Ceylon One Hearts

Ceylon One Hearts

Share

07/12/2025
05/11/2025

ඔබ සැමට පින් බර ඉල් පසලොස්වක පෝය දිනයක් වේවා.!!!

🌸 ඉල් පෝය දිනයේ ශාසනික වැදගත් කම.

🌸ලෝ වැසියන් ගේ හිත සුව පිණිස ප්‍රථම ධර්ම දූත කණ්ඩායම පිටත්කර හැරීම.

🌸බුදුහිමියන් විසින් තුන් බෑ ජටිලයන් දමනය කිරීම.

🌸 අග්‍ර ශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය .

🌸 මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම ඇතුළු ශාසනික සිදුවීම් රැසකට මඟ පෑදූ ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

🌸 බුදුහිමියන් සම්බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතනාරාමයේදී ප්‍රථම ධර්මදේශනාව පැවැත්වීමෙන් පසු බුදු සසුනේ පළමු පැවිදි පිරිස සැට නමක් විය .ඒ පස්වග තවුසන් සහ යස කුලපුත්‍රයා ප්‍රමුක යහළුවන් පිරිස එක් වීමෙනි .මෙම භික්ෂූන් වහන්සේලා සඳහම් චාරිකාව ඇරඹුවේ අදවන් ඉල් පොහොය දිනකය .

🌸උරුවෙල් දනව්වේ නේරංජනා ගඟ අසබඩ අසපු තනා ගෙන වාසය කළ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප ,ගයා කාශ්‍යප යන ජටිලයන් ඇතුළු එක්දහස් පන්සියයක් දෙනා බුදු හිමියන්ගෙන් බණ අසා පැවිදි වූයේ ද අද වැනි දිනයකයි .

🌸සැරියුත් මහරහතන් වහන්සේ තම උපන් ගමට ගොස් මවට ධර්මය අවබෝධ කරදී පිරිනිවන් පෑ වදාළේ ද අද වැනි පොහෝ දිනයක ය .

🌸තුසිත දෙවිලොව වස් විසූ බුදුහිමියන් දඹදිව සංකස්ස පුරයට රන් හිණි මගකින් වැඩම කරද්දී එම අසිරිය දැකබලා ගන්නට බොහෝ දෙනෙක් එහි පැමිණියහ. එවකට සිරිවර්ධන නම් සිටුවරයා ගේ පුතකු ව ඉපිද සිටි මෙත් බෝසතුන් මෙම අසිරිය දැකබලා ගන්නට පැමිණියහ. පසුව බුදු සසුනේ පැවිදි වූ උන්වහන්සේ තමාට දායකයින් පිදූ වස්ත්‍ර යුගලයක් බුදු හිමියන්ට පූජා කළහ. එහි ආනිසංසයෙන් ඔබ මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රිය නමින් මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන බව පවසා බුදු හිමියෝ නියත විවරණ දුන්හ .

🌸පසු වස් පවාරණය සහ කඨින චීවර පූජා පින්කම සිදු කළ හැකි අන්තිම දිනයද ඉල් පෝය දාට යෙදී තිබීම මෙම පෝය දිනයේ විශේෂත්වයකි .

පින්බර පෝය දිනයක් වේවා 🙏🙏🙏

තෙරුවන් සරණයි🙏❤️

Want your organization to be the top-listed Non Profit Organization in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Thalalla
Matara
81180