AyurCare

AyurCare

Share

16/10/2021

ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් ද?

ස්ත්‍රියක් නිරෝගී බව අනාගතයේ නිරෝගී දරුවකු ලබා ගැනීමට හැකියාව පවතිනවා යන්න නිර්ණය කල හැකි ඉතා වැදගත් සාධකයක් තමයි ක්‍රමවත් ඔසප් චක්‍රයක් පැවතීම.මෙහි අක්‍රමිකතා පැවතීම නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවෙයි.එය දරුවන් ලබා ගැනීම මෙන්ම ප්‍රජනක ඉන්ද්‍රියයන් ආශ්‍රිතව ඇතිවන දීර්ඝකාලීන රෝග තත්ත්ව වලටද හේතු විය හැකියි.

එසේනම් අපි විමසා බලමු නිරෝගී ආර්තවයක ලක්ෂණ මොනවාද කියල

ආයුර්වේදානුකූලව විමසා බලන විට,

වැඩිවියට පත් වූ ස්ත්‍රියකගේ
-චන්ද්‍ර මාස 1කට වරක් එනම් දින 28කට වරක් සිදුවන
-නොඇලෙන සුලු
-දාහ වේදනාවෙන් තොරවූ
-දින 3-5ක් පවතින්නාවූ
ප්‍රමාණය ඉතා අධික හෝ අල්ප නොවූ (අංජලී 4ක ප්‍රමානය -80ml)
-රත් පැහයට හුරු වූ ( රතු ඔලිඳ ඇටයක පැහැය,හාවාගේ රුධිරයේ වර්ණය,රතු නෙලුම් පෙති යුෂ වර්ණය..) යෝනිමාර්ගයෙන් පිටවන රුධිරය නිරෝගී ආර්තවය ලෙස හැදින්විය හැකියි.
-එමෙන්ම සේදු විට පැල්ලම් නොසිට ඉවත් වී යා යුතුය.

මේ ලක්ෂණ වලින් වෙනස් වී පවතින ඕනෑම තත්ත්වයක් ඔසප් අක්‍රමිකතාවක් ලෙස හදුනා ගත හැකියි.

ඒ අනුව

-ඔසප් 2ක් අතර කාලය ඉතා දීර්ඝ වීම හෝ කෙටි වීම ( දින 25- 35අතර සිදු වීම සාමාන්‍ය ලෙස සැලකිය හැකියි)

-අධික වේදනාවෙන් යුතුව ඔසප් රුධිරය පිටවීම ( වේදනානාශක භාවිතා කිරීම අත්‍යවශ්‍ය වීම)

-ඔසප් පවතින දින ගණන දින 2කට වඩා අඩු වීම හෝ දින 7කට වඩා වැඩි වීම

-අධික රුධිර වහනයක් සිදු වීම හෝ ඉතා අල්ප.රුධිර ප්‍රමාණයක් පිටවීම (දිනකට භාවිතා කරන සනීපාරක්ෂක තුවා ගණන මගින් මෙය නිර්ණය කල හැක)

-රුධිරය සමග තද පැහැයෙන් යුත් කැටිති පිටවීම ( ගර්භාෂයේ තුනී බිත්ති ගැලවීයාම නිසා මද වශයෙන් කැටිති තිබිය හැකි වුවත් අධික ලෙස පවතින කැටිති ස්වභාවය අස්වාභාවික විය හැක)

-ඔසප් 2ක් අතර කාලයේදී මද වශයෙන් නිතර රුධිරය පිටවීම

-රුධිරයේ වර්ණය ඉතා තද කලු පැහැයට හුරු වීම හෝ ලා රතු පැහැයෙන් යුක්ත වීම

මෙලෙස ඔසප් අක්‍රමිකතා ඇති වීමට හේතු මොනවාද ???
-ගර්භණීත්වය හෝ මව් කිරි ලබාදීම
-මානසික ආතතිය
-නිසි පෝෂණය නොලැබීම
-සමහර රෝගී තත්ත්වයන්
-සමහර රෝගවලට ගන්න ඖෂධ
-හෝමෝන අඩංගු උපන් පාලන ක්‍රම
-සිරුරේ බර වැඩිවීම
-සිරුරේ හෝමෝන අසමතුලිතතාව(PCOD)

