Danesh Ranasinghe

Danesh Ranasinghe

Share

27/05/2026

පට්ටම අවුල්! 💔 ලකුණු 3කින් ගිලිහී ගිය IPL ඉතිහාසයේ වේගවත්ම ශතකය.සන්රයිසස් බෝලර්ලාව කෑලි වලට ඉරලා දාපු සූර්යවංශිගේ පිස්සු හැදෙන ඉනිම.වීඩියෝ ගේම් එකකවත් මේ වගේ ගහන්න බෑ.🥵🔥🏏

​ක්‍රිකට් බලන අපි හැමෝටම අද පපුව හෝස් ගාලා ගියපු දවසක් කිව්වොත් නිවැරදියි. IPL ඉතිහාසයේ ලියවෙන්න තිබුණු අතිවිශිෂ්ටම වාර්තාවක් අද නූලෙන් ගිලිහී ගියා. 🥺

ඒත් ඒ අවාසනාවන්ත අවසානය ඇතුළේ වෛභව් සූර්යවංශි අද සන්රයිසස් හයිද්‍රාබාද් (SRH) කණ්ඩායමට එරෙහිව දියත් කරපු ඒ අමානුෂික ප්‍ර$හාරය නම් මේ පාර IPL බලන කාටවත්ම කවදාවත් අමතක වෙන්නේ නෑ.

​සෙන්චරියක් ගහන්න බැරි වුණා තමයි... හැබැයි මේ සංඛ්‍යා දත්ත ටික දැක්කාම තේරෙනවා මේ කොල්ලා අද ග්‍රවුන්ඩ් එකේ කරපු විනාශය කොච්චරද කියලා:

​💥 සූර්යවංශිගේ විනාශකාරී ඉනිම:

​🎯 ලකුණු: 97 (පන්දු 29කින්)
​🚀 හයේ පහරවල්: 12යි!
​🏏 හතරේ පහරවල්: 5යි!
​🔥 ප්‍රහාරක වේගය (SR): 334.48

​ඔයාලා නිකමට හිතලා බලන්න ගහපු ලකුණු 97න් ලකුණු 92ක්ම ඇවිත් තියෙන්නේ හතරේ සහ හයේ පහරවල් වලින්ම පමණයි.(හයේ ඒවායින් විතරක් ලකුණු 72ක්). 334කට වඩා වැඩි 'Strike Rate' එකක් තියාගෙන සෙල්ලම් කරනවා කියන්නේ ඒක වීඩියෝ ගේම් එකකවත් කරන්න අමාරු වැඩක්. සන්රයිසස් බෝලර්ලට පන්දු යවන්න තැනක් නැති වෙන තරමටම මුළු ග්‍රවුන්ඩ් එකේම අස්සක් මුල්ලක් නෑර මේ ප්‍රහාරය දියත් වුණා.💪

​IPL ඉතිහාසයේ වේගවත්ම ශතකය කියන වාර්තාව ලකුණු 3කින් අහිමි වුණු එක ගැන ඇත්තටම තියෙන්නේ වචනයෙන් කියන්න බැරි තරම් පට්ටම අවුලක්.

හැබැයි සූර්යවංශි අද පෙන්නපු මේ යකඩ ෆෝම් එකත් එක්ක, ක්‍රිකට් ලෝකයේ මීළඟ භයානකම 'Hitter' හැදෙනවා කියලා නම් අපිට ඉඳුරාම කියන්න පුළුවන්.🫶

​වාර්තාව අහිමි වුණත්, සූර්යවංශිගේ මේ සුපිරි ඉනිම ගැන හදවතින්ම Comment එකක් දාගෙන යමු! ❤️👇


© Danesh Ranasinghe

27/05/2026

වෛභව් සූර්යවංශිට IPL ඉතිහාසයේ වේගවත්ම ශතකය පෙනන මානයේදී අහිමි වෙනවා.🥺 පට්ටම අවුල් ඒකටනම්.අපේ නොවුණත් අපේම එකෙක්ට වුණා වගේ.💔🙂🏏
පන්දු 29යි ලකුණු 97යි.🔥💪

26/05/2026

RCB කණ්ඩායම මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.❤️🔥🏏
වැඩ්ඩෝ තමයි 💪

Want your public figure to be the top-listed Public Figure in Minuwangoda?
Click here to claim your Sponsored Listing.

Category

Address


Minuwangoda