Beauty Tips Official

Beauty Tips Official

Share

03/01/2026

ලිපි අංක 103 💜
🥰 Solo Date එකක් යන එක වැදගත් වෙන්නෙ ඇයි🥰

ගෑනු ලමයෙකු ලෙස, තවත් කෙනෙකුගේ ආරක්ශාවක් නොමැතිව,නිදහස් ලෙස තමන්ටම කාලය* යෙදවීම විශේෂයි.
Solo Date එකක් යනවා කියන්නේ තනියම ඉන්න එකම නොවෙයි — *තමන්ටම ආදරය කරන එකයි* 💕

✨ *Solo Date එකක් යන්න කැමතිද? එහෙනම් මෙන්න එය සැලසුම් කරන හැටි:*

📍 ඔබට ලග පාරිසරික උද්‍යානයක් හෝ කැෆේ එකක්
තෝරන්න. නිදහස් ලස්සන තැනක් නම් වඩාත් හොදයි.
📖 ඔබේ කැමති පොතක් හෝ නව චිත්‍රපටයක් රැගෙන යන්න.
නැත්නම් Colour Book එකක්
🍰 රසවත් කෑමක් රසවිඳින්න.
🎶 සන්සුන් music එකක් අහල අවකාශය විදින්න
📸 ඔබේම මතකවලට ෆොටෝ එකක් තියාගන්න
✔️ඔබගේ ආරක්ෂාව ගැන හිතන්න. අනිවාර්යයෙන්ම
දුරකතනය චාජ් කරගන්න.
✔️ ඔයා කැමතිම දෙයක් මිලදී ගන්නත් අමතක කරන්න එපා.

💗 *Solo Dates මගින් ඔබට ලැබෙන්නා වූ වාසි:*

✅ ආතතියෙන් මිදෙන්න. Stress Release
✅ තමන්ව හොඳින් තේරුම් ගන්න
✅ ආත්ම විශ්වාසය වැඩි කරගන්න
✅ තමන්ටම ආදරය කරගන්න පුළුවන් බව හැමදාම සිහියෙන් තබාගන්න
✅සන්සුන්ව කල්පනා කිරීම

🌷 *ඔබේ සන්සුන් කාලය වෙනුවෙන් අදම Solo Date එකක් Plan කරලා බලන්න...* දැනටමත් Solo Date යන ලමයි අදහස් බෙදාගෙන යන්න.
💕

Photos from Beauty Tips Official's post 30/11/2023

🌹Girls Fashion and trendy Dress....🌹🌹

Beauty Tips Official

27/11/2023

ලිපි අංක 98 🌹
රේසරය භාවිතයෙන් අනවශ්‍ය රෝම ඉවත් කිරීම නුසුදුසු වන්නේ ඇයි ?

හායි ලමායි...ඔන්න අද ගෙනාවෙ ගොඩක් වැදගත් මාතෘකාවක්. ඔයාලා සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සදහා බොහෝ විට විශේෂ උනන්දුවක් දක්වනවා .ඒ වගේම ඒ සඳහා විවිධ ක්‍රම උපයෝගී කරගන්නවා. බොහෝ දෙනෙක් රේසරය භාවිතයෙන් අනවශ්‍ය රෝම ඉවත් කිරීමට පෙලඹී සිටිනවා.ඉතින් ඒ පිළිබඳවයි මේ කතාව.

පාවිච්චියට පහසු මෙන්ම අඩු වියදමක්ද සහිත වීම නිසා අනවශ්‍ය රෝම ඉවත් කිරීමේදී බහුලව රේසරය තෝරා ගත්තත් එමගින් ඇතිවන අහිතකර ප්‍රතිඵල අප දැනෙගෙන සිටිය යුතු වෙනවා.ඒ වගේම රේසර් භාවිතා කිරීමෙන් වැලකෙන්න ඕනි.

1.කෙටිකාලීන වීම

රෝම වල මූලය ඉවත් නොවන නිසා නැවතත් ඉතා ඉක්මනින් රෝම මතුවීමේ හැකියාව තිබෙනවා.රේසරයෙන් කපා දැමෙන්නේ මතුපිට රෝම පමණයි.

2.ගොරෝසු බව දැනීම.