මෙලෙස ඇතිවන අක්‍රමිකතා වලට අවධානය යොමු නොකොට නිසි ප්‍රතිකාරයක් වෙත යොමු නොවී නොසලකා හැරීමෙන් විවිධ රෝගාබාධ වලට ලක් වීම මෙන්ම අවශ්‍ය අවස්තාවේ දරුවකු ලබා ගැනීමට නොහැකි විම බොහෝ කාන්තාවන් අත්විදින තත්ත්වය බවට පත් වී තිබේ.

නිවැරැදි ලෙස ආයුර්වේද ප්‍රතිකාර වලට යොමු වීම මගින් මෙම තත්ත්වය ඉතා හොදින් සුව කල හැකි අතර එහිදී ඖෂධ මෙන්ම නිවැරැදි ආහාර පාන ,ජීවන රටාව පිලිබදවත් අවධානය යොමු කිරීම සිදු විය යුතුයි.

15/10/2021

ලෙඩ වලින් බේරෙන්න වෙරළු ආහාරයට ගන්න...

වෙරළු ශ්‍රීලංකාවට හා ඉන්දියාවට ආවේණික ශාකයකි. 15m ක් පමණ උසට වැඩෙන වෙරළු ගස පළල්ව පැතිරුණු අසමමිතික හැඩයක් ඇති වියනකින් යුක්තය. පෙබරවාරි, මාර්තු හා සැප්තැම්බර්, ඔක්තෝම්බර් යන මාස වලදී වෙරළු මල් හටගනී. වරකට විශාල වශයෙන් පිපෙන වෙරළු මල් වලින් එයටම ආවේණික සුවඳක් නිකුත් වේ. සාමාන්‍යයෙන් ඕවලාකාර හැඩැති වෙරළු ගෙඩි ඒවායේ විශාලත්වය, රසය සහ පැහැය යනාදියෙන් විවිධත්වයක් පෙන්වයි.

ඒ අනුව දේශීයව හඳුනාගත හැකි වෙරළු ප්‍රභේද ලෙස,

• මස් වෙරළු
• පොල් වෙරළු
• ගල් වෙරළු
• නිල් වෙරළු (විදේශයෙන් හඳුන්වා දී ඇත.)

ආදී ලෙස වෙරළු වර්ග ගණනාවක් හඳුනාගත හැකිය.

ගල් වෙරළු යනු ආහාරයට නොගන්නා වෙරළු විශේෂයකි. එහෙත් එහි බීජයේ මදය කොට්ටම්බා මෙන් ආහාරයට ගන්නා බවද පැවසේ. ඉහත කී වෙරළු විශේෂ ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන වල හා ගෙවතු වල දක්නට ලැබේ.

ඉදුණු ඵල නැවුම් පලතුරක් ලෙස ද, පැසුණු ඵල තම්බා හෝ අච්චාරු ලෙස සකසා ගැනීමෙන් ද ආහාරයට ගනී. ඉදුණු ඵල යොදාගෙන රසවත් බීම හා ආහාර වර්ග පිළියෙල කළ හැකි අතර, වෙරළු ඵල හා පත්‍ර ආයුර්වේදයේ දී පාචනය, අතීසාරය, හිස්හොරි හා පටපණුවන් මර්ධනයට ඔසු ලෙස භාවිතා කරයි. වෙරළු මී මැසි පාලනයේදී රොන් ලබාගැනීමේ ප්‍රභවයක් ලෙස ද යොදාගනි. එසේම වෙරළු උද්‍යාන අලංකරන කටයුතු වලට භාවිතා කළ හැකි අලංකාර ශාකයකි.

වෙරළු වල පෝෂණය :-

වෙරළු රසවත් මෙන්ම පෝෂණ ගුණයෙන් ඉහළ පලතුරකි.

