Business Development Supportive service

Business Development Supportive service

Share

BizHome Solutions provides a reliable platform to take the advantage of business development supportive services from small to large enterprises to move their business to the expected next level. We maintain the best online virtual assistant as well as the offline workflow that clients can easily choose the best medium suit to their requirements for an affordable price range.

12/07/2023

50/30/20 බජට් ක්‍රමය 💰📝

ලෝකය පුරා බොහෝ දෙනෙක් තමන්ගෙ වියදම කළමණාකරණය කරගන්න, පිළිවෙළක් ඇතුව වියදම් කරන ක්‍රමයක් තමයි මේ "50/30/20 Budget Method" එහෙම නැත්නම් 50/30/20 අය වැය නීතිය .

මේ ක්‍රමයෙන් කියවෙන්නේ මූල්‍ය වශයෙන් සාර්ථක වීමටත් ජීවිතයේ සමබර තාවය පවත්වාගන්නටත් වියදම් වර්ගීකරණය කරලා වියදම් කරන්න කියලා.ඔබට ලැබෙන ආදයමෙන්, Salary එකෙන් Tax අඩු කරාට පස්සේ එන ආදායම 50%ක් අවශ්‍යයතා (Needs) වෙනුවෙනුත්, 30% වුවමනා (Wants) වෙනුවෙනුත්, 20% ක් ඉතුරුම් (Savings) වෙනුවෙනුත් වෙන් කල යුතුයි කියලයි මේ ක්‍රමයෙන් කියන්නෙ.දැන් බලමු මොනවද මේ කොටස් 3 කියලා.

0️⃣1️⃣ අවශ්‍යයතා (Needs) - 50%

අපේ වියදම් වලින් වැඩි හරියක් අත්‍යවශ්‍යය දේවල් වලට අපි වියදම් කරනවා. උදාහරණ විදියට අපිට අවශ්‍යය කෑම බීම, ප්‍රවාහන වියදම්, ගෙවල් කුලී, බෙහෙත්, දරුවන්ගේ පාසල් ගාස්තු, ලයිට් බිල්, වතුර බිල්, ඉන්ෂුවරන්ස් ආදී ජීවත් වෙන්න අත්‍යවශ්‍යය වියදම් තමයි මේ කොටසට වැටෙන්නෙ. ඔබේ ආදායමෙන් 50%ක් මේ වෙනුවෙන් වෙන් කරන්න.

0️⃣2️⃣ වුවමනා (Wants) - 30%

වුවමනා කියන්නෙ අත්‍යවශ්‍යය නොවන නමුත් ජීවත් වීමේදී අප සිදු කරන වෙනත් වියදම්. මේ වියදම් අපට නොකර ඉන්නත් පුලුවන්. උදාහරණයක් විදියට විනෝද චාරිකා සදහා වන වියදම්, සාප්පු සවාරි, අලුත් මාදිලෙයේ ඇදුම් උපකරණ, ජිම් එකේ ගාස්තු, රූපවාහිනි ගාස්තු, තෑගි බෝග,පරිත්‍යාග, තැන් තැන් වල විනෝදෙට කෑම ගන්න එක, යාලුවො එක්ක කරන විනෝද කටයුතු ආදිය කියන්න පුලුවන්.

වියදමක් අවශ්‍යයතාවක්ද -Need එකක්ද නැත්නම් වුවමනාවක් ද-Want එකක් ද කියල අදුරගන්නෙ කොහොමද? Need එකක් කියන්නෙ ඒ වියදම නොකර අපිට ජීවත් වෙන්න අපහසුයි. Want එකක් නොකර හිටිය කියල එහෙම ප්‍රශ්නයක් නැහැ . Movie එකක් බලන්න ගියේ නෑ කියලා, Pizza එකක් කෑවෙ නෑ කියල, අලුත් ඇදුම් ටිකක් ගත්තෙ නෑ කියල, හවස යාලුවො එක්ක set උනේ නෑ කියල අපි මැරෙන්නෙ නෑ නේ? අන්න ඒව තමයි Wants නැත්නම් වුවමනා කියන්නෙ.

0️⃣3️⃣ ඉතුරුම් (Savings) - 20%

ඊළග කොටස ඉතුරුම්. මෙතන වෙන් කරන්නෙ ඉතුරුම්, ආයෝජන, හදිසි අරමුදල සදහා වෙන් කිරීම්, ණය ගෙවීම්, විශ්‍රාමික අරමුදල, උසස් අධ්‍යාපන ණය නැවත ගෙවීම් සදහා වෙන් කිරීම් ආදිය.

