Kasun Rajapaksha
14/05/2026
එයා දුම්වැටියක් දල්වගෙනම මාව හොදින් පේන විදියට ඉද ගත්තා, මම හිටියේ කෝෆී එකක් බිබී එයා මම දිහා බලන් ඉන්නවාද බලන්න මමත් එයා දිහා බැලුවාම අපේ ඇස් එකිනෙකට හමු උනා. එයත් මම බලයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා වගේම මම බලපු ගමන් හිනා උනා මමත් එක්ක.
ඒ හිනාව මම තුළ අමුත්තක් ඇති කරත්ම මම ඔහු එක්ක හිනා උනා.
ඔහු මට කතා කරා කෙලින්ම.
මම දැකලා තියනවා ඔයා නිතරම මෙතන ඉන්නවා මේ ළඟද ඉන්නෙ.
ඔව් මම නිතරම මෙතනට එනවා මම මේ ළඟමයි ඉන්නෙ, මමත් ඔයාව මෙතනදී කීප දවසක්ම දැකලා තියනවා.
ආ ඒකනේ මම නම් අද හිතාගෙනම ආවේ ඔයා අද හිටියොත් කතා කරනවා කියලා. හිතුවා වගේම ඔයත් හිටියා මමත් ඔන්න කතා කරා.
සිඟරට් එකක් බොනවද කියලා අහලා ඔහු මට ඔහුගේ සිගරට් පැකට් එක සහ ලයිටරය දිගු කරා. මම කිසිම පැකිලීමකින් තොරව එකක් අරන් පත්තු කරලා දුමක් ඇදලා පිට කරා.
හ්ම් එතකොට ඔහුත් අර මුලින්ම දල්වා ගත් සිගරට් එක බීලා අවසන් මමත් එක්කම තවත් එකක් පත්තු කරගෙන ලොකු දුමක් පිට කර හැරියේ මගේ මුහුණ අනික් පැත්ත හරවලා, මම දිහාම හොදින් බලමින්..
ඔයා මොනවාද කරන්නේ එයා මොනවාද කරන්නේ එයා කවුද මම කවුද කියන සාමාන්‍ය කාරණා වලින් කතාවල් පටන් ගෙන අපි එදා ගොඩාක් දේවල් ගැන කතා කරා.
එයත් එයා ගැන ගොඩාක් දේවල් මමත් එක්ක කිව්වා, ඒ විවෘත වීම හමුවේ මට ඔහු ගැන විශ්වාසයක් ගොඩ නැගෙමින් තිබුණා, මමත් මම ගැන කිව්වා, අපේ දෙන්නගෙ කෝෆී කෝප්ප දෙක හොදටම නිවිලා එහෙමමයි,
හැබැයි අපි සිගරට් කිහිපයක් අවසන් කරලා තිබුණා, අන්තිමට ඔහු බිබී හිටපු එකෙනුත් මම බිව්වා..
එදා අපි වෙන් උනේ අපි අතර කතා බහ මෙතනට පමණක් සීමා නොකරන බවට දෙන්නටම ඒත්තු ගන්වාගෙන.
ඔයා පරිස්සමෙන් ආවාද කියලා මට වට්ස් ඇප් පණිවිඩයක් තිබුණා..
හ්ම් ඔව් කියලා මම ප්‍රතිචාර දැක්වුවා..
අපරාදේ මටත් අහන්න තිබුණේ ඔයත් ආවද කියලා...
පහුවදා එයා මට call එකක් ගත්තා..
අද මොකද කරන්නේ ?
අද නම් මම ගොඩාක් බිසි දවසක්..
අහ් එහෙමද හරි මම රෑ වෙලා කතා කරන්නම් කියලා ඔහු දුරකථන තැබුවා..
මගේ හිතට මොකක්ද වගේ..
කමක් නැහැ රෑ ගනියි නේ..
මම බලන් හිටියට ඔහු රෑ කතා කරේ නැහැ..
මගේ සිතිවිලි මාව අතරමං කරා, ඔහු කතා නොකර සිටි ඒ රාත්‍රියේ මගේ මනස තුළ ඇති වූ සිතුවිලි දාමය මම මොකක් හරි වැරැද්දක් කරාද? මම එයාව ගනන් ගත්තේ නැද්ද? එයාට මාව අමතක වුණාද? දේවල් එක්ක මට නින්ද ගියෙත් නැහැ..
