Progressive Professionals Forum
14/09/2025
චීනය "අඳුරු කර්මාන්තශාලා" සංකල්පය වැළඳගනි
මිනිස් පැවැත්මකින් තොරව නිෂ්පාදනය අඛණ්ඩව ක්‍රියාත්මක වන සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය නිෂ්පාදන කම්හල් චීනය සතුය.යන්ත්‍ර සහ රොබෝවරුන්ට ක්‍රියාත්මක වීමට පෙනීම අවශ්‍ය නොවන බැවින් මෙම පහසුකම් ආලෝකයන් නොමැතිව ක්‍රියාත්මක වේ. රොබෝ විද්‍යාව, කෘතිම බුද්ධිය, IoTජාල සහ විශාල දත්ත විශ්ලේෂණ ඒකාබද්ධ කිරීමෙන්, ඔවුන් ශ්‍රම පිරිවැය අඩු කරන අතරම උපරිම නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාව ලබා ගනී.
අඳුරු කර්මාන්තශාලාවල නැගීම ගෝලීය නිෂ්පාදනයේ ප්‍රධාන පරිවර්තනයක් පෙන්නුම් කරයි. ඔවුන් වේගවත් නිෂ්පාදන චක්‍ර, ස්ථාවර ගුණාත්මකභාවය සහ මිනිසා විසින් මෙහෙයවනු ලබන මෙහෙයුම් හා සසඳන විට අඩු දෝෂ අනුපාත ලබා දෙයි. කෙසේ වෙතත්, ස්වයංක්‍රීයකරණය වේගයෙන් ආර්ථිකයන් නැවත හැඩගස්වන විට රැකියා, ශ්‍රම බලකායේ අනුවර්තනය සහ කර්මාන්තයේ මානව භූමිකාවන්ගේ අනාගතය පිළිබඳ වැදගත් ප්‍රශ්න ද මතු වේ.
China Embraces the Concept of “Dark Factories”
China is home to fully automated manufacturing plants where production continues without human presence. These facilities operate without lights because machines and robots do not need vision to operate. By combining robotics, artificial intelligence, IoT networks and big data analytics, they achieve maximum precision and efficiency while reducing labor costs.
The rise of dark factories marks a major transformation in global manufacturing. They offer faster production cycles, consistent quality and lower error rates compared to human-driven operations. However, as automation rapidly reshapes economies, it also raises important questions about jobs, workforce adaptability and the future of human roles in industry.
14/09/2024
අවිහිංසාවාදී ද්‍රවිඩ නායක එස්.ජේ.වී චෙල්වනායගම්
එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ගේ කිට්ටු මිතුරකු වූඑස්.ජේ.වී චෙල්වනායගම්
(සැමුවෙල් ජේම්ස් වේලුප්පිල්ලෙයි) කීර්තිමත් ද්‍රවිඩ නායකයෙකි.එතුමා මැලේසියාවේ දී උපත ලබන්නේ 1898 මාර්තු 31.හේ පාකින්සන් රෝගයෙන් සහ ශ්‍රවණාබාධයකින් පෙළුණු අතර 1977 දී වයස අවුරුදු 79 දී තම නිවසේ වැටී මිය ගිය බව සදහන් වේ.
ඔහු ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) හි නිර්මාතෘ සහ නායකයා විය. දශක තුනකට ආසන්න කාලයක් ලංකා දෙමළ ජනයාගේ දේශපාලන නායකයා වූයේ මෙම අවිහින්සාවාදී චෙල්වනායගම්ය. ලංකාවේ දෙමළ ජනයාගේ පියා ලෙස විරුදාවලිය ඔහු ලබා ඇත . ඔහුව හැඳින්වූයේ "තන්තයි චෙල්වා" ලෙසිනි.
