Big Leap

Big Leap

Share

20/10/2024

As a girl you should be confident
for your own work————❤️

Believe your confidence and face all the cahllanges happly in your life...

22/12/2023

හයියෙන් අල්ලන් ඉන්න.. ඔයාට පුලුවන්..

22/10/2023

අස් කරන එක කරදරයක් උන අයට... 🤔👀

හායි ළමයි...
ඉතින් කොහොමද ඔයාලට..

ඔන්න ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුන පොඩි tips ටිකක් අරගෙන ආවා..

මම දන්නවා ගැහැනු ළමයි කාමරය අස් කරන්න කියලා ඔක්කෝම ඇදගෙන ඉන්නවා.. ඉතින්.. විනාඩි 10න් ඔයාගේ room එක තිබුන විදියටම ගන්න පොඩි tips ටිකක් කියාගෙන යන්නම්... try කරලා බලන්න...

1. මුලින්ම ඔයා ඔයාගේ කාමරේ තියගන්න ඔයා ආස විදිය ගැන පොඩි idea එකක් ඔලුවට ගන්න ඕනි..

2. ඔයා ළඟ තියෙන, ඔයා use කරන හැම දෙයක්ම කාණ්ඩ කරන්න ඕනි.. clothes, shoes, bags, books like this..

3. ඊට පස්සේ ඒ දේවල් වලින් ඔයාට ඉක්මනට ගන්න ඕනී ඒවා ළඟින් තියෙන විදියට ඔයා ඒවා අස් කරන්න ඕනි..
(Party frocks වගේ දේවල් හැමදාම අදින්නේ නෑනේ ළමයි, ඒවා පරිස්සමින් අරන් තියන්න..)

4. ඔයාට අනවශ්‍ය සෙරෙප්පුවක්වත් තියාගන්න එපා.. අදින්නේ නැති ඇදුම් ඕනි තරම් ඔය අල්මාරියේ පුරවන් හිටියට වැඩක් නෑ ළමයි.. ඒවා කාට හරි දෙන්න, එහෙම නැතිනම් අයින් කරන්න. ( හොදම දේ ඔයාට අවශයම දේවල් විතරක් ගන්න පුරුදු වෙන්න, සල්ලිත් ඉතුරුයි, හිතටත් හොදයි.. 🙄)

5. ඔන්න වැදගත්ම tip එක තමයි ඔයා ඔහොම තෝරලා බේරලා ඔයා ළඟ තියාගන්න හැම දේකටම නියමිත තැනක් තියාගන්න.. (ඔයා දන්නවද මේකෙන් ඔයාගේ වැඩ පහසු වෙනවා, ඉක්මන් වෙලා කාලය ඉතිරි වෙනවා.. මොකද ඔයා දන්නවා ඔයාට ඒ ඕනි දේ ඒ අදාල තැන තියෙනවා කියලා.. ඒක ඔයාගේ මනසේ programme වෙලා තියෙන්නේ.. )

6. අපි හැමෝම කලබලේට දුවන දවස් තියේ.. එහෙම දවස් වලට ඔයාගේ කාමරේ හැඩි වෙනවා තමයි... ඒකට කමක් නෑ.. විනාඩි පහක් අරගෙන ඒ ඇදලා දාලා ගියපු දේවල් ටික ඒ අදාල තැනින් තියන්න විතරයි ඔයාට තියෙන්නේ... අදාල දේ අදාල තැනින් තියන්න.. එච්චරයි.. අස් කරන එක ඔයාට වදයක් වෙන්නේ නෑ එතකොට... 🦋

7. පුලුවන් තරම් ඔයා ළඟ තියෙන දේවල් අඩු කරන්න.. කාමරයට වෙලා ඉන්න ආස හිතෙන්නේ ඇස් ගැටෙන තැන් අඩු වෙනකොට.. ඒවා පිළිවෙලට තියෙනකොට. ඉතින් හරිම සරල විදියට ඔයාගේ room එක manage කරගන්න..

එහෙනම් ළමයි... ඔයාගේ ආදරණීය පුංචි පැටවුන්ට ඉන්න තැනක් හදලා දෙන්න... 🦋

ආදරේට ආදරෙන්...
මම ජයනි රත්නසේන..
Change your mind 👼🌹
Be relax...
Love you all ❤🦋🌹

02/03/2023

නිදහස් ගැහැනියක් වෙන්න...

ජීවිතය.., කෙල්ලෙක්ට, ගැහැනියකට හරිම බරයි... වගකීම් රාශියක් හිතේ තියාගෙන හැල්මේ දිවිල්ලක් තියෙන්නෙ.. ඒ දුවන පාර දිගේ ඇද හොයන මිනිස්සු, අඩුපාඩු කියන මිනිස්සු, කකුලෙන් ඇදලා වට්ටන්න හදන මිනිස්සු එමටයි... හිත රිදිලා රෑ කොට්ටේ අස්සේ ඇස් රතු කරගන්න ගැහැණු මේ ලෝකේ වැඩී. හැබැයි පහුවදාට මොකුත් නොවුන ගානට හිනා වෙන්නත් ගැහැණු දක්ශයි...

ගැහැනු ලෝකෙට මුහුන දෙද්දි හිත් හය්ය වෙනව... හරියට යකඩ වගේ.. ඒක ස්වාභාවදර්මයේන්ම තමන්ට දුන්න දෙයක්.. ගැහැනුන්ට බරක් උස්සන්න ශක්තියක් නැති උනාට රටක් හොල්ලන්න පුලුවන් තරම් බලයක් ගැහැනුන්ට තියෙනවා... හැබැයි ඒකට ඔයා නිදහස් ගැහැනියක් වෙන්න ඕනි...

හරි දේ කරනවනම්, තමන් තමන්ට අවංකනම් ගැහැණුන්ට වරදින්නේ නෑ... තැලෙන්න තැලෙන්න මුවහත් වෙන්න.. ජිවිතේ ලස්සන වෙන්නේ එතකොට.... තමන් සාදාරනයි නම් ස්වාභාවදර්මය ඔයා එක්කම ඉන්නවා... ඒ තමා ඔයාගේ ආරක්ශාව.. 🌱

100%ක් සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ නෑ.. හැබැයි වැරදි අඩුපාඩු හදාගෙන හදවතට එකගව හරි පාරේ යන්න තමන් උත්සහ කරන්න ඕනි.... ඒකෙන් ඔයාට ආත්මතෘප්තිය ලැබෙනවා... ඔයා ජීවිතේ ලබන ලොකුම ජයග්‍රාහනය ඒක..

කවදාවත් උත්සහය අතාරින්න එපා.. හීන දකින්න.. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න... දවසක් ඒවි.. ඔයා දැකපු හීන හැබෑවෙන... ඔයාගේ ආදරනීයන් ඔයා එක්කම සතුටු වෙන... ඔයාට ඕනි දේ ඔයාට ඕනි විදිහට කරන්න පුලුවන් වෙන නිදහස් ශක්තිමත් ගැහැනියක් වන්න...

Love you all
Change your mind be relax 🌱🌹
ජයනි රත්නසේන
#ජයනිරත්නසේන #හිතනිවනතැන

Want your public figure to be the top-listed Public Figure in Ruwanwella?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Ruwanwella