Knowledge Hub

Knowledge Hub

Share

04/10/2022

Android ගැන බිඳක්
නිදහස් අධ්‍යාපනයට පින් සිදු වෙන්නට 2022 දී අපේ රටේ සාක්ෂරතාවය 98.76% ක්. එය දකුණු ආසියාවේ ඉහළම අගයක් වගේම ගෝලීය මට්ටමින් ද ඉතා ඉහළ අගයක්. නමුත් එවන් රටක පරිගණක සාක්ෂරතාවය 34.3% ක්. එය දියුණු රටවල් හා සාපේක්ෂව ඉතාම පහළ අගයක්. එබැවින් මේ උත්සාහය තාක්ෂණික කාරණා ගැන ඒ හැටි දැනුමක් නොමැති කෙනෙකුට වුනත් අපහසුවකින් තොරව තොරතුරු තාක්ෂණයේ මහිමයෙන් අප වෙත ලැබී ඇති පහසුකම් භුක්ති විඳීමට හැකියාව ලබා දීමටත් අපේම මිනිස්සුන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම ඉහළ නැංවීම සඳහා ඉතා සුළු හෝ දායකත්වය ලබා දීමයි.
ඔබේ ජංගම දුරකතනය දෘඩාංග (Hardware) කිහිපයක එකතුවක්. එය තිරයක් (Screen) කැමරා කිහිපයක්, බැටරියක්, පරිපථ පුවරුවක් ( Circuit Board) , ස්පීකර්ස්, මයික්‍රොෆෝන් එකක් හෝ කිහිපයක් හා එවැනි දෘඩාංග ගණනාවක් එක් කොට තැනූවක්.
මදක් සිතන්න මේ දෘඩාංග සියල්ල එකලස් කළ පමණින් ම ඔබගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක වේ ද?

පිළිතුර නැත යන්නයි. ඒ මෙම උපාංගය ක්‍රියාත්මක වීම සඳහා පරිගණක පද්ධතියකට මෙන්ම මෙහෙයුම් පද්ධතියක් අත්‍යාවශ්‍ය වීම නිසාවෙන්.
මෙම අවශ්‍යතාවය සපුරාලනු වස් ඇමෙරිකාවේ Google නම් සමාගම විසින් හඳුන්වා දුන් ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය තමයි Android. එබැවින් Android යන වදන අසා නැති කෙනෙකු සොයා ගැනීම කළුනික සෙවීම වැනි දුෂ්කර කාර්යයක්.

Android මෙහෙයුම් පද්ධතිය Linux කර්නලය මත පදනම්ව සකස් කළ Open Source මාදිලියේ මෙහෙයුම් පද්ධතියක්. එහි අරුත නම් මෙම මෙහෙයුම් පද්ධතියේ කේත ලබා ගෙන ඕනෑම අයෙකුම එය තමන්ට අවශ්‍ය පරිදි වෙනස්කම් (Modifications) වලට ලක් කර භාවිතා කිරීමටත් ඒවා වෙනත් අය අතර හුවමාරු කිරීමටත් නිදහස ඇති මෙහෙයුම් පද්ධතියක් බවයි. මෙම විශේෂත්වය Android හි සීඝ්‍ර පැතිරීමටත් ඍජුවම බලපෑවා.

මෙම මෙහෙයුම් පද්ධතිය ජංගම දුරකතන හා ටැබ්ලට් පරිගණක වල වැඩි වශයෙන් භාවිතා වන අතර මුල්ම වරට හඳුන්වා දුන්නේ 2007 නොවැම්බරයේ දී. එදින සිට අද දක්වා විවිධ Android සංස්කරණ 12 ක් Google සමාගම විසින් එළි දක්වා තිබෙනවා. සෑම සංස්කරණයක් සඳහාම ඊට අනන්‍ය වූ නාමයක් ඇති අතර එය අතුරුපසක නමකින් හැඳින්වීමට Google සමාගම කටයුතු කරනවා. එහි නවතම සංස්කරණය වන්නේ Tiramisu හෙවත් Android හි13 වන සංස්කරණයයි. මෙය තවමත් අත්හදා බැලීමේ මට්ටමේ පවතිනවා. දැනට නිල වශයෙන් නිකුත් වී භාවිතා වන Android 12 හි නාමය වන්නේ Snow Cone යන්නයි.
මෙම සංස්කරණ අතර දක්නට ලැබෙන වෙනස්කම් පහත පරිදි කාණ්ඩ කර හඳුන්වන්න පුළුවන්.

