Geography with JR

Geography with JR

Share

06/10/2021

2023 A/L නව පන්ති ආරම්භය
සැ. යු. පළමු මස සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ
උත්සාහය, උනන්දුව, කැපවීම, පමණක් රැගෙන එන්න

Photos from Geography with JR's post 02/11/2020

සිංහරාජය..
ලෝක උරුම වනාන්තර අතරත් ජෛව විවිධත්වයෙන් ඉස්සරහින්ම තියෙන නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක් තමයි සිංහරාජ වනාන්තරය.
සිංහරාජ වනාන්තරය මාතර,ගාල්ල,රත්නපුර කියන දිස්ත්‍රික්ක තුනටම අයිතියි.උතුරෙන් නාපොල දොල සහ කොස්ගුලන ගඟත්,බටහිරෙන් කළුන්දාව ඇල සහ කුඩව ගඟත්,නැගෙනහිරෙන් මෝනිංසයිඩ් වතුයායත්,දකුණෙන් ගිං ගඟ සහ මහදොලත් මායිම්ව සිංහරාජ වනාන්තරය පිහිටලා තියෙනවා.වනාන්තරය එන්න ප්‍රධාන පාරවල් 04ක් තියෙනවා.හිනිදුම-නෙළුව,කලවාන-වැද්දාගල,දෙනියාය-පල්ලේගම,රක්වාන-මෝනිංසයිඩ් කියන්නේ ඒ මාර්ග 04.සිංහරාජය ඇතුලේ 600m වඩා උස කදු මුදුන් 05ක් තියෙනවා.උසම තැන තමයි 1171m උස හිනිපිටිගල කන්ද.සාමාන්‍ය වර්ෂාපතනය 3000-6000mm අතර ප්‍රමාණයක්.ඒ වගේම වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 18-27 ත් අතර ප්‍රමාණයක්.බ්‍රාහ්මණ ඇල්ල,ඌරා වැටුණු ඇල්ල,දූවිලි ඇල්ල කියන ප්‍රධාන ඇලි සහ තවත් දිය ඇලි ගණනාවක් සිංහරාජයේ පිහිටලා තියෙනවා.
ශාඛ ඝනත්වය හෙක්ටාරයකට 240000ක ප්‍රමාණයක්.සිංහරාජයේ ශාඛ විශේෂ 340න් 192ක්ම ලංකාවට ආවේණිකයි.ඒකෙනුත් 15ක් තියෙන්නේ සිංහරාජේ විතරයි.ඒවිතරක් නෙවෙයි සිංහරාජේ ශාඛවලින් 75%ක් මේරටට ආවේණික ඒවා.⁣ලංකාවට ආවේණික ක්ෂීරපායි සත්ත්ව විශේෂ 12න් 08ක්ම සිංහරාජයේ ඉන්නවා.පක්ෂි විශේෂ 160ක් අතරින් ලංකාවට ආවේණික විශේෂ 18ක් ඉන්නවා.තව උරගයෝ විශේෂ 45ක් ඉන්නවා.ඒකෙන් 21ක්ම ලංකාවට ආවේණිකයි.උභය ජීවී විශේෂ 50ක්,ක්ෂීරපායි විශේෂ 40ක්,මතශ්‍ය විශේෂ 20ක්,සමනල විශේෂ 20කට සිංහරාජය නවාතැන්පල වෙලා තියෙනවා.1978 දී යුනෙස්කෝව සිංහරාජය ජෛව ගෝල රක්ෂිතයක් විදිහට නම්කරා.ඒකට හේතු කිහිපයක් ඔවුන් දැක්වුවා.ජෛව විද්‍යාත්මක වැදගත්කම,පාරිසරික පද්ධති සේවාව,ජල පෝෂක ප්‍රදේශක් වීම ඒ අතරින් විශේෂයි.1988 දී ජාතික උරුමයක් විදිහට ප්‍රකාශයට පත්වෙන සිංහරාජය 1989 දී යුනෙස්කෝව ලෝක උරුමයක් විදිහට නම්කරනවා.
සිංහරාජ වනාන්තරයේ මූලික ස්ථර 05ක් තියෙනවා.ඒ නෙරු ස්ථරය,බිම් ස්ථරය,උප වියන් ස්ථරය,යටි වියන් ස්ඞථරය සහ වියන් ස්ථරය විදිහට.දුර්ලභ සත්ත විශෙශ්ෂක්වන කෙනිපාත වැල්ලා,කුරන් කරවලාත් සිංහරාජෙ ඉන්නවා.
සිංහරාජයට මුලින්ම පාරක් කපන්නේ 1963.ඒ වැද්දාගල ඉදන් කුඩාව දක්වා.පස්සේ කැනඩාවේ රීඩ් ⁣කොලින්ග්ස් සමාගමේ සහය අරන් කොස්ගම තුනී ලෑලි සංස්ථාව පිහිටවලා උතුරු පැත්තේ හෙක්ටාර් 5000ක් ලී ගන්න වෙන්කරනවා.දැව අරන් එන්න අඩි 12-15ක් පාරකුත් හැදුවා.ආව විරෝධයත් එක්ක ඒක නතරකරත් ඒ වෙද්දී හෙක්ටාර් 2500ක් කපලා ඉවරයි.ඊට අමතරව සත්ව දඩයම,වැලි ගොඩදැමීම,සංචාරකයන්ගේ හැසිරීම,වල්ලපට්ටා කැපීම,විවිධ ජල යෝජනා නිසා පරිසර හානිය නිතරම සිදුවෙනවා.අලුත්ම දේ තමයි ලංකාගමට කපන පාර.මේ විනාශය නතරඋනේ නැත්නම් සිංහරාජට මොනවවෙයිද කියන්න බෑ.ඒ හින්දා මේ ලෝක උරුමය ආරක්ෂා කරන එක හැමෝගේම වගකීමක් කරගන්නවනම් අනාගතයටත් මේ සුන්දර සංවේදී පරිසර සම්පත ඉතුරුවෙයි.
Sinharajaya..