වෙරළු 100g ක ඇති පෝෂණය

• ජලය - 80.2g
• ශක්තිය - 72Kcal (කිලෝ කැලරි)
• ප්‍රෝටීන් - 1.2mg
• කාබෝහයිඩ්‍රේට - 16.2g
• කැල්සියම් - 18mg
• පොස්පරස් - 29mg
• විටමින් C - 30mg
• මේදය - 1.2g
• කැරොටින් - 330mg
• තයමින් - 20mg
• රයිබොෆ්ලෙවින් - 0.4mg

දේශීය වෙදකමේදී වෙරළු භාවිතය

දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ගුණ දෙන හොඳම දේශීය පලතුරකි වෙරළු. ඔබ දියවැඩියාවෙන් පෙලෙන අයෙකු නම් මෙහි සත්‍ය අසත්‍යතාවය ඔබට අත්දැකිය හැකියි. හොඳට ඉදුණු වෙරළු ගෙඩි 15 ක් පමණ දිනකට ආහාරයට ගන්න. මෙය උදේ, දවල්, සවස ඕනෑම වෙලාවක ගත හැකියි. රාත්‍රී කාලයේදී ආහාර ජීර්ණය ප්‍රමාද වී සිදුවන නිසා වෙරළු රාත්‍රියට ආහාරයට ගතහොත් එහි නියම ප්‍රතිඵල ඔබට ලබාගන්නට නොහැකි වේවි. මේ විදිහට සති 02ක් වෙරළු ආහාරයට ගෙන ඔබ ඔබගේ සීනි මට්ට්ම පරීක්ෂා කරගන්න. එවිට ඔබේ රුධිර සීනි මට්ටම පහත ගොස් ඇති බව ඔබම අත්දකීවි.

දියවැඩියාවට විතරක් නෙවෙයි ශරිරයේ හටගන්නා විෂ සහිත තත්වයන් සමනය කිරීම, හෘදයාබාධ ඇතිවීම වැළැක්වීම, පිළිකා සෛල වර්ධනය වීම වැළැක්වීම, ආහාර දිරවීම පහසු කිරීම, ශරීරයේ තැන්පත් වන මේද ප්‍රමාණය අඩුකිරීම, සම ශක්තිමත් කිරීම හා ලේ පිරිසිදු කිරීම ආදී බොහෝ ගුණ ඔබට වෙරළු ආහාරයට ගැනීමෙන් උරුම වෙනවා.

වෙරළු ගෙඩි වල විතරක් නෙවෙයි වෙරළු කොළ කියන්නෙත් දේශීය වෙදකමේ හිස්හොරි මර්ධනය කිරීමට යොදාගන්නා ප්‍රමුඛ පෙලේ ඖෂධයක් වගේම එදිනෙදා භාවිතා කළ හැකි හොඳ අත්බෙහෙතක්. හිස්හොරි මර්ධනය කිරීම සඳහා වෙරළු කොළ අඹරා එහි ඉස්ම හිසේ ආලේප කිරීම ද හිසෙහි හටගන්නා බොහෝ රෝග තුරන් කරගැනීම සඳහා දියනෑමට විනාඩි 20 කට පමණ පෙර වෙරළු කොළ, ගොඩපර සමඟ කොටා එහි යුෂින් හිස සේදීම ද සිදුකළ හැකියි.

වෙරළු වලින් සැකසෙන රසවත් ආහාරපාන

වෙරළු බීම

මේ සඳහා හොඳට ඉදුණු වෙරළු ගෙඩි විස්සක් විතර ගන්න. ඇටය ඉතිරි වෙන්න මද ටික කපා ගන්න. මෙයට වතුර බෝතල් බාගයක් දමන්න. එයට ලුණු ටිකක් හා අවශ්‍ය පරිදි සීනි එක්කරන්න. හොඳට මද ටික පොඩිකරගන්න. බ්ලෙන්ඩර් කළත් කමක් නැත. වඩාත් රසවත් වීමට අයිස් කැට කීපයක් හා කසකසා ඇට ටිකක් එක් කරන්න. මෙය ඉතා රසවත් ගුණවත් පානයක්. ශරීරයේ මේදය නසයි. බඩගින්න නිවාගනී. උදරය බසී. කාන්තාවන්ගේ මාස් දිනවලට ඉතාම ගුණයි. ශක්තිය උදාකරයි. කිරිමව්වරුන්ට කිරි වර්ධනය කරයි.