01. විවිධ ඇප්ස් සඳහා යොදා ගන්නා Shortcuts හෙවත් අයිකන , Home Screen සහ වෙනත් ස්ථාන වල layout හා වෙනත් අතුරු මුහුණත් වල පෙනුම ආදියෙහි වෙනස්කම් දක්නට ලැබීම
02. නව ඇප්ස් හා පහසුකම් අත්විඳිය හැකිය
03. දැනට පවත්නා පහසුකම් වල වෙනස්කම්
04. ඇසට නොපෙනෙන නමුත් ඔබගේ උපකරණයේ වේගවත් බව, ආරක්ෂාව, බැටරියෙහි ආයු කාලය වැඩි කිරීම වැනි පහසුකම්

වර්තමානයේ භාවිතා වන ජංගම දුරකතන වලින් 70% කට වැඩි ප්‍රතිශතයක් මෙම මෙහෙයුම් පද්ධතිය මත බලගැන්වී තිබෙනවා. ඇපල් සමාගමේ මෙහෙයුම් පද්ධතියට වඩා ඉක්මනින් නවීකරණය වීමත් භාවිතා කරන්නාට රිසි සේ වෙනස්කම් සිදු කරගත හැකි වීමත් එයට බලපා ඇති බව පෙනී යනවා. මෙම මෙහෙයුම් පද්ධතියේ ස්ථාපනය කරන ඇප්ස් APK format එකෙන් ලබා ගත හැකි අතර Google සමාගම විසින් පවත්වාගෙන යන App Store හි මුදල් ගෙවා හෝ නොමිලයේ ලබා ගත හැකි ඇප්ස් මිලියන 2.65 ක් මේ වන විටත් තියනවා. එපමණක් නොවෙයි මේ ලියන මොහොතේත් එය වේගයෙන් වර්ධනය වනවා. ලොව පුරා විසිරී සිටින Android Apps නිර්මාණ ශිල්පීන් මිලියන ගණනක් ඒ සඳහා දායක වෙනවා. මීට අමතරව විවිධ පරිගණක ක්‍රීඩා ද මෙහි ඇතුලත්.
Android තුල ඇති විවිධ විශේෂාංග පිළිබඳ ලිපියකින් හමුවන තෙක් ... ආයුබෝවන්.

30/09/2022

අදින් වසර 15 කටත් කලින් හරියටම 2007 ජුනි මස 29 වනදා ඇමෙරිකාවෙදි ලොව පළමු ඇපල් ස්මාර්ට් ජංගම දුරකතනය ඒ කියන්නේ I phone එක ලෝකයට හඳන්වා දුන්නේ ඇපල් සමාගමේ නිර්මාතෘ මෙන්ම එවකට ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ජොබ්ස් විසින්.
එදා ඔහු ලෝකයට වැදගත් පණිවිඩයක් ලබා දුන්නා. ඒ තමයි “ Apple reinvents the phone." ඒ කියන්නෙ ඇපල් සමාගම විසින් දුරකතනය නැවත සොයා ගන්නා ලදී .. වගේ කතාවක්.

වසර 15 කට පස්සෙ හිතල බලද්දි ඒ කතාව හරියටම හරි . 2007 ලොව පළමු ස්මාර්ට් ජංගම දුරකතනය වශයෙන් එළිදුක්වුණ පළමු පරම්පරාවෙ I phone එකෙන් පසුව විවිධ සමාගම් විවිධ smartphones ලෝකයට හඳුන්වා දුන්නා. Samsung , Huawei, Lenovo, Xiaomi, ZTE වගේ සමාගම් ගණනාවක් තමන්ගෙ නිශ්පාදන වෙළඳපොලට ඉදිරිපත් කළේ එකකට එකක් නොදෙවෙනි වන පරිදි පහසුකම් හඳුන්වාදෙමින්.