දිගින් දිගටම රේසර් කිරීමේදී සම ගොරෝසු වීමට තිබෙන හැකියාව වැඩියි.ඒ වගේම රෝම නැවත එසේ වෙද්දී කටු ඇනෙන ස්වභාවයක් ගන්නවා .ඉන් සමේ ගොරෝසු බව වැඩිවී පෙනෙනවා.

3.සම මත ඇතිවන වෙනස්කම්

දිගින් දිගටම රේසර් කිරීම නිසාවෙන් සම වියලී යෑමට තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩියි.
සම මත තද පැල්ලම් ඇති වීමට පුළුවන්.
සම සියුම් නිසා කැපී යාමේ මේ ඉඩකඩ ද ඉතාමත් වැඩියි.ස්ටෝබෙරි මාක්ස් ඇති වීමද සිදු වෙනවා.

රෝම ඉවත් කිරීමෙන් පසු ආසාදන තත්ව හා ආසාත්මිකතා බහුලව ඇතිවීම
කැසීම,රතුවීම ඇතිවීම නිසා බොහෝ වේදනාකාරී තත්වයන් ට මුහුණ දෙන්න වෙනව, ඒ තත්වය වර්ධනය වී දද (shaving rashes) වැනි තත්වයන් පවා සමේ ඇතිවීමට ඉඩකඩ තියනව. මීට අමතරව අසාත්මිකතාවන් ඇතිවීමේ හැකියාවක්ද තියනව.ඒ වගේම තුවාල වීම් පවා සිදු වෙන්න පුලුවන්.

සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා ඇති වෙනත් ක්‍රම මොනවාද ?

1.වැක්ස් භාවිතා කිරීම. https://www.facebook.com/105613561049708/posts/124276799183384/?extid=0&d=n වැක්ස් කිරීම ගැන මෙම ලිපියේ තියෙනවා.
2.රෝම ඉවත් කිරීම සඳහා ලේසර් ට්‍රීට්මන්ට් භාවිතා කිරීම.
3.රෝම ඉවත් කිරීමේ ක්‍රීම් වර්ග භාවිතය
4.නූල් භාවිතයෙන් ඉවත් කිරීම
5. ටුවිසර් කිරීම

( Beauty Tipa Official )
Suba Dissanayake

24/07/2023

ලිපි අංක 97 🌷🌷
❤️ ඔසප් දිනයන් වල ඔබ සැලකිය යුතු කරුණු ❤️
හායි කෙල්ලනේ ඔන්න ගොඩ දවසකට පස්සේ තමා ඔයාලා වෙනුවෙන් ලිපියක් ගේන්න පුලුවන් උනේ. කාන්තාවන් විසින් අනුගමනය කළ යුතු ඔසප් සනීපාරක්ෂක පිළිවෙත් වල වැදගත්කම හා අවශ්‍යතාවය ගැන තමා අද කතා බහ. එහෙනම් යමු මාතෘකාවට.

ඔසප් වීම කියන්නේ නව යොවුන් වියට එළඹෙන විට තරුණියන් තුළ සිදුවන සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. ඒකෙන් කියවෙන්නේ ගැහැණු දරුවෙක් වැඩිහිටි තරුණියක් බවට වර්ධනය වීම ආරම්භ වෙනවා කියන එකයි. ඒ නිසාම ඒ අවස්ථාව විවිධ සංස්කෘතීන් ඇතුළේ, සමරනු ලබනවා. ඒත් තාමත් සාම්ප්‍රදායික මති මතාන්තර වල ගිලිලා ඉන්න සමහර අය හිතන්නේ මෙම ක්‍රියාවලිය ගැන කතා කිරීම ලැජ්ජාවට කරුණක් කියලායි. ඇත්තටම ඒක වැරදියි. ඒ වගේම ගැහැණු ළමයෙකුට ඔසප් දිනවලදී පුලුවන් තරම් විවේක ගන්නට ඉඩ දිය යුතු අතර ඇයව වෙහෙසට පත් නොකළ යුතුයි.