වෙරළු අච්චාරු

වෙරළු කහ එක්කර තම්බා ගන්න. මේ සඳහා විනාකිරිද ටිකක් එක්කර ගන්න. මෙයට ලුණුඇඹරැල්ලා ගෙඩි කීපයක් පොත්ත ශුද්ධ කර කෑලි කපා එක්කරන්න. අන්නාසි, ඇඹුල් ලොවි, අඹ ජපන් බිලිං (ඇඹුල් නෙල්ලි) මිරිස් කුඩු සමඟ තම්බාගත් වෙරළුවලට දමා හොඳට කලවම් කරගන්න. අවශ්‍යනම් සීනි ස්වල්පයක් එක්කරගන්න. විනෝද චාරිකාවක් යන විට රැගෙන යාමට සවස් වරුවේ විනෝද අවස්ථාවකට ගැළපෙන සිංහල ආහාරයක් වශයෙන් සඳහන් කිරීමට හැකි අතර මෙයින් උදරයේ ඇති රෝග නිවාරණය සිදුවේ. බඩ පිපුම ආහාර දිරවීම අජීර්ණතාවයන් සුව කිරීමට මෙම අච්චාරුවට හැකියාව ඇත.

වෙරළු ව්‍යාංජනය

වෙරළු මදයට රතුළූණු, අමුමිරිස්, උම්බලකඩ, තුනපහ, මිරිස්කුඩු, කහකුඩු ස්වල්පයක් දමා දියකිරෙන් තැම්බෙන්නට හැර පසුව ඒවා මිටිකිරෙන් සිඳුවා පිසගන්න.

06/10/2021

Sciatica හෙවත් ගෘද්‍රසී රෝගය

කොන්ද ප්‍රදේශයේ සිට කලවා කෙණ්ඩා ප්‍රදේශයට පැතිර යන වේදනාව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ගෘද්‍රසී රෝගය නමින් හැඳින්වේ. විශේෂයෙන් මෙය පාද වල පිටුපස ප්‍රදේශය ඔස්සේ පහලට විහිදී යයි. සමහර අවස්ථා වලදී මෙය කටී (කොන්ද/තුනටිය) ප්‍රදේශයේ පමණක් පවතින අතර තවත් සමහර අවස්ථා වලදී පාද වල පමණක් පවතී. බහුලවම හමු වන්නේ කොන්ද ප්‍රදේශයේ සිට පාද දක්වා පැතිර යන වේදනාව සහිත අවස්ථාවන්ය.

කොඳු ඇට පෙලෙහි ඇතිවන ස්නායු තෙරපීම මෙම රෝගයට හේතුව ලෙස දැක්වේ. මේ සඳහා ඉතා සාර්ථක ප්‍රතිකර්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සතු වේ. වේදනා නාශක, ශල්‍යකර්ම ආදියෙන් තොරව ඉතා සරල ප්‍රතිකර්ම මගින් මෙම රෝගය බොහෝ දුරට සුව කරගත හැකි වන අතර මේ සඳහා බාහිර ආලේපන ඖෂධ සහ අභ්‍යන්තර ශාකසාර ඖෂධ භාවිත වේ. නිසි ආකාර ආයුර්වේද ප්‍රතිකාර මගින් සති දෙකක් වැනි කාලයකදී වේදනාකාරී රෝග ලක්ෂණ 90% ක් පමණ අඩු කරගත හැකි වේ.

ප්‍රතිකාර සඳහා විමසන්න

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matara
81000