Sricaf
08/04/2024
2024 සඳහා 730 සෑදීමේදී ඔබ සූදානම් කරගත යුතු ලිය-කියවිලි.
යැපෙන්නන්
▪️දැනට ඉතාලිය තුල පදිංචි ඔබත් සමග වාසය කරන සැමියා/බිරිඳ, දරුවන් සහ දෙමව්පියන්ගේ Codice fiscale.
▪️ලංකාවේ පදිංචි ඔබගේ යැපෙන්නන් සඳහා සාදාගත් Codice fiscale සහ 2024 වසර වෙනුවෙන් Prefettura ආයතනය මගින් සහතික කරගත් යැපීමේ සහතික.
Certificazione Unica 2024
(CU 2024 - redditi 2023)
▪️2023 වසර සඳහා රැකියාවන් කිහිපයක් කර ඇත්නම් හෝ එකම රැකියා ස්ථානයේ කොන්ත්‍රාත් මාරු වී ඇත්නම්, එක් එක් කොන්ත්‍රාත්තුවට අදාල CU 2024 වෙන වෙනම තිබිය යුතුය.
▪️2023 වසරේ disoccupazione, maternità, malattia සිටියේ නම් ඒ හා සම්බන්ධ CU 2024 ඔබ සතුව තිබිය යුතුය.
Sostituto d’imposta
▪️Dipendente ලෙස රැකියාව කරන ඔබගේ 730 හරහා ලැබිය යුතු මුදල් ඔබ වැඩ කරන ස්ථානය මගින් ලබාගැනීමට එහි අවසාන busta paga එක රැගෙන ආ යුතුය. Dipendente ලෙස රැකියාව කලත් අවශ්‍යය අයෙක් ඇත්නම් මෙම වසරේදී ඔබගේ මුදල් බැංකු ගිණුමට වුවද බැර කර ගත හැක.
▪️ගෘහ සේවයේ රැකියාවල නියුතු (domestic) හෝ රැකියාවක් නොකරන (disoccupazione සිටින) අයගේ මුදල් බැංකු ගිණුම් හරහා ලබාගත හැක.
ඉතාලිය තුල නිවසක් මිළදීගත් අයෙක් නම්
▪️ඔබ 31/12/2023 ට පෙර ඉතාලිය තුල නිවසක් මිලදී ගත් අයෙක් නම් එහි ඔප්පුවේ කොපියක් (atto di compravendita).
▪️2023 වසර සඳහා මිළදීගත් නිවස වෙනුවෙන් ගෙවූ පොළිය (interessi passivi mutuo) අදාල මිළදීගැනීම කල බැංකුවෙන් ලබාගත යුතුය.
▪️නොතායි සඳහා ගෙවූ මුදල් (fatture del notaio)
කුලී නිවැසියෙක් නම්
▪️2023 වසර සඳහා Agenzia dell’entrata තුල ලියාපදිංචිය සහිත නිවාස කොන්ත්‍රාත්තුව.
සෞඛ්‍ය වියදම් (Spese sanitarie)
▪️අයදුම්කරුගේ සහ ඉතාලිය තුල සිටින සියළුම යැපෙන්නන්ගේ 2023 වසර සඳහා ගෙවූ ෆාමසි සහ රෝහල් බිල්පත්.
▪️පවුලේ අබාධිත අය සිටී නම් ඔවුන්ගේ අබාධිත සහතිකය (certificazioni di invalidità).
වෙනත්
▪️2023 වසර සඳහා පාසල් යන දරුවන් සඳහා අධ්‍යාපන සහ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් දැරූ වියදම්.
▪️2023 වසරේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් දැරූ වියදම් (bus/metro/tram/treni).
▪️පවුලේ සාමාජිකයකුගේ මරණයක් වෙනුවෙන් දැරූ වියදම් (spese funebri in Italia).
▪️ජීවිත රක්ෂණ වෙනුවෙන් ලැබුන ප්‍රතිලාභ (premi di assicurazione vita e infortuni).
▪️සුරතල් සතුන් වෙනුවෙන් ගෙවූ බිල්පත් (spese veterinarie).
▪️ඔබ නීත්‍යානුකූලව වෙන් වී සිටී නම් සහ ඔහුට/ඇයට නඩත්තු වියදම් දරන්නෙක් නම් 2023 වසර වෙනුවෙන් ඒ සඳහා ගෙවූ වියදම්.
▪️2023 වසර වෙනුවෙන් ගෘහ සේවා කොන්ත්‍රාත් ලබා දී ඇත්නම් ඒ වෙනුවෙන් ගෙවූ bollettini INPS.
UNSIC
Via Masolino da Panicale, 11
20125 Milano
375 5476973
03/01/2024
CAF Patronato UNSIC
Via Masolino da Panicale, 11
20155 Milano MI
373 110 0019
https://goo.gl/maps/ERpo1G23qx9a21Bc8
20/12/2023
2024 වෙනුවෙන් ISEE සෑදීම සඳහා ඔබ සූදානම් කරගත යුතු අත්‍යාවශ්‍ය කරුණු.....Stato di famiglia හෝ autocertificazione එකක් රැගෙන යාමටද අමතක නොකරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
N0. 540, Daluwakotuwa
Kochchikade
Opening Hours
| Monday | 09:00 - 13:30 |
| 14:30 - 18:00 | |
| Tuesday | 09:00 - 13:30 |
| 14:30 - 18:00 | |
| Wednesday | 09:00 - 13:30 |
| 14:30 - 18:00 | |
| Thursday | 09:00 - 13:30 |
| 14:30 - 18:00 | |
| Friday | 09:00 - 13:30 |
| 14:30 - 18:00 | |
| Saturday | 09:00 - 13:00 |