පහුවදා මම ඔහුට වට්ස් ඇප් පණිවිඩයක් තිවුවා.
Good morning කියලා..
Good morning කියලා මම message එක දැම්මේ reply එකක් එයි කියලා බලාගෙනමයි.
ටික වෙලාවකින් ඔහු reply කරා.
Good morning… ඊයේ ටිකක් වැඩ වැටුණා.
මම කමක් නැහැ කියලා දැම්මත්, ඊයේ රෑ මම phone screen එක දිහා බලන් හිටපු වෙලාවන් මට මතක් උනා.
එදා ඉදන් අපි අතර කතා බහ ටික ටික සාමාන්‍ය දෙයක් වෙලා ගියා.
උදේ message එකක්.
රෑ call එකක්.
දවස මැද photo එකක්.
කිසිම හේතුවක් නැතුව මොකද කරන්නේ කියලා message එකක්.
හැබැයි ඒ හැමදේම අතරේ අමුතු දෙයක් තිබුණා.
අපි දෙන්නා ගොඩක් ලං වෙමින් හිටියත්…
අපි අතර සම්බන්ධය මොකක්ද කියලා අපි දෙන්නගෙන් කවුරුත් ඇහුවේ නැහැ.
සමහර රෑවල් වල ඔහු පැය ගණන් මමත් එක්ක කතා කරා.
සමහර දවස් වල message එකක්වත් නැහැ.
ඒත් ඔහු ආයෙමත් ආවම…
මම තරහ වෙලා ඉන්න තරම් අයිතියක් මට තිබුණේ නැහැ..
එයාට වැඩ ඇති කියලා මම මාව සන්සුන් කර ගන්නවා..
අපි සතියකට එක පාරක් දෙකක් හමු උනා.. අත් අල්ලගෙන ඇවිද්දා. සමහර දවස්වල අපි කොහේ හරි පහුවදා වෙනකම් හිටියා..
ආදරය කරන දෙන්නෙක් කරන හැමදේම අපි කරා හැමදේම අපි වින්දා..
අපි හමු වෙලා එකට ඉද්දි එයා මාව හරියට පරිස්සමින් බලා ගත්තා, අනෙක් හැමදේටම වඩා මට අවදානය දුන්නා.
කොටින්ම ඔහු මාව හරියට ආදරේ කරන මනුස්සයෙක් වගේම බලා ගත්තා.
හැබැයි මම ඔහුගේ කවුද කියලා.
ඔහු මගේ කවුද කියලා..
අහන්න තරම් නිශ්චිත තැනක් අපි අතර තිබුණේ නැහැ.
ඒ තරම් ඉක්මනින් අපි හමු උනාම සතුටින් කාලය ගත වෙලා අවසන් උනා හරිම වේගයෙන්..
ඔයා හැමදාම මාව මෙහෙම බලා ගන්නවද කියලා අහන්න මට අයිතියක් තිබුණේ නැහැ හයියක් තිබුණේ නැහැ..
මට තේරුණ එක දෙයක් මමත් එක්ක ඉන්න හැම විනාඩියම එයාට මගෙන් සැනසෙන්න ඕන උනා..
මම නැති වෙලාවට එයා කොහොම ඒ සැනසුම හොයනවද ලබා ගන්නවද කියලා මම දන්නෙ නැහැ.. එහෙම අහන්න තරම් නිශ්චිත තැනක් ඔහු මට ඉතිරි කරේ නැහැ..
මට ඒක අහන්න අයිතියක් තිබුණේ නැහැ..
එයා දුර ඉද්දි මම ඇහුවම ඔයාට කොහොමද හොදින්ද කියලා..
මම ආසයි එයාගේ ප්‍රතිචාරය මේ වගේ එකක් වෙනවා නම්,
මට ඔයාව මතක් වෙනවා,
මට ඔයා නැතුව පාලුයි.
එයා කවදාවත් මට එහෙම කියලා නැහැ..
එයා කියන්නේ මම හොදින් ඔයාට කොහොමද ?