දැන් මේක වෙන් කරන්නෙ කොහොමද? ඔයාගෙ පඩිය නැත්නම් ආදායම එන්නෙ Bank Account එකට නම් ඒක මේ ප්‍රතිශත වලට බෙදලා වෙනම Accounts 3 කට transfer කරගන්න පුලුවන් නම් හොදයි. Savings accounts open කරන්න ඉස්සර වගේ අමාරු නැහැ දැන් Online Open කරන්න පුලුවන්. එහෙම නැත්නම් අතට සල්ලි අරගෙන ලියුම් කවර 3 ක් ගන්න. අර ප්‍රතිශත වලට පඩිය කොටස් 3 ට බෙදලා වෙන් කරලා ලියුම් කවර 3ට දාන්න. වියදම් කරද්දි ඒ වියදමට අදාල ගිණුමෙන් හෝ ලියුම් කවරයෙන් විතරක් ගන්න ස්වයං පාලනයක්, විනයක් තබා ගන්න ඕන.

එක පාර මේක පුරුදු වෙන්න අමාරුයි. හරියට කෙරෙන්නෙ නෑ. වියදම් එහෙ මෙහෙ වෙනව. යම් පීඩනයක් එනවා. ආර්ථික අර්බුධයක් තියෙන මේ කාලයේ අපේ අවශ්‍යයතා (Needs) වලට වැඩිපුර වියදම් වෙන නිසා වුවමනා(wants) කොටස කොහොමත් අඩු වෙනවා.හැබැයි කාලයක් යද්දි ඔයා හරියට කරන්න පුරුදු වෙයි.

කාලයත් එක්ක ආදායම වැඩි කරගනිද්දි ඔයාගෙ Needs ප්‍රමාණය සුලු වශයෙන් වැඩි වෙද්දි Wants සහ Savings කොටස් දෙක වැඩි කර ගන්න පුලුවන්. ඒකට වෙන ක්‍රමයක් තියෙනව. ඒ ගැන ඉදිරි ලිපියකින් කතා කරමු.

මේ ක්‍රමයට වියදම් කරන්න පටන් ගන්න. 50/30/20 ප්‍රතිශත වලට බෙදලා වියදම් කරන්න කියන්නෙ සතුටෙන් ජීවත් වෙන්නත්, පොහොසත් වෙන්නත් ජීවිතේ සමබරව පවත්වාගෙන යන්න ඕන නිසයි. එක පාරට හැමදේම වෙනස් වෙන්නෙ නැහැ.මේක හරියට කරන්න කාලයක් යනවා. වැරදි වැරදි දිගටම කරන්න.අත්‍යවශ්‍යයම දේ දිගටම කරන එක. පුරුද්දක් කරගන්න.ඔයා ඔයාටම ස්තුති කර ගනියි අමාරුවෙන් හරි මේක පුරුදු කරගත්තු එක ගැන.අලුත් දෙයක් අත්හදා බලන්න ජනවාරි 01 වෙනකන් ඉන්න එපා. හැම දවසක්ම අලුත් අවුරුද්දක ආරම්භයක්.අදම පටන් ගන්න.

🖊️වෙරානි ජයසේකර
පුද්ගලික මූල්‍ය උපදේශක
12.07.2023

(දිනපතා පළවන මෙවැනි ලිපි ඔබේ ජංගම දුරකථනයටම ගෙන්වා ගැනීමට පහත Telegram Group එකට එකතු වෙන්න-Comments off කර ඇත.)

සිංහල මාධ්‍යය Group: 👇
https://t.me/personalfinancing_sinhala_lk
English Medium Group:👇
https://t.me/personalfinancing_english_lk

07/04/2023

ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් අවධානම අඩුවෙන් සල්ලි ආයෝජනය කරන්නෙ කොහේද කියන එක.

ඔබ තේරුම් ගත යුතු පළවෙනිම දේ සියලුම ආයෝජන අවධානම් සහිතයි. ඔබේ මුදල් වගේ කීප ගුණයක් ලාභ ලබන්නත් ඔබේ මුදල් නැත්තටම නැති වෙන්නත් ආයෝජනයෙන් පුලුවන්.

ඒ නිසා තමයි ලොකු ආයෝජන කරන්න කලින් නිවැරදි මූල්‍ය පුරුදු හදාගන්න කියලා නිතර මතක් කරන්නෙ.ඕනම ශක්තිමත් ගොඩනැගිල්ලක් හැදෙන්නෙ ශක්තිමත් අත්තිවාරමක් එක්ක. හොද මූල්‍ය පුරුදු, නිවැරදි මූල්‍ය මානසිකත්වය තමයි ඒ අත්තිවාරම.

