Ulearner
07/08/2023
දරුවන්ගේ අත් අකුරු ගැන වදවෙන ගුරුවරුන් දෙමාපියන් කියවිය යුතුම ලිපියක්.... ( තෙවන කොටස )
🖊️පෙර පාසල් යන ඔබේ දරුවා හරියට පැන්සල අල්ලන්නේ නැත්නම් .....
අවුරුදු 3 - 5 අතර දරුවන් කියන්නෙ සිය හසුරු කුසලතා වර්ධනය කරගනිමින් ඉන්න කාලයක්.ඒ කාලයේ දරුවන් පැන්සල අල්ලන ක්‍රමය සංවර්ධනය කරගනිමින් ඉන්නෙ.මේ කාලයේ දරුවන්ගේ පැන්සල් ග්‍රහණයන් ලෙස තීරණය කරන්න ගුරුවරුන් හෝ දෙමාපියන් කලබල වියයුතු නැහැ.
මේ කාලයේ ඔවුන් ක්‍රමයෙන් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ක්‍රමික ව විවිධ සංවර්ධන අවධි ඔස්සේ ශරීරයේ ඉහල කොටස සමබර ව පවත්වාගැනීම , අතේ ශක්තිය වර්ධනය කරගැනීම , සියුම් ලෙස ඇඟිලි හැසිරවීමේ හැකියාව , උරහිස් තුළිත ව හැසිරවීමේ හැකියාව වර්ධනය කරගැනීම සිදුකරනව.
🖊️අපි කොහොමද පෙර පාසල් දරුවන්ට නිවැරදි පැන්සල් ග්‍රහණයක් හුරු කරන්නෙ
දරුවන් එලෙස ක්‍රමික ව නිවැරදි පැන්සල් ග්‍රහණයකට හුරුවෙමින් ඉන්න මේ අවධියෙ ගුරුවරුන් සහ දෙමාපියන් ඒ සඳහා අවශ්‍ය හසුරු කුසලතා වර්ධනය කරගැනීම සඳහා දරුවන්ට අවස්ථා සම්පාදනය කරදීම සහ මග පෙන්වීමයි කළයුත්තෙ...
🖊️පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන් පැන්සල ග්‍රහණය කරන ක්‍රමය ගැන වැඩි අවධානයක් යොමුකළ යුත්තෙ ?
පාසල් අධ්‍යාපනය ආරම්භකරන විට දරුවන් නිවැරදි පැන්සල් ග්‍රහණ ක්‍රමයකට හුරුව පැවතීම ඉතාමත් ම වැදගත්.නිතර පැන්සල භාවිතාකරන ඔවුන් වැරදි ක්‍රමයකට හුරුවුවහොත් ඔවුන් ශාරීරික ව අපහසුතාවයකට පත්වෙනව මෙන් ම ඔවුන්ගේ ලිවීම් සහ පාට කිරීම් පිරිසිදුව හා පිළිවෙලට සිදු කිරීමත් ඔවුන්ට දුෂ්කර වෙනව.
🖊️මේ වනවිට ප්‍රාථමික පාසල්වල දුර්වල පැන්සල් ග්‍රහණය සහිත දරුවන් සාපේක්ෂව වැඩි ?
මෑතක අප මුහුණ දුන් කොවිඩ් ව්‍යසන කාලසීමාවේ පෙර පාසල් අධ්‍යාපනය හෝ පාසල්වල 1,2 ශ්‍රේණිවල ඒ කාලසීමාවේ අධ්‍යාපනය ලැබූ දරුවන්ට ක්‍රමවත්ව අවශ්‍ය හසුරු කුසලතා වර්ධක ක්‍රියාකාරකම් සිදු කිරීමට අවස්ථා ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා අපට ඔවුන් අතර දුර්වල පැන්සල් ග්‍රහණ ක්‍රම බහුලව දකින්න පුලුවන් ...
අපගේ දෙවන ලිපියේ විස්තරාත්මක ව හඳුන්වා දුන් පැන්සල් ග්‍රහණ හෝ අද දින හඳුන්වාදෙන පැන්සල් ග්‍රහණ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සතු නම් ඔවුන්ට නිවැරදි පැන්සල් ග්‍රහණ ක්‍රමයකට හුරු වීමට සහය ලබාදීම ගුරුවරුන් හා දෙමාපියන් සිදු කළ යුතුයි.
🚫 පළමු ලිපියේදී ද අපි සඳහන් කළ ආකාරයට එය සිදුකළ යුත්තේ දරුවන් පීඩාවට පත්නොවන ආකාරයට...
