DIRTY MIND SL

DIRTY MIND SL

Share

02/07/2022

අපි හොයනවා වගේ බැදීම් මේ ලෝකේ කොහේවත් නෑ කියලා මට තේරෙනකොට අපි හුගක් දුර ගිහින් තිබ්බා..

සමහර දවස් වල සමහර හවස් වල තිබ්බ හැගීම් වචන වලට පෙරලන්න අමාරු වුනත් ඒ හැම තැනකම ඔයා මාත් එක්ක හිටියේ පුදුම තරම් ආදරයකින් කියන්න කිසිම තර්කයක් අවශ්‍ය වෙන්නේ නෑ..

මනුස්සයෙක් විදියට ජීවිතේ එක එක කාර්තු පහු කරගෙන ඉස්සරහට යනකොට සමහර තැන් වලට මට ඔයාව මග හැරුනත් මම හිතුවේ ඔයා තදින්ම මාව අල්ලගෙන ඉදී කියලා..මොකද එක පාර්ශවයක් නිශ්ශබ්ද වෙනකොට අනිත් පාර්ශවය ඔටෝමැටිකලිම ඇක්ටිව් වුනාම අර පාර්ශවය ඉබේටම ආයෙත් ට්‍රැක් එකට වැටෙනවා..ඒක මහ පුදුම දෙයක් නෙවෙයි..ඒක තමා හැටි..

කොහොම උනත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරන්න පෙලබෙන්න පුලුවන් කමක් තිබ්බා ආශාවන්,තන්හාවන් හැමදේම මනසින් නිදොස් කරගන්න පුලුවන් වුනානම්..ඒත් පෘතක්ජන මනුස්සයෙක් විදියට මටත් ඔය කියන දේවල් එහෙන් පිටින්ම තිබ්බ නිසා සමහර තැන් වල මම ඔයාගෙන් මගෙන් බලාපොරොත්තු වෙනවටත් වඩා සමහර දේවල් බලාපොරොත්තු වුනා..සමහර වෙලාට මම වැරදි වෙන්න පුලුවන්..ඒත් කරන්න දෙයක් නෑ..ඒ ඉතින් මගේ හැටි..මම හිතුවේ ඒ හැම දේකටම ඔයා හුරු වේවි කියලා..ඒත් අවසානයේ ඔයත් ඔයාගේ ගමන යන්න පටන් ගෙන තිබ්බා...

මම කොයිම තැනකවත් ඔයාට වරදක් කියන්නේ නැත්තේ දවසක් හරි ආදරේ කරපු මනුස්සයෙක්ට කවදාවත් එක තත්පරේකටවත් හිතේ වෛරයක් තියෙන්න විදියක් නෑ..කලකිරීම වෙනයි වෛරය වෙනයි..ආදරේ නිසා කලකිරීමෙන් ඉන්නවා කියන්න පුලුවන්,හැබැයි ආදරේට වෛර කරනවා කියලා මිනිස්සුන්ට කියන්න බෑ..මම කීවේ ආදරේ කරපු මිනිස්සුන්ට.

ඉතින් ඔයාට ඔයාගෙ ගමන යන්න දීලා අපි දෙන්නා එකතු කර ගත්ත මතක එක්ක මට මේ ජීවිතේ යන්න මම තීරණය කලා..කොයිම තැනක හරි ඒ මතක වලටත් වඩා එහා ගියපු මතක මගේ ජීවිතේටත් එයි කියලා මම තාමත් විශ්වාස කරනවා..

ඉතින් එතකම් මට මෙහෙම ඉන්න පුලුවන්..

"අමතක කරන්න එපා අපේ ජීවිත වලත් සුන්දර වූ සැන්දෑවන් තිබ්බ වග.."

හැම සැදෑවකම මම බලා සිටිමි නුඹ එනතුරු අර්ථවත් සැඳෑසමයකට ✨️

24/06/2022

හුඟක් ඉස්සර පාළු දවසක
හදවතේ මුල් ඔප්පු ලිව්වා
පසුව අයිතිය ගැනත් නොහිතම
ඇගේ සුරතින් ගිහින් තිව්වා .

කඩාවැටෙන තරුවක් 🌠

~ ඉලක්ෂ ජයවර්ධන ~ ❤️

Want your establishment to be the top-listed Arts & Entertainment in Matale?
Click here to claim your Sponsored Listing.

Address


Matale Hettipola
Matale