Future Fantasy

Future Fantasy

Share

16/10/2024

ුරංගනාවිය 🖤🧚🤍

ඉබාගාතෙ ඇවිදගෙන
කෙලවරක් නොපෙනෙ
අගක් මුලක් නොපෙනෙන
ගැටලු ගොඩක හිරවීගෙන

කාලය ගත උනා ඔහොම
ඇය හමුවන තුරුම
කවුද ඇය කියා ඔබ ඇසුවම
කතාව පටං ගත්තා මෙහෙම

ඇයි ලස්සන පියකරුය
ඇගෙ ලස්සන නොදෙවෙනිය
හම කිරිගරුඬ පැහැතිය
තොල් වල රතු උලාගෙනය

දකින පිරිමියෙකු වරෙක
හැරී ආපසු බලන තරමෙක
ලස්සනකි ඕනිම විටක
එ වගෙම ඈ උගත්ය

කලින් කතා කරත්
මෙවර ආසා නිසාත්
නැවතී දොඩමළුව
මා විචාරා විස්තර

පොත් අතර සිහින ලොවක
ඇය පාවී යන සැටියක
හිතෙනවට වඩා තරමක
ඈ හිටියෙ දැනුම් මට්ටමක

ඉඳින් මා ඇය ලඟ නතර විය
වදන් පෙලවල් හුවමාරු විය
පිපෙන්න එ එලිය ඇති විය
ආදර මල මා සිතේ පිබිදිය

ඇයට මා නිතරම සැකය
විශ්වාසය නොපෙනෙ සේය
නමුත් මා ඇය⁣ට ආදරේය
ඈ මට ආදරෙ නොමැතිය

විචාල කල ඇගෙන් හේතුව
ඇය පිරිමි සංහතියට යැද්දාය
මා කාරනා තේරුම් කාලාට
ඇය කිසිවක් නොපිලිගත්තාය

ඇයට පෙම්වතුන් බොහො සිට
ඔවුන් නික්මි ගිය ඇත්තා සේය
ඒවාට ඇයට හේතූන්ද ඇතිය
මා තවත් විස්තර ඇසුවේය

ගනන් කිරීමට මට ඇගිලි නැත
එ ඇයිදැයි සිතාගත නොහැක
ආදරෙ මෙපමන කලෙ ඇයිද
මට වූ ප්‍රශ්නය එපමණය

ඇගෙ අවසාන ආදරෙ මතකය
ඇයට විඳවන්න සැලැස්වු සේය
පශ්චාත් තාපය ගෙවෙන ⁣සේය
ඇය කැම කන්නෙම නැත

දෑතින් හිස අල්ලාගෙන ඇය
දවස කල්පනාවෙ ඉන්න ඇතිය
කැම රුචිය නැති වී කලෙක
බත්ඇට අහුලාගෙන කැවාය

ඇගේ දුක තාම අවසන් නැත
ශේෂ වූ තුවාල රිදුම් දෙයි සේය
ඇය ඇගෙ කොටසක් ඔවුන් හා
ඉතිරිකර පැමිණි බව මතකය

කාලය ඇයව නැගිටුවාලීය
ඇය දැන් ආදරෙ නොකරන්නීය
ඇගෙ සිත ගල් ගැසී ඇතිය
ඇය දැන් හිත නැති සිරුරකිය

හමු වූ පලමු දින මෙසෙ ඇසීය
ඇය ඇසුවේ නිවන ගැනය
මට වචන පවා අමතක විය
නමුත් අප එය කතා කලේය

ආදරේ තේරුම සොයමින
මා ගෙවන කාලයට
මට හමු වූ යුවතියට
මා සලකනුයෙ කෙසෙද

ඇයට මා රුව අමතකය
ඇයට කම්පා නොනැගෙය
මා ආදරෙයි යැයි පැවසුවද
ඇයි ඇසුවෙ එ මොකද ය

දැන් මා ආදරෙ තේරුම දනිමි
ආදරය යනු පරිත්‍යාගයකි
මා දැන් වතුර පිරුන උල්පතකි
මා සිඳුන විලකට වතුර පුරවති

ඈ දැන් සහෝදරියක සේය
මියගිය ආත්මය පොලවේය
පන දෙන වෙදදුරු මමය
ආදරෙ එන්නත තාම දෑතේය

ඇගෙ හදවතට අඟුළු ලා ඇත
මසාලීමටවත් එය විවර නැත
ඉදිකටුව සහ නුල පෙන්නුවද
ඇය අගුලු අරින්නේම නැත

තාමත් ඇයට මා ගැන සැකය
මා නපුරෙකු වුවද ඇයට නැත
අල්පයකවත් වරදක් සිත තුල
ඇය පිලිබද මගෙ නම් නැත

ඉඳින් මා සමඟ සිට ඇය
වර්තමානයෙ සිට අනාගතයට
මෙයට නම් කෙලවර නැත
නමුත් සැමදා අප යහළුවන්ය

කළුයි සුදුයි හැමදාමත් යාළුයි🤍🖤

Want your business to be the top-listed Engineering Company in Mabole?
Click here to claim your Sponsored Listing.

Website

Address


Mabole