Project Uplift

Project Uplift

Share

01/05/2022

❤️ආදරය කියෙන්නේ මොකක්ද ? ❤️
======================

ආදරය ❤️ කියන්නේ මොළය ඇතුළේ වෙන සංකීර්ණ රසායණීක ක්‍රියාවලියක්...ආදරය කියන්නේ අමුතුම හැඟීමක් කියනවනේ?එහෙම වෙන්නේ ආදරය ඇතිවෙන්න ප්‍රධාන වශයෙන් හෝමෝන 3ක් බලපාන නිසා :

🧪Dopamine: මේ හෝමෝනය නිසා තමා උඹට ආතල් එක කික් එක දැනෙන්නේ!😆😁
🧪Serotonine: මේක නිසා තමා උඹට නින්ද,මූඩ් එක,ආදරය කරන දෙයක් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කම 😏🤭
🧪Oxytocine: මේ හෝමෝනය නිසා තමා උඹට විශ්වාසය,මානසීක ස්ථාවරතවය වගේ දේවල් ඇතිවෙන්නේ 👊🏽✊🏽👌🏽👈🏽

ඉතිං ඔය හෝමෝන 3කින් කරන පිස්සුවක් තමයි ඔයා love Feeling 😍 එක කියලා කියන්නේ!ඇයි එහෙම වෙන්නේ කියලා දන්නවද?මනුස්ස වර්ගය ඉදිරියට ගෙනියන්න තමා ඔහොම කරන්නේ මොකද මනුස්සයෙක් feeling එකක් නැතුව අපේ වර්ගයා බෝ කරන්න ඕන කියන මතයෙන් කවදාවත් ළමයි හදන් නැහැනේ! හදන ළමයින්ගෙන් 99.99999999% ක් ම ආතල් එකට ගහල හදපුවා තමා.

ඔයා හෝමෝන ආතල් එක උපරිම තියෙන්නේ මාස දෙක තුනක් උපරිම 6ක් ඊට පස්සේ තමා තාර්කික දේවල් උඩට එන්නේ? ඒ කිව්වේ ආර්ථික ස්ථාවරත්වය වගේ දේවල්....

ඉතින් කොල්ලනේ මන් මෙහෙම දෙයක් කියන්නන් එකම වර්ගයේ පැල 5ක් තියනවා කියලා හිතන්නකෝ ඔය පැල 5න් හොඳම පැලෙන් ඉති කඩලා නෙවෙයිද අපි හිටවන්නේ?

අන්න ඒ වගේ තමා මනුස්සයත්.උඹ කෙල්ලෝ ඥැ ඥැ ගග වැලලෙන් නැතුව සුපිරිම ජානයක් 🧬 වෙන්න එතකොට ඔයාවම තෝරගනී! රටට සේවයක් කරන්න ලෝකෙට සේවයක් කරන්න උඹේ ප්‍රතම රාජකාරිය වර්ගයා බෝ කරන එක නෙවෙයි! මේ ලෝකේ කිසිම තේරුමක් නැහැ වගේ තෙරෙයි ඒත් සමාජයට අපිට අරමුනක් තියනවා (Optimistic Nihilism) ! අන්න ඒ නිසා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න! සුපිරි artist කෙනෙක් වෙලා රටට $ ගේන්න.කැමති එකකින් වැඩ්ඩෙක් වෙන්න 🤛🏽

ආදරෙන් කියන්නේ! උන්මත්තික චරිතයක් වෙනුවට රටට වැඩක් ඇති පොරක් වෙන්න මොකද අපි මේකේ වර්ගයා බෝ කරන ක්‍රියාවලිය ටිකක් පරක්කු වුනා කියලා වැලලෙන්න හදද්දි අද රටේ සමහර ළමයි බෙහෙත් නැතුව කන්න නැතුව මැරෙනවා ඒව News වල දාන්නේ නැහැ ethical සහ වෙනත් හේතු නිසා!...ඉතිං බන් පොරක් වෙනවා කියන එක වරදක් නැහැ රටට ලෝකෙට දෙයක් කරපං අපිට විතරයි මේ රට වෙනස් කරන්න පුළුවන්! Pleazze 🙏

හීන දිනන පළවෙනි පරම්පරාව අපි වෙමු! 💪

27/04/2022

අපිට සතුටින් ඉන්න මොනවද ඕනේ? - 1/3
============================

උඹලා දැකලා ඇතිනේ සමහර කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා පට්ට Successful උන් නියම ගේමක් ගහනවා,උනුත් එක්ක ඉන්නත් ආසයි පට්ට මොරාල් එකක් තියෙන්නේ,උඹව දාල ගිය කෙල්ලෙක් (කොල්ලෙක්) ගැන වුනත් ඊරිසියාවක් ඇති මොකද එයාලා පට්ට විදියට සුපිරියට ජීවත් වෙනවා, හොඳ ධනාත්මක මානසීකත්වයක් තියනවා.