වියදම් දිනපතා ලියන්නෙ නැත්නම්, මාසෙ budget එක හදන්නෙ නැත්නම්, තාමත් ඉතිරිකිරීමක් පටන්ගෙන නැත්නම් ආයෝජන ගැන හිතන්නවත් එපා.

මොකද සල්ලි වලින් බින්දුවටම වැටුණත් ඔයාට නැගිටින්න ශක්තිය දෙන්නෙ මේ අත්තිවාරම, යහපත් මූල්‍ය පුරුදු. මොකද ආයෝජනය කියන්නෙ ඒ වගේ හරියන්නත් වරදින්නත් පුලුවන් දේවල් නිසා.

හරි ආදායමක් එක්ක වියදම් රටාව කළමණාකරණය කර ගෙන පිළිවෙළකට ඉතුරු කරන්න පුරුදු වුණ කෙනෙක්ට ඊට පස්සෙ තමන්ට අවශ්‍ය financial goals හදා ගන්න පුලුවන්.

ඔයාගෙ finacial goals මොනවද? එහෙම එකක් නැත්නම් ඒක හදාගන්න. ඒ අනුව තමයි අපි අපේ මුදල් කොහේද තැන්පත් කරන්නෙ, මොනවගෙද ආයෝජනය කරන්නෙ කියන එක තීරණය වෙන්නෙ.

මුදල් ලැබෙන පිළිවෙළට මුදල් ආයෝජනය ප්‍රධාන කොටස් 3 කට මම බෙදනවා.

0️⃣1️⃣ හදිසි අරමුදල (Emergency Funds)
සල්ලි අතට ලැබෙද්දි ඉස්සෙල්ලම තමන්ගෙ වියදම වගේ මාස 3-6 ක ගුණයක මුදලක් ඉක්මනින්ම ගන්න පුලුවන් ඉතුරුම් තැන්පතුවක් තියාගන්න ඕන. ඉතිරි කරපු මුදල් වලින් ඉස්සෙල්ලම කරන්න ඕන මේ දේ. මේකෙන් ලාභ ලබන්න බෑ. මොකද ඉතුරුම් තැන්පතු පොළී අඩුයි. හැබැයි වෙන්න පුලුවන් පාඩු නවත්තනවා.මොකද මේකෙන් ඔයාට ඕන වෙලවක සල්ලි ගන්න පුලුවන් ණය නොවී.ඒක අත්‍යවශ්‍යයි.

0️⃣2️⃣ කෙටි කාලීන අරමුදල් (Short Term Funds)
ඊළගට ඉක්මනින් අවශ්‍යය නොවෙන නමුත් අවුරුදු 5කට වඩා අඩු කාල සීමාවක් ඇතුළත මුදල් අවශ්‍ය වන මූල්‍ය අරමුණු වෙනුවෙන් ආයෝජනය මීට ඇතුළත්. මේවයේ පොලී හෝ ලාභ වැඩියි. නමුත් ඔබට අවශ්‍යය විටෙක පහසුවෙන් ලබා ගැනීම කළ නොහැකියි. එසේ මුදල් නැවත ලබා ගත්තොත් පාඩුයි. ඔබේ උසස් අධ්‍යාපන, විවාහ කටයුතු, නිවාස හෝ අවුරුදු 5ක් ඇතුළත ඉටු කරගත යුතු කෙටිකාලීන කුමන හෝ මූල්‍ය අරමුණක් වෙනුවෙන් මුදල් යෙදවීම සහ ලාබ ලැබීම මෙහි ආයෝජනයේ අරමුණයි. මේ සදහා කාල සීමාවන් අරමුණු කරගෙන ඔබට ස්ථාවර තැන්පතු, භාණ්ඩාගාර බිල්පත් බැදුම්කර ආදියෙහි මුදල් යෙදවිය හැකියි.

0️⃣3️⃣ දිගු කාලීන අරමුදල් (Long Term Funds)
අවුරුදු 5 කට වඩා වැඩි කාලයකින් ඔබට අවශ්‍ය වන මුදල් වෙනුවෙන් කරන ආයෝජන මේ ගණයට වැටේ. දිගුකාලීන අරමුණු නම් ඔබේ විශ්‍රාම දිවිය සදහා ආදායම සකස් කිරීම්, දරුවන්ගේ කටයුතු, සංචාර සදහා මුදල්, නව ව්‍යාපාර ,ධන පරිත්‍යාග වෙනුවෙන් ආදිය. මේවායේ ඉහළ ලාභ මෙන්ම අවධානමද වැඩියි.උදාහරණ. කොටස් වෙලදපොළ, දේපළ ඉඩ කඩම්, ව්‍යාපාර ආදිය.

