GVTM Mano Loft Rthmalana

GVTM
Mano Loft Rthmalana

Share

26/12/2022

හිතවත් වෛද්‍යවරයෙක් ගෙන් දවසක් අපූරු උපදෙසක් ලැබුණා. " පුතා... කන්න කලින් අත හෝදන්න එපා. ගෙදරක නම් බිම වැටුණු කෑම කෑල්ලක් වුණත් අහුලගෙන කන්න. කමක් නෑ"

මේ හතරබීරී කතාව පිටිපස්සේ හොඳ හේතුවක් තිබුණා. ඒ තමයි අපේ ඇඟේ ප්‍රතිශක්තිකරන පද්ධතිය (immune system එක) සාර්ථකව ක්‍රියා කරන්න නම් එයාට කරන්න වැඩක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හැප්පෙන්න විෂබීජ යම් ප්‍රමාණයක් ඇඟට ඇතුළු වෙන්න ඕනෙය කියන එක.

ඒ වගේම ඕනෙවට වඩා පිරිසිදු පරිසරයක ඉන්න කෙනෙක් පොඩි විෂබීජයක් ඇඟට ගියත් ලෙඩ වීමේ හැකියාව වැඩියි. ලොම් සහිත බල්ලෝ ඉන්න ගෙවල් වල හැදෙන පොඩි ළමයින්ගේ ප්‍රතිශක්තිය වැඩියි කියලා සමහර research වලින් ඔප්පු වෙලා තියෙන්නේ අන්න ඒ නිසා වෙන්න පුළුවන්

පින්තූරේ ගැන කිව්වොත් ඔය තියෙන්නේ ඉස්සරහට අපිට එන්න තියෙන බරපතලම ප්‍රශ්නෙක කසකාරයෝ ටික.

වම් පැත්තේ පින්තූරේ තියෙන්නේ ඒ කාලයේ බෙහෙත් පෙති වලින් විෂබීජ විනාශ වෙලා තියෙන හැටි. දෙවෙනි පින්තූරෙ තියෙන්නේ ඒ වැඩේ කරන්න නවීන බෙහෙත් අසමත් වෙලා තියෙන හැටි

ප්‍රතිජීවක බෙහෙත් එහෙම නැත්නම් Anti biotics වලට ඔරොත්තු දෙන්න හැඩගැහුණු විෂබීජ දැන් ලෝකේ බිහිවෙලා තියෙනවා. හේතුව? හැමදේටම බෙහෙත් ඕනැවට වඩා භාවිතා කිරීම. දැකලා තියෙනවද රචනා වගේ පිටු ගණන් බෙහෙත් ලියන දොස්තරවරු? එක වේලේන් පට ගාලා හොඳ වෙන්න බෙහෙත් දෙන අය එහෙම? එයාලා කරන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන වැඩේට මිසයිලෙකින් ගහලා දානවා වගේ වැඩක්. එතකොට අපේ immune system එකට කරන්න වැඩක් ඉතුරු වෙන්නේ නෑ.

ඒ වගේම අති ප්‍රභල බෙහෙත් වැඩි වැඩියෙන් දෙන්න දෙන්න විෂබීජත් ඉතාම ප්‍රභල ලෙස ඒවට ඔරොත්තු දෙන්න හුරු වෙනවා. දොස්තරවරු මේ කරන overprescription එක මුළු ලෝකෙම හඳුනාගත්තු ලොකු වැරැද්දක්

අනික් හේතුව අපි බෙහෙත් ඉවර වෙනකම් නොබීම. බෙහෙත් විශේෂයෙන්ම Anti biotics කියන්නේ ලෙඩේ හොඳ වුණත් ඉවර වෙනකම් අනිවාර්‍යයෙන් බිය යුතු දෙයක්. එහෙම නොකර අපේ ඇඟේ පොඩි හරි විෂබීජයක් ඉතුරු වුණොත් එයා අර බෙහෙතට ඔරොත්තු දෙන විදිහට හැඩ ගැහෙන්න පුළුවන්. මදුරුකොයිල් වලට ඔරොත්තු දෙන මදුරුවො, පලිබෝධනාශක වලට නොමැරෙන වල් පැලෑටි වගේ තමයි.

කොහොම නමුත් මේ විෂබීජ ප්‍රභල වෙලා තියෙනවා. අළුතින් හදන anti biotics වලටත් ඉතාම ඉක්මනින් හැඩගැහෙන නිස අලුත් බෙහෙත් හදන එකත් සමාගම් වලට ඉතාම පාඩු සහිත ආයෝජනයක් වෙලා

Resource- Naveen Abeysinghe

Want your business to be the top-listed Clothing Store in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Wimalasiri De Mel Mawatha
Galle