මන් Topic එකට බහින්න කලින් අවශ්‍යතා න්‍යාය (Maslow`s Hierarchy of needs) ගැන ලාවට-උඩින් ටිකක් කියලා දෙන්නන් ඔයාලට

1 ස්ථරය : මූලීකම අවශ්‍යතා වන භෞතික අවශ්‍යතා :: ජලය,ආහාර,ප්‍රජනනය,නින්ද,ඉන්න හිටින්න තැනක්,...
2 ස්ථරය : ආරක්ෂක අවශ්‍යතා :: පෞද්ගලීක්/ජාතික ආරක්ෂාව,රැකියාව,ස්ථාවරත්වය රඳාපවතින සාධක,සෞඛ්‍ය,...
3 ස්ථරය : සමාජීය අවශ්‍යතා :: ප්‍රේම සඹදතා,පවුල,ලිං.ගික ක්‍රියාකාරකම්,නෑදෑ/හිත-මිතුරු සඹදතා,...
4 ස්ථරය : සම්මානනීය අවශ්‍යතා :: ගෞරවය,ඒක පුද්ගල නිදහස,ජයග්‍රහණ,පිළිගැනීම,ධෛරය,...
5 ස්ථරය : ආත්ම තෘප්තික අවශ්‍යතා :: නිර්මාණශීලීත්වය,අධිශ්ටානය,ගැටළු විසඳීම,ප්‍රතිරූපය,...

[1>2>3>4>5 :: අවශ්‍යතා වලට ඇති වැදගත්කම]

===================================
Masslow ගේ න්‍යායට අනුව ඔයා මුලින්ම එක ස්තරයක් ඉවර කරලා ඉන්න ඕන ඊට උඩින් තියන ස්තරයකට යන්න.යට තියන ස්තරයක් හැම වෙලේම උඩ තියන ස්තර වලට Support එක දීගෙන තමා තියෙන්නේ හරියට නිකන් බිල්ඩිමක Foundation එකක් වගේ.නිකමට වගේ හිතෙන්නේ නැද්ද අපේ වැඩිහිටියෝ සහ ලෝකේ කාලා වතුර බීල ඉන්න හොඳ සමාජ දැනුමක් තියන අය ඔය දේවල් පිළිපදිනවා සහ ඒ උපදෙස් දෙනවා කියලා! සමහරවිට එයාලා මේ න්‍යයාවල් මුකුත් දන්නෙත් නැතුව ඇති ඒත් උන් හොඳ හොඳ හෝටල් වලින් හොඳට කාලා තියන නිසයි මේ දේ කියන්නේ.

මෙහෙමයි උඩ ස්තර වල තියන සමහර දේවල් කලාතුරකින් යට ඉන්න අවස්තාවලත් වෙන්න පුළුවන් නැත්තේ නැහැ! හැබැයි මතක තියාගන්න ඇයි ඔයාගේ ජීවිතේ සම්භාවිතාවට ඉඩ දෙන්නේ?ඔය එක Level එකක් කරලා උඩට යද්දි ඔයාට වැටෙන්න හරි තැනක් තියනවා.නිකමට හිතන්න ඔයාට අවුරුදු 25යි ඔයාටම කියලා ඉඩමක්-ගෙයක් නැහැ,ස්ථීර රස්සාවක් නැහැ,අධ්‍යාපන සුදුසුකම් නැහැ! ඔහොම ඉද්දි උඹේ කෙල්ලත් උඹව දාල යනවා,දැන් හිතන්න උඹ කොච්චර පල්ලෙහාට වැටෙන්න ගන්නවද කියලා! හැබැයි උඹ අර Levels ටික ලස්සනට ඉවර කරානන් ඔච්චර වැටෙන් නැහැ ඒ වගේම ඒ දේ සිද්ද වෙන්න තියන chance එකත් අඩුයි!

===================================

අපි මොකද කරන්න ඕන?