The Sinharaja forest is a tropical wet evergreen forest in front of biological diversity among the world heritage forest.
The Sinharaja forest belongs to all three districts called Matara, Galle, Ratnapura. The Sinharaja forest is located on the Napola river and Kosgulana river from the north, Kalundawa canal and Kudawa river from the west, Moningside city from the east, Ging river from the south and Mahadolath border. There are 04 main roads to come to the forest. Hiniduma-Neluwa, Kalawana-Waddagala, Deniyaya-Pallegama, Rakwana-Morningside are 04. roads. There are 05 tops of mountains above 600 m in Sinharajaya. The highest place is 1171 m tall Hinipitigala mountain. Normal rainfall is between 3000-6000 mm. And the annual temperature is between 18-27 degrees Celsius. Brahmana Ella, Pig Falls, Duvili Ella and many other waterfalls are located in Sinharaja.
Branch density 240000 per hector. 192 out of the 340 branches of Sinharaja are unique to Sri Lanka. Only Sinharaja has 15 out of that. Not only that, 75 % of the Sinharaje branches are native to this country. Sri Lanka has 08 out of 12 unique horoscope animal specialists in Sinharaja. Among the 160 special birds, Sri Lanka has 18 native specialities. There are 45 more uragayo specials. 21 of them are unique to Sri Lanka. Sinharajaya has resided for 50 ubhaya biological specialities, 40 ksheerapai specialities, 20 butterfly specialities. In 1978 UNESCO was named as a Sinharajaya biological goal reserve. They showed some reasons for that. The importance of biological, environmental service, water feeding area is special. The Sinharaj, which was declared as a national heritage in 1988, will name UNESCO as a World Heritage in 1989
There are 05 basic layers in the Sinharaja forest. It's as a neru layer, ground level, sub-vine layer, lower vine layer and vine layer. Kenipatha Valla, which is a rare truth, is still in Sinharaja even after making Quran.
The first way to Sinharaja is cut from 1963. A Waddagala to Kudawa. Later, Kosgama Thuni Lali Corporation will be set up with the support of Reed Collings in Canada and reserve 5000 hectares of wood in the north side. Made a 12-15 feet way to bring wood. Even though it was stopped with the protest that came, 2500 hectares have been cut off by that time. In addition to this, animal hunting, sand building, tourist behavior, Wallapatta cutting, various water proposals cause environmental damage. The latest thing is the road to Sri Lanka. Can't tell what will happen to Sinharaja if this destruction doesn't stop. So, if it's everyone's responsibility to protect this world heritage, this beautiful sensitive environment will be left for the future too.

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matara