ඔයා නැතුව මට හොදින් ඉන්න අමාරුයි කියන්න මට හයියක් තිබුණේ නැහැ, එහෙම කියන්න මම කවුද
ඉතින් මමත් බොරුවට කියනවා මමත් හොදින් කියලා..
එයා මමත් එක්ක ඉන්න හැම මොහොතකම මගෙන් සැනසෙන්න උත්සාහ කරා. මමත් ඔහු ළඟ ඉද්දි අමුතු නිදහසක් දැනුනා. ඔහු නැති වෙලාවල පවා ඒ හැඟීම මගේ හිත ඇතුළේ ඉතුරු වෙලා තිබුණා.
අවසානයේදී මට තේරුම් ගියා.
ඔහුට මගෙන් සැනසීමක් ඕන වුණා…
මට ඔහුගෙන් පැවැත්මක් ඕන වුණා..
එදා වැස්ස දවසක්. අපි වෙනදා වගේම නිදහස් තැනක හිටියේ. එයාගේ උරහිසට බර වෙලා ඉන්න ගමන් මම හිත ඇතුළේ මාස ගණනාවක් තිස්සේ හිර කරගෙන හිටපු ඒ ප්‍රශ්නය එළියට දැම්මා.
ඇත්තටම අපි කවුද? අපි අතර තියෙන මේ බැඳීමට දෙන නම මොකක්ද?
ඒ වෙලාවේ එයාගේ ශරීරයේ ඇති වුණ පොඩි ගැස්ම මට දැනුණා. එයා මගේ ඇස් දෙස කෙලින් බලන්නේ නැතුව, තවත් දුම්වැටියක් පත්තු කරගත්තා.
ඇයි අපි දැන් ඉන්න විදිය හොඳ නැද්ද? ඇයි මේ හැමදේටම ලේබල් ගහන්න හදන්නේ? අපි මේ Moment එක එන්ජෝයි කරමුකෝ. අපි ලොකු බැඳීම්වලට හිර නොවී මෙහෙම ඉමු.
ඔහු බොහොම සැහැල්ලුවෙන් ඒ වචන ටික කිව්වත්, ඒ හැම වචනයක්ම මගේ පපුවට වැදුණේ උල් පිහියකින් අනිනවා වගේ.
මම ඔයාට ආදරෙයි. මට ඕන ඔයා මගේ කියලා ලෝකෙටම කියන්න...
මම බැගෑපත් වුණා.
ආදරේ කියන්නේ ලේබල් එකක් නෙවෙයිනේ, අපි දෙන්නා එකට ඉන්නවා, සතුටු වෙනවා. ඒ ඇති නේද? මම කැමති නැහැ බැඳීම්වලට හිර වෙන්න....
එදා ගෙදර ආවට පස්සේ මට දැනුණේ මුළු ලෝකයම මාව පාවා දුන්නා වගේ. අපි ආදරය කරන දෙන්නෙක් කරන හැමදේම කළා. හැම සැනසීමක්ම වින්දා.
ඒත් අවසානයේ මම ඔහුට කවුද?
ඔහු මගේ කවුද?
අපි අතරේ මේ තියෙන්නේ මොකක්ද...
කියන උභතෝකෝටික ප්‍රශ්නය මම ඉස්සර හිටන් ඉන්නවා...
අපි අතරේ තිබුණේ සබඳතාවයක් නොවූ, හුදෙක් පහසුව තකා පවත්වාගත් අවස්ථාවක් (A Situation) පමණයි...
මම එයාට යැවූ Good Morning මැසේජ් එක දැන් මටම ලැජ්ජාවක්. මම එයා වෙනුවෙන් බලන් හිටපු රෑවල් දැන් මට වේදනාවක්. Situationship එකක භයානකම දේ තමයි, හදවත කැඩුණත් ඒ ගැන අඬන්න මට අයිතියක් නැහැයි කියලා මටම දැනෙන එක.
මොකද... අපි පෙම්වතුන් නෙවෙයිනේ...
Psy: Counselor
Kasun Rajapaksha
fans
Click here to claim your Sponsored Listing.
Contact the practice
Telephone
Website
Address
Matara