ආයෙ පිස්සු කෙලින් නෑ හමුදාවට යනවා වයස හරිගියාම කාටවත් කියන්න එපා ඔයාට විතරයි කීවෙ තාම කාටවත් කියල නෑ අම්මට කීවෙත් නෑ බුදුසරණයි " යනුවෙන් පැවසූ බට්ටා නික්මිනි.
එයින් පසු අදවනතෙක්ම බට්ටාගේ පාඩමෙන් මා බොහෝ අවස්තාවන් සදහා ඉතාමත් සාර්ථකව මුහුණ දුනි. ප්‍රසංසා ඇගයීම් පිලිබද කෙදිනකවත් වත් වැඩි ගනන් ගැනුමක් නොමැති මා හට මේ වදන් තුලින් තවත් පන්නරයක් ලැබීය. ලංකාවේ විවිධ ප්‍රදේශ වල සහ විවිධ රටවල විවිධ අය සමග ගනුදෙනු වීමේදී. සෙත සැදූවෝ එහෙරෙහි වුනි. නිබද සත්භාවයෙන් උපකාර කලද ඇතැමෙකු වතුර වීදුරුව තුල වුව කිඹුලන් දුටුවේය. ලංව සිට අයගෙන් විවිධ වෙනස් කම් මෙන්ම කෙනෙහිලිකම් වලටද ඇතැම් අවස්තාවල ලක් විය. එහෙත් ඒ පිලිබද පූර්ව කියවීමක් මා බට්ටාගේ පාඩමෙන් ලද හෙයින් ඉතාමත් සාර්ථකත්ව එම අවස්තාවන්ට මුහුණ දුනිමි.
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා
ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැනුමත් ගීයක්වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ
කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඩා වැටේ
අතමිට හිඟවී බෙලසුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ
"සෑම හමුවීමක්ම අපූර්ව පාඩමක් "
Nadeeshaan kariyawasam
නදීෂාන් කාරියවසම්

Want your business to be the top-listed Computer & Electronics Service in Slave Island?
Click here to claim your Sponsored Listing.

Website

Address


Slave Island