Matara Bodhiya
23/04/2026
📢 රැකියා අවස්ථාවක්: කුසලතා සංවර්ධන ගුරු (කාන්තා)
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අනාගතය සුබදායී කිරීමට ඔබත් කැපවී කටයුතු කළ හැකි අයෙක්ද? මාතර බෝධි ආරක්ෂක සභාව යටතේ පාලනය වන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයේ පවතින පුරප්පාඩු සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ.
🎓 අවශ්‍ය සුදුසුකම්:
විශ්වවිද්‍යාලයක හෝ පිළිගත් ආයතනයක විශේෂ අධ්‍යාපනය පිළිබඳ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් (අවම වසර 02ක) හදාරා තිබීම සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමඟ කටයුතු කරන ආයතනයක අවම වසර 01ක පළපුරුද්ද.
හෝ
අ.පො.ස. (උසස් පෙළ) ඕනෑම විෂය ධාරාවකින් සමත්වීම සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමඟ කටයුතු කරන ආයතනයක අවම වසර 02ක සේවා පළපුරුද්ද.
විශේෂ සුදුසුකම: ඔටිසම් (Autism) සහ ඩවුන්සින්ඩ්‍රෝම් (Down Syndrome) සහිත දරුවන් සමඟ කටයුතු කර තිබීම අමතර වාසියකි.
❗ අනෙකුත් කොන්දේසි:
වයස: අවුරුදු 22 ට නොඅඩු සහ 55 ට නොවැඩි විය යුතුය.
📬 අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:
ඔබේ ජීව දත්ත තොරතුරු ඇතුළත් අයදුම්පත, කවරයේ වම්පස ඉහළ කෙළවරේ "කුසලතා සංවර්ධන ගුරු (කාන්තා)" ලෙස සඳහන් කර:
📍 ලිපිනය: ගරු සභාපති, මාතර බෝධි ආරක්ෂක සභාව, මාතර.
📅 අවසාන දිනය: 2026 මැයි මස 10 වන දිනට පෙර.
ලියාපදිංචි තැපැල් මගින් හෝ මාතර බෝධි ආරක්ෂක සභාවේ ප්‍රධාන කාර්යාලයට පෞද්ගලිකව පැමිණ භාරදිය හැක.
14/04/2026
සිංහල අලුත් අවුරුදු සුභ පැතුම්! 🌼🙏
මාතර බෝධි ආරක්ෂක සභාව වෙනුවෙන්, සියලුම භක්තිමත් ජනතාවට සහ ඔබ සැමට,
මෙම සිංහල අලුත් අවුරුද්ද උදාවන මේ මොහොතේදී, ඔබගේ ජීවිතයන් සැනසීමෙන්, සදාචාරයෙන්, සෞභාග්‍යයෙන් සහ ආශීර්වාදයෙන් පිරි යහපත් නව වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.
බුදුන් වහන්සේගේ ධර්මය අනුව සද්ගුණවලින් පිරි ජීවිතයක් ගත කිරීමටත්, සමාජයේ සාමය, එකමුතුභාවය හා කරුණාව වර්ධනය කිරීමටත්, මෙම අලුත් අවුරුද්ද ඔබට නව ආරම්භයක් වේවා.
තෙරුවන් සරණයි! 🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸🌿
— මාතර බෝධි ආරක්ෂක සභාව
07/03/2026
"බෝපත් සෙවණ" ආබාධ සහිත දරුවන් සදහා වන කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයේ එම දරුවන්,ගුරුවරුන් සහ දෙමව්පියන් එක්ව මාතර ඓතිහාසික බෝධිරාජයානන් වහන්සේ අභියස පසු පොහොය දින (03/03) පැවැත්වූ ආශිර්වාදාත්මක බෝධි පූජාව 🙏
📷ජනිඳු
15/02/2026
රුධිරය බිඳක් දන් දෙන්න
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Dharmapala Mawatha
Matara
81000