අපි කලින් කතා කළ iphone එකෙත් මේ අනෙකුත් නිශ්පාදනත් අතර තියන ප්‍රධානම වෙනස තමයි මේවායේ භාවිතා වන මෙහෙයුම් පද්ධතිය. සරලව කියනව නම් Apple iphone දුරකතනයේ ios නම් වූ Apple සමාගම විසින් ම නිකුත් කළ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. අනෙකුත් සමාගම් Google සමාගම විසින් නිකුත් කළ Android කියන මෙහෙයුම් පද්ධතිය තමන්ට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කරගෙන භාවිතා කරනවා. මේ ගැන අපි වෙනම ලිපියකින් සාකච්ඡා කරමු.

සංඛ්‍යා දත්ත අනුව 2022 අගෝස්තු මාසය අවසන් වෙද්දි ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන Mobile Operating System එක වෙන්නෙ Android මෙහෙයුම් පද්ධතිය. ඒ සමස්ත ජංගම දුරකතන ප්‍රමාණයෙන් 72% කටත් වඩා වැඩි ප්‍රතිශතයක් හිමි කර ගනිමින්.

ඉතින් මම අද කතා කරන්න තීරණය කළා 2022 වර්ෂයේ Android Smartphone එකක් භාවිතා කරන කෙනෙක් සතුව තියෙන්නම ඕන Apps කිහිපයක් ගැන ඔයාල දැනුවත් කරන්න.

01. Google Translate
වෙනත් රටක සංචාරය කිරීමේදී වගේම තම මව් බස නොවන වෙනත් භාෂාවකින් තිබෙන ලේඛනයක් කියවීමට යාමේදී පත්වන අපහසුතාවය මඟ හැරවීමට මෙම ජංගම දුරකතන යෙදුම සමත්. මෙය Google Play Store හි නොමිලයේ භාගත කිරීමට හැකි ඇප් එකක්. මේකෙ විශේෂත්වය තමයි අන්තර්ජාල සබඳතාවය සහිත විටෙක දී භාෂා 103 ක් පරිවර්තනය කිරීමේ හැකියාව තිබෙනවා වගේම අන්තර්ජාල සබඳතාවය නොමැති විටෙකදී පවා භාෂා 52 ක් පරිවර්තනය කිරීමට හැකියාව තිබෙනවා. ඔබගේ අත් අකුරු හඳුන්ගෙන පරිවර්තනය කිරීම, කටහඬ මඟන් ලබා දෙන පනිවිඩයක් වෙනත් භාෂාවකින් ඇසීමට සැලැස්වීම, නාම පුවරුවක් එම අවස්ථාවේදී ම වෙනත් බසකට පරිවර්තනය කිරීමේ හැකියාව ආදී විශේෂ පහසුකම් බොහොමයක් මෙම ජංගම දුරකතන යෙදුම සතුයි. ඉතින් Google Translate ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු යෙදුමක් වශයෙන් අවිවාදයෙන් හැඳින්වීමට හැකියි.

02. Evernote
ජංගම දුරකතනය මීට පෙර අප භාවිතා කළ බොහෝ සේ සඳහා ප්‍රභල ආදේශකයක් වෙලා අවසන්. එදිනෙදා අවශ්‍ය වෙන පුංචි නෝට් එකක් දාගන්න බඩු ලැයිස්තුවක් ලියාගන්න, වාහන අංක හෝ වෙනත් වැදගත් දේවල් ලියාගන්න භාවිතා කරපු Notebook එකත් ඒ වගේ ඩිජිටල් වුන තවත් එක් දෙයක්. Evernote කියන්නේ විශාල පහසුකම් රාශියක් ලබා දෙන අංග සම්පූර්ණ ඩිජිටල් Notebook එකක් කියන්න පුළුවන්. මේකෙදි ඔයාට කැමති Note එකක් type කර ගන්න විතරක් නෙවෙයි ඔයාගෙ අත් අකුරින් Notes ලියන්නත්, විවිධ Fonts , colors ආදිය යොදාගන්නත් පහසුකම් ලබා දීල තියනවා. Drawings කිරීමට මෙන්ම Attachments විදිහට Photos ආදිය Note සඳහා එකතු කරන්නත් පුළුවන් මේ ඇප් එකේ හදන Notes අන්තර්ජාලයේ පරිස්සම් තැනක Save කරලා අවශ්‍ය නම් කිහිප දෙනෙක් අතරේ Share කර ගන්න පවා පහසුකම් ද ඇතුලත්.