👉 පිරිසිදු කිරීම සහ ස්නානය කිරීම
ගැහැණු දරුවන් වගේම සෑම කාන්තාවක්ම ඔසප් කාලය තුළ පිරිසිදුව ඉන්න එක අනිවාර්‍යයි. ඒ නිසා නොවරදවාම මේ දින වල ගැහැණු දරුවන් ස්නානය කරන්න ඕනේ. ඒක ආසාදන වළක්වා ගැනීමට සහ රෝග වළක්වා ගැනීමට උපකාරී වෙනවා. සනීපාරක්ෂක තුවා වලින් හට ගන්න විශබීජ ශරීරයට ඇලී ආසාදන ඇති කරන්න පුලුවන් නිසා පිරිසිදුකම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඔබේ ශරීරයේ ලිංගික ප්‍රදේශ නිසි ලෙස සේදිය යුතු අතර විශේෂයෙන් උණුසුම් කාලගුණයක් ඇති කාල වල නිතරම පිරිසිදුව ඉන්න ඕනේ.

👉 සනීපාරක්ෂක තුවා මාරු කිරීම
සෑම පැය 4-6 කට පසුවම කාන්තාවන් සනීපාරක්ෂක තුවා මාරු කරන්න ඕනේ. මොකද ඔසප් වීමේදී ක්ෂුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් සනීපාරක්ෂක පෑඩ් වලට එකතු වන නිසා ඒවා නියමිත වේලාවට බැහැර කරන්න ඕනේ. අනික උණුසුම් කාලගුණය ක්ෂුද්‍ර ජීවීන් වේගයෙන් වැඩි වීමට හේතු වෙනවා. ඒ නිසයි ඔබේ යෝනි ප්‍රදේශය පිරිසිඳු කිරීම ද අත්‍යවශ්‍ය වෙන්නේ. සනීපාරක්ෂක තුවා නිසියාකාරව තෝරා ගන්න හැටි ඊලග පෝස්ට් එකෙන් කතා කරමු.

👉 සබන් හෝ යෝනි සනීපාරක්ෂක නිෂ්පාදන භාවිතා නොකරන්න
විශේෂයෙන් ම ඔසප් කාලය තුල මේ නිශ්පාදන භාවිතය නුවණට හුරු නෑ. කොහොම වුණත් ඔසප් වීමේදී ස්වාභාවිකවම යෝනි මාර්ගය පිරිසිදු කිරීමේ යාන්ත්‍රණයක් ශරීරයට ඇති බව ඔයා දැන සිටියාද? ඒ නිසා ජලය පමණක් භාවිතා කර සේදීම වුණත් ප්‍රමාණවත්.

👉ප්‍රදේශය වියළිව තබා ගන්න
කාන්තාවක් ස්නානය කිරීමෙන් හෝ සේදීමෙන් පසුව පෞද්ගලික ප්‍රදේශය හොඳින් පිස දැමිය යුතු අතර යෝනි ප්‍රදේශය වියළිව තබා ගන්නත් ඕනේ. ටිශූ හෝ වෙනම සිනිදු තුවායක් භාවිතා කරන්න.ඒ වගේම පිරිසිදු යට ඇඳුම් ඇඳීමෙන් ආසාදන වළක්වා ගන්න පුලුවන්. යට ඇඳුම් එදිනෙදා පිරිසිඳු කරන්න. යෝනි ප්‍රදේශය වියළිව තබා ගැනීමෙන් එම ප්‍රදේශයේ දිලීර වර්ධනය වැළැක්වීමට උපකාරී වෙනවා. ඒ වගේ දවස් වලට කම්මැලි බවක් දැනුනත් ඔයාගේ ඔසප් සනීපාරක්ෂාව මග හරින්න එපා.

👉තුවා නිසි ලෙස බැහැර කරන්න
තමන්ගේ ඔසප් දිනයක් තුළ එක් තුවායක් පමණක් භාවිතා කිරීම සුදුසු නැහැ. අධික රුධිර ප්‍රවාහයක් පවතින දිනවල ඔයා නිරන්තරයෙන් සනීපාරක්ෂක තුවා වෙනස් කරන්න ඕනේ. කාණු හෝ වැසිකිළි තුළට කෙලින්ම පෑඩ් එක විසික් කරන්න එපා. එමගින් කාණු හා කොමඩ් අවහිර වෙනවා. එය බෑගයකට දාලා ගැට ගහලා කුණු බඳුනකට දමන්න. ඒවගේම සනීපාරක්ෂක පෑඩ් මාරු කිරීමෙන් පස්සේ ඔබේ අත් දෙක සේදීම ද අනිවාර්යයෙන් කරන්න.

Beauty Tips Official
කතෘ අයිතිය සුරකින්න.

Want your business to be the top-listed Beauty Salon in Ragama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Ragama