මලයාවේ(දැන් මැලේසියාව ) විදේශගත ලංකා දෙමළ පවුලක උපන් චෙල්වනායගම් කුඩා වියේදීම ලංකාවට සංක්‍රමණය විය. නීතිඥයෙකු ලෙස සුදුසුකම් ලැබීමටත් පෙර ඔහු ගුරුවරයෙකු ලෙස සේවය කළ බව කියවේ. සිවිල් නීතිය පිළිබඳ විශිෂ්ටයකු වූ ඔහු රාජ නීතිඥයෙකු විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළ තනතුරක් රජයෙන් පිරිනැමූ අතර එය ඔහු නිහතමානී ලෙස ප්‍රතික්ෂේප කළේය. තරුණ නීතීඥ චෙල්වනායගම් දේශපාලනයට සම්බන්ධ නොවූ නමුත් බ්‍රිතාන්‍යයන් ලංකාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අරභයා සෝල්බරි කොමිසම පිහිටුවන විට ඔහු සහ අනෙකුත් දෙමළ ජනතාව දෙමළ අවශ්‍යතා නියෝජනය කිරීම සඳහා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය (ACTC) පිහිටුවා ගත් බව පෙනේ. 1947 දී ඔහු කන්කසන්තුරේ අසුනින් පාර්ලිමේන්තුවට තේරී පත් වි 1977 දක්වා මන්ත්‍රීවරයකුව සිටියේය .එසේම සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය ආණ්ඩුව ට එක්වීමට ගත් තීරණය නිසා චෙල්වනායගම් එම පක්ෂය හැර ගොස් 1949 දී ඔහුගේම පක්ෂයක් ලෙස ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ITAK ආරම්භ කළේය. ෆෙඩරල් පක්ෂය ලෙසද එය හැඳින්වේ. චෙල්වනායගම් සහ ITAK ලංකාවේ බහුතර සිංහල සහ සුළුතර දෙමළ ජනතාව අතර බලය බෙදා ගැනීමේ මාධ්‍යයක් ලෙස ෆෙඩරල්වාදය වෙනුවෙන් පෙනී සිටියහ. චෙල්වනායගම් ලංකා අගමැතිවරුන් සමග-බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම (1957) සහ ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම (1965)-දෙමළ ජනයාට බලතල බෙදා හැරීම සහ භාෂාමය අයිතිවාසිකම් සහ අනෙකුත් ජනවාර්ගික ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් ගිවිසුම් දෙකක් අත්සන් කළේය .එහෙත් ඒ දෙකම අගමැතිවරුන්ට සිංහල ජාතිවාදීන් ගෙන් ආ බලපෑම් නිසා අවලංගු කරන ලදී. උතුරේ ප්‍රශ්නය විසදීම සදහා උදාවූ කදිම අවස්ථාව මගහැරීමට සිදුවීම පසුකාලීනව ලංකාවේ මහා ඛේදවාචකයක් වූ බව කවුරුත් දනිති.
ඔහුගේ අවංකභාවය නිසා ප්‍රසිද්ධියට පත් චෙල්වනායගම් තම දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවිහිංසාවාදී ක්‍රම භාවිතා කිරීමට කැප විය. දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීම සඳහා සත්‍යග්‍රහ ව්‍යාපාර කිහිපයකට හේ නායකත්වය දුන්නේය. කෙසේ වෙතත්, සිංහල බෞද්ධ ජාතිකවාදීන්ගේ විරෝධය හමුවේ දෙමළ ජනයාගේ අයිතීන් සුරක්ෂිත කිරීමට ඔහුගේ ක්‍රමවේදයන් අසමත් විය. දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් පාර්ලිමේන්තු ආයතන හරහා ඉටුකර ගත හැකි බවට ඔහු තුළ ඇති විශ්වාසය බොළඳ බව සමහරු විවේචනයට කළහ.
එතුමාගේ මරණයත් සමඟ අවිහිංසාවාදී විරෝධතා යුගය ප්‍රචණ්ඩ සටන්කාමීත්වය කරා ගමන් කළේය
චෙල්වනායගම් 1898 මාර්තු 31 දින මලයාවේ ඉපෝහි උපත ලැබීය. ඔහු ව්‍යාපාරිකයෙකු වූ විශ්වනාදන් වේලුපිල්ලේ සහ හැරියට් අන්නම්මා කනපතිපිල්ලේගේ පුත්‍රයා විය. වේළුපිල්ලේ කොන්ත්‍රාත්කරුවෙකු ලෙස මලයාවට සංක්‍රමණය වීමට පෙර උතුරු ලංකාවේ තෝල්පුරම් හි පාසල් ගුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ. චෙල්වනායගම්ට සහෝදරයන් දෙදෙනෙක් (අර්නස්ට් වේළුපිල්ලේ පොන්නතුරෙයි සහ එඩ්වඩ් රාජසුන්දරම්) සහ සහෝදරියක් (අත්පුතම් ඉසබෙල්) සිටියහ. පසුව පවුල ඉපෝ සිට තායිපිං වෙත සංක්‍රමණය විය.