මුලින්ම අවධානය දෙන්න ඔය 1st level එකේ තියන දේවල් ගොඩ නගාගන්න ඒ දේවල් වලට මුලින්ම motivate වෙන්න! ඒ දේවල් ගොඩනගාගන්න කට්ට කන්න.ඊට පස්සේ ඔයා ඒ level එක complete කරලා හරි Foundation එකක් දැම්මට පස්සේ පුළුවන් ඊළඟ level එකට යන්න.ඔන්න ඔය විදියට පුළුවන් ඔයාට උඩට උඩට එන්න! හැබැයි එක Level එකක් 100% Complete වෙන්න ඕනෙම නැහැ හැබැයි ඒ Level එක ස්ථාවර වෙන්න ඕන ගොඩක් ශක්තිමත් වෙන්න ඕන.

ගොඩක් තැන් වල මන් දැක්ක දෙයක් තමා අපි ගොඩක් දුක් වෙන්නේ එක්කෝ ආදර සම්බන්දකම් නැත්තන් යහළුවෝ නැහැ වගේ දේවල්! ඒත් ඔයා ස්කොලේ ගිහින් ඉවර වෙච්ච කෙනෙක් නං අනිවර්යෙන්ම ඔයා වැටෙන්නේ වෙනම ලෝකෙකට.ඒත් ඇත්තටම අපි දුක් වෙන්න ඕන කලබල වෙන්න ඕන කාරණා වලට අපි කලබල වෙන්නේ නැහැ.රටේ වර්තමාන ආර්තික තත්වයෙන් කෙලින්ම වෙන්නේ ඔය 1st level එකට ඒ කිව්වේ කෙලින්ම කිව්වොත් ඊට උඩින් තියන හැම ලබ් #ටම කෙල විලා යනවා,ඉතා අඩු % තමා බේරිලා තියෙනේනේ.

තාමත් තේරුන් නැත්තන් මෙහෙම කියන්නන්.

ඉස්සරහට සල්ලි තිබ්බත් නැතත් කන්න බොන්න නැහැ,ඇඳුම් පැලඳුම් නැහැ,වතුර නැහැ,විදුලිය නැහැ කොටින්ම කිව්වොත් ජීවත් වෙන්න හොඳ වටපිටාවක් නැහැ! ඊට පස්සේ බෙහෙත් නැහැ ඉගෙන ගන්න විදියක් නැහැ.ඔන්න ඊට පස්සේ ඔය හේතු නිසාම මිනිස්සු පිදුරු ගහක හරි එල්ලෙන්න බලනවා

උද්: සමහරවිට උඹ පන දීගෙන ලව් කරපු කෙල්ලවත් ගෙදරින් රට ඉන්න මනුස්සයෙක්ට බන්දලා දෙන්න පුළුවන්,එහෙම නැත්තන් පීඩනය වැඩි කමට ප්‍රශ්න ප්‍රශ්න හැමවෙලේම.යහළුවොත් මඟ හැරෙනවා.ගෙවල් වලත් ප්‍රශ්න.

දැන් මන් කියන්නේ ගෑණු නිසාවත් මෝඩ හේතු නිසාවත් අඬන් නැතුව අපිට අඬන්න ඇත්තටම හේතුවක් තියනවා ඒ තමා අපෙන් ගිලිහී යන අපේ මූලිකම අවශ්‍යතා ටික...ඒ වෙනුවෙන් තමයි අපි අරගල කරන්න ඕන නැත්තන් පුතේ එතනින් එහාට මුකුත් නැහැ...

In a Relationship දාන්න කලින් ඉන්න තැනක් හදාගන්න එහෙම හදාගන්න රටේ තත්වයක් නැත්තන් ඒ වෙනුවෙන් අරගල කරන්න.බොරු Fantasy ලෝකවල ඉන්න එපා අර Romantic Films වල වගේ නැහැ ඇත්ත ලෝකේ ඔයා හිඟන්නෙක් වගේ ඉද්දි ඇවිත් සත්‍ය ප්‍රේම බුංග රාජිනිය වගේ ඇවිත් ඔයාව නාවලා කරලා බ්ලා බ්ලා.එහෙම වෙන්න පුළුවන් නැහැ කියන්නේ නැහැ ,කලාතුරකින්.

මේ කියන එක හැම දේකටම අදාලයි -> ජාතික ආරක්ශාවට විතරක් Focus කරලා අපි රජයක් පත් කරා ඊට යටින් තියන මූලිකම අවශ්‍යතා ටික පවා අපිට නැති වුනා.

අපේ තරුණ කොල්ලො කෙල්ලෝ දුක් වෙන්නේ දුක් වෙන්න ඕන සිරාම කාරණාව මග හැරලා,දැන් ඉඳන්වත් ඒකට Focus කරන්න!

Continued...

Want your organization to be the top-listed Government Service in Kotte?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kotte