TSDS prefect guild
29/11/2022
2019/2020 වර්ෂවල දහම් පාසල වෙනුවෙන් සිසු විදානයින් ලෙස කල මෙහෙය අගයනු වස් ආදි නයු නයුවියන් විසින් පැවැත් වූ මෙහෙවර ඇගයීමේ සහතික පත් ප්‍රදානෝත්සවය කැමරා ඇසින් 2022.11.13
27/11/2022
ශිෂ්‍ය විධායක මණ්ඩලයේ 15 ක් ශිෂ්‍ය නායක මණ්ඩලත්‍රයේ 81 ක් සඳහා අභීත පරපුරක පැළැඳි නිල ලාංඡන දරමින් ආයතනික නෛතික බලය උසුලමින් සසුන් මෙහෙවරයෙහි යෙදෙණු වස් ආශිංසනා෴
සියලු ම ශිෂ්‍ය නායක නායිකා දරු දැරියනගේ ඇස ගැටුමට
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිටින ඔබ හැමෝම ප්‍රතිඥා ලබාදුන් පිරිසකි.ඒ සාමාන්‍ය පාසලක ශිෂ්‍ය නායක දිවුරුම්දීමක් හා සමාන නොවන්නකි.ඒ මක් නිසාද? අප දහම් පාසල් ශිෂ්‍ය ප්‍රතිඥාව සාමාන්‍ය පුද්ගලයන් ඉදිරියේ දෙන්නක් නොව මේ ලෝකයේ අපට ඇති උතුම් ම රත්නත්‍රය වූ තෙරුවන් කෙරෙහි වූ ප්‍රතිඥාවකි.
එම නිසා ඔබ නිති පන්සිල් රකින පොහොය අටසිල් රකින ආගම දහම අනුව හැඩගැහෙන ඉඳුරන් සංවර කරගත් පුහු ආටෝප නැති චාම් බව හා හැමෝ සමඟම සුහදව කටයුතු කරන කුලදෙව් මාපිය ගුරුවර වැඩිහිටියන් පුදන ධර්මඥානය දියුණු කර ගනිමින් හොඳ සිංහල බෞද්ධ දරුවෙකු ලෙස හැම තැනක ම හැම මොහොතක ම කටයුතු කිරීමට දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත යුතුයි.
ප්‍රතිඥා ලබාදුන් ඔබේ ප්‍රධාන ශිෂ්‍ය විධායක අයියාට හා අක්කාට අද දින සිට දහම් පාසලේ ගුරුවරයකු හා සමාන බලයක් නෛතිකව හිමි වන අතර ඔවුන් හා එක්ව ශාසනික මෙහෙවරයෙහි ශ්‍රද්ධාව මුල් කරගෙන ම දෛනික කටයුතු අනලස්ව හා අප්‍රමාදීව යෙදෙන්න.
යම් හෙයකින් ඔබේ වගකීම් විරහිතව හෝ විනය විරෝධිව කටයුතු වාර්තා වූ විට ප්‍රධාන ශිෂ්‍ය විධායක අයියා හෝ අක්කා යම් ශිෂ්‍ය නායක නායිකාවක සේවයෙන් ඉවත් කිරීමක් කරන්නේද එවැනි අවස්ථාවලදී දහම් පාසලේ අප ගුරුවරු ලෙස කිසියම් හෝ මැදිහත්වීමක් නොකරන බව දැඩිසේ මතකයේ රඳවා ගත යුතුයි.
ඔබ ඔබට අවංක වන්න අන් අයට ආදර්ශවත් වන්න. එවිට ශිෂ්‍ය නායකයකු ලෙස ඔබ බැබලීම පමණක් නොව ඔබ තනන අප දහම් පාසලද බැබලෙන්නේය෴
තෙරුවන් සරණයි
මම ඔබේ අනුශාසක හිතවත් සුමේධ හාමුදුරුවෝ
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Address
Thelijjawila
Matara