මලයාවේ පාසල් කිහිපයක් තිබූ අතර මේවායින් බොහොමයක් පොහොසත් මැලේ ජාතිකයින්ගේ ළමුන් සඳහා විය. විදේශගත ලංකා දෙමළ ජාතිකයන් තම දරුවන් ලංකාවේ පාසල්වලට යැවීම එකල සාමාන්‍ය දෙයක් විය.වයස අවුරුදු හතරේදී චෙල්වනායගම්, ඔහුගේ මව, ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ ඔහුගේ සහෝදරිය පාසල් අධ්‍යාපනය සඳහා ලංකාවට යවන ලදහ. වේලුපිල්ලේ ඔහුගේ පවුල නඩත්තු කිරීම සඳහා මලයාවේ රැඳී සිටියේය. එම පවුල හැරියට්ගේ සහෝදර සහෝදරියන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සමීපව, හැරියට්ගේ උපන් නගරය වූ තෙලිප්පලෙයි හි ජීවත් විය. චෙල්වනායගම්ගේ මාර්ගෝපදේශකයා සහ උපදේශකයා වූයේ හැරියට්ගේ සොහොයුරා වූ එස්.කේ. පොන්නයියා ය. ඔහු එංගලන්ත පල්ලියේ දේවගැතියෙක් විය. චෙල්වනායගම් තෙලිප්පලෙයි යුනියන් විද්‍යාලයෙන් සහ යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. 1918 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් උපධිය ලැබීය .චෙල්වනායගම් බණ්ඩාරනායකයන්ගේ මිතුරෙක් විය.උපාධිය ලැබීමෙන් පසු චෙල්වනායගම් පියාගේ මරණයට ටික කලකට පෙර 1918 දී මලයාවේ තම පියා බැලීමටද ගියේය. චෙල්වනායගම් 1927 දී ාඅර් ආර් බාර් කුමාරකුලසින්හම්ගේR. R. Barr-Kumarakulasinghe දියණිය එමිලි ග්‍රේස් Emily Grace Barr-Kumarakulasing (Rathinam) සමඟ විවාහ විය. බාර්-කුමාරකුලසිංහයන් ලංකාවේ ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පරිපාලනයට සේවය කළ තෙලිප්පලෙයිහි බලගතු පවුලක් විය. ආර්. ආර්. බාර්-කුමාරකුලසිංහ වලිකාමම් ප්‍රදේශය සඳහා මනියාගර් (බ්‍රිතාන්‍ය විසින් පත් කරන ලද පරිපාලන ප්‍රධානියා) විය. චෙල්වනායගම්වරුන්ට පුතුන් හතර දෙනෙක් (මනෝහරන්, වසීකරන්, රවීන්ද්‍රන් සහ චන්ද්‍රහාසන්) සහ දියණියක් (සුසිලා) සිටියහ. චෙල්වනායගම් රෙපරමාදු කිතුනුවකු වූ අතර දකුණු ඉන්දීය පල්ලියේ (CSI) සාමාජිකයෙක් විය.කොළඹ අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහු එංගලන්ත පල්ලියේ සාමාජිකයෙකු බවට පත් විය.පසුව,දකුණු ඉන්දීය පල්ලිය CSI විසින් කොළඹ දේවස්ථානයක් පිහිටුවන විට, චෙල්වනායගම් එහි ආගමික වතාවත් කළේය.කිතුනුවකු වුවද චෙල්වනායගම් හින්දු ආගමේ බොහෝ සාරධර්ම උකහා ගත්තේය.ඔහු ආගම අනුව කිතුනුවකු බවත් සංස්කෘතියෙන් හින්දු භක්තිකයෙක් බවත් කියා සිටියේය. දෙමළ ජනයා විසින් "කලිසම් ගාන්ධි" ලෙස හඳුන්වන චෙල්වනායගම් ගාන්ධි සමඟ සංසන්දනය කරනු ලැබුවේ ඔහුගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවිහිංසාවාදී ක්‍රම භාවිතා කිරීමට ඔහු වැක්වූ කැපවීම නිසාය. කෙසේ වෙතත්, ලංකා දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් පාර්ලිමේන්තු ආයතන හරහා සාක්ෂාත් කරගත හැකි බව බොළඳ ලෙස විශ්වාස කිරීම ගැන විචාරකයෝ ඔහුට දොස් පැවරූහ.ලංකාවේ බොහෝ දේශපාලන නායකයින් දේශපාලන අවශ්‍යතා මත ක්‍රිස්තියානි ආගම අත්හැරියේය එහෙත් චෙල්වනායගම් ක්‍රිස්තියානියෙකු ලෙස මරණය දක්වා සිටියේය .ඒනිසා විරුද්ධවාදීන් දෙමළ ජනයාට නායකත්වය දීමට ඇති අයිතිය ගැන ප්‍රශ්න ද කිරීමට පසුබට නොවීය . චෙල්වනායගම්ගේ අවිහිංසාවාදී ක්‍රම ඔහුගේ මරණයත් සමග අවිහිංසාවාදී විරෝධතා යුගය ප්‍රචණ්ඩ සටන්කාමීත්වය ත්‍රස්තවාදය දක්වා වර්ධනය වූ බව අපි දන්නෙමු.ඉන් ලංකාවට වූ පාඩුව නම් කිසිදාක කිසිවෙකුට අමතක නොවේ.
ගාමිණි ගුණසේකර
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
22/3 Parakum Mawatha
Maharagama
10280