ආයෝජනකට මුදල් යෙදවීමේදී ඔබ සැළකිලිමත් වියයුතු ප්‍රධාන කරුණු කීපයක් ඇත.

✅ ඔබේ දැනුම:
ඔබ මුදල් යෙදවීමට යන දේ ගැන කෙතරම් අවබෝධයක් ඔබට තිබේද? නොදන්නා දේවල් කවුරුන් හෝ විශාල හා ඉක්මන් ලාභ ලබා දෙන බව පොරොන්දු වුවත් ඔබ විසින්ම සොයා බලා තීරණය කරන්න.

✅ඔබේ අවධානය.
ඔබට කෙතරම් දුරට වෙළදපොල මිළ ගණන් වෙනස් වීම් ගැන, දිනපතා ඒ වෙනුවෙන් කැප කළ හැකි හැකි කාළය කොපමණද යන්න සළකා බලන්න.

✅ අවධානම් ගැනීමට ඔබේ ඇති කැමැත්ත.
අවධානම් වෙනුවෙන් ඔබේ ප්‍රතිචාරය කෙසේද යන්න සළකා බලන්න.ලාභ ලැබීමට සියලුම දෙනා කැමති වුවත් එක් එක් අය අවධානම් ගැනීමට ඇති කැමැත්ත විවිධාකරයි. උදාහරණ ලෙස ඔබ කල ආයෝජනයේදී වෙලදපොල සිදුවන කුඩා මිළ වෙනස් වීමකදී පවා ඔබ බියවී ඉක්මනින් මුදල් ආපසු ගැනීමට සිතේ නම් විශාල අවදානම් ඔබට සුදුසු නොවේ.

✅ඔබේ මූල්‍ය අරමුණු
ඔබ මුදල් ආයෝජනයෙන් බලපොරොත්තු වන්නේ කුමක්ද යන්න.

✅ඔබට ඇති මුදල් ප්‍රමාණය
ඔබට ඇත්තේ සුලු මුදල් ප්‍රමාණයක් නම් එය අවධානම් අධික ආයෝජනයක යෙදීම සුදුසු නොවේ.

ඔබ මේ කිසිවක් පිළිබදව අවබෝධයක් නොමැති, කාර්‍යබහුල කෙනෙක් නම් නිවැරදිව ආයෝජන ගැන සොයා බලා අවබෝධය ලබා ගන්නා තුරු ස්තිර තැන්පතු වැනි පහසු, අඩු අවධානම් ආයෝජන පිළිගත් බැංකුවක තබා ගන්න.එය වැල්පොළී මත ඔබේ ධනය කාලය සමග ගොඩ නගනු ඇත.

කිසිම ආයෝජනයක් නොමැතිව මාස් පතා දිගින් දිගටම ඉතුරු කිරීමේ පුරුද්ද නොකඩවා පවත්වාගැනීමෙන් වුවද ඔබට මිලියනපතියකු විය හැකිය (උද්ධමනය නොසළකා බැලීමේදී).එම නිසා ඔබේ කුඩා ඉතුරුම් පුරුද්ද අඩු තක්සේරු නොකර දිගටම පවත්වා ගන්න.

කෙසේ වුවද ඉහත සියලුම ආයෝජන, අවධානම් සහිත බව මතක තබා ගන්න.

ඉහත සියලු ආයෝජන ක්‍රම පිළිබදව සෙමින් සොයා බලා නිවැරදි විස්තර ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වෙමි.

ඔබට ජය 😊👍

🖋️වෙරානි ජයසේකර
පුද්ගලික මූල්‍ය උපදේශිකා/ජීවන උපදේශිකා
07.04.2023

(මෙවැනි ලිපි ඔබේ ජංගම දුරකථනයටම ගෙන්වා ගැනීමට පහත Telegram Group එකට එකතු වෙන්න-Comments off කර ඇත.)
සිංහල මාධ්‍යය Group: 👇
https://t.me/personalfinancing_sinhala_lk
English Medium Group:👇
https://t.me/personalfinancing_english_lk

Want your school to be the top-listed School/college in Maharagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Maharagama

Opening Hours

Monday 08:30 - 19:30
Tuesday 08:30 - 19:30
Wednesday 08:30 - 19:30
Thursday 08:30 - 19:30
Friday 08:30 - 19:30
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00