========
අපි අද හඳුනගන්න දුර්වල පැන්සල් ග්‍රහණ අපට දකින්න පුලුවන් වෙන්නෙ පාසල් අධ්‍යාපනයට පෙර තමන්ගේ හසුරු කුසලතා සංවර්ධනය කරගන්න ප්‍රමාණවත් පරිදි අවස්ථා නොලැබුණු දරුවන් අතර....
➡️පළමු රූපයේ දරුවා සම්පූර්ණ අතම මේසයෙන් ඉහල තබාගෙන ඉන්නෙ.මෙලෙස තබාගැනීමෙන් පැන්සල පාලනය කිරීම ඉතා දුෂ්කර කාර්‍යයක් වෙනව.
➡️ දෙවන රූපයේ දරුවා පැස්ටල් කැබැල්ල රඳවාගෙන ඉන්නෙ දබරැඟිල්ල සහ මැදඟිල්ල අතර.ඒ වගේ ම ඔහු මැදඟිල්ල පැස්ටල් කැබැල්ල මත තබාගෙන ඉන්නව.මහපට ඇඟිල්ල යොදාගෙන ම නැහැ.මේ ක්‍රමය ද්ස් පැන්සල හෝ පැස්ටල් කැබැල්ල නිදහසේ හසුරුවන්න දරුවන්ට හැකි වෙන්නෙ නැහැ.
➡️ තෙවන රූපයේ දරුව පැන්සල අල්ලා සිටින ක්‍රමය හඳුන්වන්නෙ " Interdigital brace " කියල.ඇගිලි තුඩුවලින් පැන්සල රඳවාගැනීම වෙනුවට ඇඟිලි නවා පැන්සල තදින් අල්ලාගැනීමක් තමයි මෙහිදි සිදුවෙන්නෙ.
බොහෝවිට සියුම් හසුරු කුසලතා සංවර්ධනය වී ඇඟිලි හැසිරවීමේ හැකියාව හොඳින් ලැබෙන්න පෙර පැන්සල හැසිරවීම හුරුකිරීමට දැක්වූ උත්සාහයක ප්‍රතිඵල මේ වගේ වෙන්න පුලුවන් ..
➡️ සිව්වන රූපයේ දැක්වෙන්නෙ ඉතා තදින් පැන්සලඅහපට ඇඟිල්ල සහ වෙදැඟිල්ල පමණක් යොදාගෙන අල්ලා සිටින අවස්ථාවක්.මෙවැනි අවස්ථාවක දී ඉක්මනින් අත වෙහෙසට පත්වීම සිදුවෙන අතර ම පිරිසිදු සහ පිළිවෙලක් සහිත ලිවීමක් සිදුකිරීම අපහසුයි.
🚫 මෙවැනි දුර්වල පැන්සල් ග්‍රහණ ක්‍රම මගින් දරුවන්ට ලිවීම ප්‍රියජනක ක්‍රියාවක් වීම සීමාවෙනව වගේ ම ඔවුන්ට යමක් පැහැදිලිව ලිවීමේ හැකියාවර සහ පිළිවෙලට ද දැඩි බලපෑමක් මෙවැනි පැන්සල් ග්‍රහණයක් නිසා ඇති වෙනව.
🖊️ නිවැරදි පැන්සල් ග්‍රහණයකික්මනින් හුරු කිරීමේ ක්‍රම තියෙනවද?
ලෝකය පුරා විවිධාකාරයේ පැන්සල් ග්‍රහණ ආධාරක උපකරණ මේ සඳහා භාවිතා කරනව.
🚫 නමුත් මෙහිදී අවධාරණය කළ යුතුම කරුණක් තමයි එවැනි උපකරණයක් භාවිතා කර පහසුවෙන් නිවැරදි කරගත හැකිවුවත් දරුවන්ට සියුම් ව ඇඟිලි හැසිරවීම් සිදුකළහැකි ක්‍රියාකාරකම් සඳහා ද ඒ අතර ඉඩ සැලසීමට අමතක නොකළ යුතුබව...
======
මෙවැනි පැන්සල් ග්‍රහණ ආධාරක උපකරණයක් මිලදීගැනීමට whatsapp හරහා ( 0726730712 ) පූර්ව ඇණවුමක් අපවෙත ලබා දීමෙන් හැකියාව තියෙනව.
ඒ වගේම නිවැරදි පැන්සල් ග්‍රහණ ක්‍රම පිළිබඳ ව වැඩිදුර විස්තර ලබාගන්න අපගේ whatsapp සමූහයට එකතුවන්න කියලත් ආරාධනා කරනව.
එය ඔබට අලුත් අත්දැකීමක් වේවි...
https://chat.whatsapp.com/I7RiMabf6oo7VysQm4uqtR
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Galagedara
Padukka
10500