NEGPHO LK

NEGPHO LK

Share

Photos from NEGPHO LK's post 02/03/2026

🙏පුණ්‍යානුමෝදනාවයි🙏
දිට්වා ආපදාවෙන් මිය පරලොව ගිය ශ්‍රී ලාංකීය ජනතාව හා නැසී ගිය මීගමුව ඡායාරූප ශිල්පීන් සිහිපත් කරමින් ඔවුන්ට පින් පමණු වීමේ උදාර අරමුණ ඇතිව සංවිධානය කරපු ලේ දන් දීමේ වැඩසටහන ඉතා සාර්ථක ලෙස අවසන් විය. හැටකට වැඩි සංඛ්‍යාවක් රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණියත් යම් යම් හේතු මත 46 දෙනෙකුට රුධිරය පරිත්‍යාග කිරීමට හැකිවිය.
මිනිස් ජීවිතයක් බේරා ගැනීම සඳහා ශරීරයේ කොටසක් දන් දිය හැකිනම් එය අභය දානයකි. රුධිරය දන්දීම අභය දානමය පින්කමකි. රුධිර දායකයින්ට ඇප උපකාර කිරීම,මෙවැනි වැඩ මුළු සංවිධානය කිරිම හා සහයෝගය ලබාදීමත් අති උතුම් වූ කුසලයකි. මෙවැනි අය සංසාර ගමනේ නිරෝගී ජීවිත ලැබීම, දීර්ඝායුෂ ලැබීම, යෝධ බල යෝධ ශක්තිය ලැබීම, විපතදී පිහිටවන කල්‍යාණ මිත්‍රයින් ලැබීම, භයානක ලෙඩ රෝග වලින් ඈත්වීම..ආනිශංස වශයෙන් දැක්විය හැක.
මෙම උතුම් කාර්ය සාර්ථක කර ගැනීමට අපට ශක්තිය වූ සියලුම සාමාජික හා සාමාජික නොවන මහතුන්, මුදලින් හා ශ්‍රමයෙන් දායක වූ සියලු දෙනාත්, වචනයකින් හෝ උදව් උපකාර කළ සියලු දෙනාත්, මේ පින්කම දැක බලා සතුටු වූ සියලු දෙනාමත්.. බොහෝ පින් අත් වේවා! සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබේවා! මේ භවයේ කර ගත් උතුම්ම කුසල් කර්මය නිරෝගී සුවයටම හේතු වේවා!!!
- මීගමුව ඡායාරූප ශිල්පින්ගේ සංගමය-

27/02/2026

🩸 ලේ දන් දී ජීවිතයක් සුරකිමු: මහා ලේ දන් දීමේ පින්කම 🩸
දිට්වා ආපදාවෙන් අකාලයේ දිවි අහිමි වූ අපේම සහෝදර ලාංකික ජනතාවටත්, මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ අප අතරින් වෙන්ව ගිය ආදරණීය සාමාජිකයින්ටත් පින් පතා සංවිධානය කරනු ලබන මහා ලේ දන් දීමේ කඳවුර.

වචනයට එහා ගිය මනුෂ්‍යත්වය වෙනුවෙන්, තවත් ජීවිතයක් බේරා ගැනීමට ඔබත් එක්වන්න!

2026-02-28

වේලාව: පෙ.ව. 09.00 සිට ප.ව.03.00 දක්වා

ස්ථානය: මීගමුව ඡායාරූප සංගම් ශාලාවේදී ( කඩොල් කැලේ ළමා උද්‍යානය අසල )

"මියයන මොහොතේ අප රැගෙන යන්නේ අප කළ පින් පමණි... ඔබේ ලේ බිඳුවක් තවත් කෙනෙකුට ජීවිතය වනු ඇත."

සංවිධානය:
මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමය (Negombo Photographers' Association)

වැඩි විස්තර සඳහා අමතන්න:
📞 0771245575
📞 0773002605

ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු!

27/02/2026

ජීවිතයක් බේරා ගන්න... ඔයා එනවා නේද..එද්දි හැදුනුම්පතත් රැගෙන එන්න....මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමය..

Photos from NEGPHO LK's post 25/02/2026

ජීවිත කිහිපයක් බේරා ගැනීමට අවශ්‍ය ලේ බිංදු සොයා ගැනීමට මීගමුව ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ දරන වෑයමක්....

Want your organization to be the top-listed Non Profit Organization in Negombo?
Click here to claim your Sponsored Listing.

Address


Children Park, Archbishop Niculas Marcus Road, Kadolkelle
Negombo
11500