Assignment writers

Assignment writers

Share

03/04/2026

ඔබේ පර්යේෂණය සදහා දත්ත විශ්ලේෂණ සහය සදහා විමසන්න 0717575424

23/03/2026

📌 ආනන්ද දේවප්‍රිය මහතා විසින් පසුගියදා සාර්ථකව නිමාවට පත් වූ Lacan Day Season 01 උදෑසන සායනික සැසියේ අවසන් අදියර අර්ථවත් සාරාංශගත කිරීමකින් අවසන් කළා.

උදෑසන කාලය පුරාවට සාකච්ඡා වූ මනෝකායික රෝග, හිස්ටීරියාව, දරුවන්ගේ ක්‍රීඩාව කෙරෙහි බලපාන දෙමාපිය ආශාව සහ ලිංගිකත්වය ආශ්‍රිත අවිඥානික ආශාව යන සංකීර්ණ සායනික මානයන් සියල්ල එකම ලැකානියානු හුයපටකින් ගෙත්තම් කිරීමට ඔහු මෙහිදී සමත් වුණා.

විවිධ දේශනයන් හරහා මතු වූ විසිරුණු අදහස් මනාව ගළපමින්, සායනික ව්‍යවහාරය තුළ ලැකානියානු න්‍යාය ප්‍රායෝගිකව භාවිත වන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ප්‍රේක්ෂකයාට ලබා දීමට ඔහු කටයුතු කළා. දේශන කිහිපයකින් ගොඩනැගූ බුද්ධිමය කතිකාවත, තනි රාමුවකට ගෙන එමින් ඊළඟට පැවති සංස්කෘතික සැසියට සහ විවෘත සංවාදයට ශක්තිමත් පදනමක් සැකසීමට මෙම සාරාංශය මහත් පිටිවහලක් වුණා.

'ලැකාන් දිනය' නමැති සුවිශේෂී සංකල්පය ගොඩනැගීමේලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කර, අවසානයේ දී 'ලැකාන් දිනය' තුළ සමස්ත සායනික සැසියම එකට කැටි කරමින්, ප්‍රේක්ෂකයින්ට නිරවුල් අවබෝධයක් ලබා දුන් ආනන්ද දේවප්‍රිය මහතාට අපගේ ගෞරවනීය ස්තූතිය! 🤎

19/12/2023
Want your school to be the top-listed School/college in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kurunegala