Kabulumulla Devalaya

Kabulumulla Devalaya

Share

19/07/2025
18/07/2025

විකල්ප මාර්ග..

18/07/2025

යටියන්තොට පොලිස් වසමේ කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ මෙවර ඇසල පෙරහර 2025.07.18 වන දින රාත්‍රී 08.00 සිට පසු දින අළුයම 01.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතය.

පෙරහර දේවාලයෙන් අරම්භ කර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කරවනැල්ල නගරය දක්වා ගමන් කර, කෑගල්ල අවිස්සාවෙල්ල මාර්ගයේ කෑගල්ල දෙසට මීටර් 300 ක් පමණ ගමන් කිරීමෙන් පසු වැන්දල විහාරස්ථානය අසලින් හරවා එම මාර්ගයේම නැවත කබුළුමුල්ල දේවාලය වෙත පැමිණීමට නියමිතව ඇත.

පෙරහර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමේදී ඇතිවිය හැකි රථවාහන තදබදය හේතුවෙන් එම කාලය තුල විකල්ප මාර්ග භාවිතා කරන මෙන් දැනුම් දෙන්නෙමු.

විකල්ප මාර්ග
• හැටන් දෙස සිට අවිස්සාවෙල්ල දෙසට ගමන් කරන වාහන යටියන්තොට නවට හංදියෙන් දකුණට ඇති පරුස්සැල්ල පනාපිටිය මාර්ගයේ වරාවල හංදිය දක්වා ගමන් කර, වමට හැරී කෑගල්ල අවිස්සාවෙල්ල ප්‍රධාන මාර්ගයේ කරවනැල්ල හංදිය දක්වා ගමන් කර දකුණට හැරී අවිස්සාවෙල්ල දෙසට ගමන් කළ හැකිය.

• කොළඹ දෙස සිට හැටන් දෙසට ගමන් කරන වාහන කරවනැල්ල හංදියෙන් වමට හැරී කෑගල්ල අවිස්සාවෙල්ල ප්‍රධාන මාර්ගයේ වරාවල හංදිය දක්වා ගමන් කර, දකුණට හැරී බුලත්කොහුපිටිය මාර්ගයේ පනාපිටිය හංදිය දක්වා ගමන් කර, දකුණට හැරී හපුගම්මන පරුස්සැල්ල මාර්ගයේ නවට හංදිය දක්වා ගමන් කර ප්‍රධාන මාර්ගයට පිවිස වමට හැරී හැටන් දෙසට ගමන් කළ හැකිය.

This year's Esala Perahera at the Kabulumulla Rajamaha Patthini Devalaya in the Yatiyantota Police Division is scheduled to take place on 18.07.2025 from 08.00 pm to 01.00 am the next day.

The procession is scheduled to start from the temple and will travel along the Hatton-Colombo main road to Karawanella town, then travel about 300 meters towards Kegalle on the Kegalle-Avissawella road, then turn around near the Wandala temple and return to the Kabulumulla temple on the same road.

#මේ_ඔබේ_පොලිසියයි

Want your organization to be the top-listed Non Profit Organization in Ruwanwella?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Kabulumulla
Ruwanwella
71300