03. Google Maps
මීට දශකයකට දෙකකට කලින් නොදන්න පළාතක හෝ නොදන්න දේශයකට පය තියන එක හරිම අවිනිශ්චිත දෙයක්. ඒ පළාත ගැන දන්න කෙනෙක් ගෙන් හරි මඟ තොවේදි හමුවන කෙනෙක් ගෙන් හරි පාර අහගෙන තමන්ට අවශ්‍ය ස්ථානය සොයා ගැනීම හරිම සුලබ දසුනක් වුනා. ඒත් අද වෙනකොට Goodle Maps කියන යෙදුම මගීන්ගෙ ජීවිත බොහොම පහසු කරලා. ඔබ සිටින ස්ථානය සහ ගමනාන්තය මේ යෙදුමට ඇතුලත් කළ පසු ඒ වෙත ගමන් කිරීමට ඇති පහසුම මාර්ගය, කෙටිම මාර්ගය හා වෙනත් විකල්ප සියල්ල ඔබ වෙත ලබා දීමට මෙම යෙදුම සමත්. ඒ විතරක් නෙවෙයි ඔබ භාවිතා කරන ප්‍රවාහන මාධ්‍යය අනුව ඔබට සුදුසුම මාර්ගය තෝරා දෙමින් අදාල ගමන සඳහා ගත වන කාලය හා දුර පිළිබඳවත් විස්තර ලබා දෙනවා. එතනින් නොනැවතෙන මෙම යෙදුම ගමන අතරතුර රථ වාහන තදබදය පිළිබඳ තොරතුරු, ආපන ශාලා, ඉන්ධන පිරවුම්හලා වැනි තොරතුරුද ඔබ වෙත ලබා දීමට සමත්. අන්තර්ජාල සබඳතාවය නොමැතිව වුවත් සිතියම් භාගත කර ප්‍රයෝජන ගැනීමේ හැකියාව වගේම Street View පහසුකම මඟින් යම් ස්ථානයක ඔබ සැබෑවටම සිටගෙන සිටින්නාක් මෙන් අංශක 360 ම ආවරණය වන පරිදි බලා ගැනීමේ පහසුකම ඔබව කිසිඳු අපහසුවකින් තොරව යා යුතු ස්ථානය වෙත රැගෙන යනු ඇති.

04. Youtube
නම දුටු සැනින් හඳුනා ගන්නා තවත් යෙදුමක් තමයි Youtube. මෙය Video Streaming කාණ්ඩයට අයත් යෙදුමක්. Google සමාගමට අයත් මෙම යෙදුම බොහෝවිට Android ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියට ම ඇතුලත්. විනෝදාස්වාදය සඳහා මෙන්ම දැනුම සොයා යෑමේ කටයුතු ඉගැනුම් කටයුතු සඳහා ඇති Video නැරඹීමේ පහසුකම් මෙම යෙදුම හරහා ලැබෙනවා. ඔබේම කියා Youtube නාලිකාවක් පවත්වාගෙන යෑමට පවා පහසුකම් මෙහි ඇතුලත්.

05. Snapseed
ඡායාරූප ගැනීම Smart Phone එකක තියන ප්‍රධානම පහසුකමක් ලෙස සලකන්න පුළුවන්. Snapseed කියන්නෙ Google සමාගම විසින් ලබා දෙන තවත් එක් යෙදුමක්. මෙමගින් ඔබ ලබා ගන්නා ඡායාරූප ඉතාමත් සිත් ගන්නා ආකාරයෙන් සංස්කරණය කර ගැනීම සඳහා විශාල tools පුමාණයක් ලබා දීල තියනවා. ඉතින් ඡායාරූපකරණයට ආස ඔයාල සතුව අනිවාර්යයයෙන්ම තිබිය යුතුම යෙදුමක් තමයි Snapseed.

ඉතින් මේ වගේ ප්‍රයෝජනවත් තොරතුරු බොහොමයක් දැනගන්න එන්න KnowledgeHub එකට.

24/12/2021

මෙම සමූහය තාක්ෂණික දැනුම සාකච්ඡා කිරීමට ඵලදායී ලෙස භාවිතා කරමු.

Want your school to be the top-listed School/college in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Address


Nivitigala
Ratnapura
70000