RUKA
16/02/2026
මේ ටිකේම Struggle කරා පැතුමා,අද ඒක නිසා ගැම්මක් අල්ලන්නම ඕන එකෙක්.❤️
අපි ලෝක කුසලානය පටන් ගන්න කලින් වැඩියෙන් බලාපොරොත්තු තියන් හිටපු එකා උබ පැතුම් ඒක නිසා අද සුපිරි ගැහිල්ලක් ගහන්න ඕනේ ඔසීලාට.🥺💖
අද තමා කොල්ලාගේ දවස,අද ලොකු ලොකු ඉත්තන්ට දුවන්න දෙන්න ඕනෙ.😎
උදේ පාන්දර එකම ප්‍රාර්ථනාව අද Half Century එකක් දාන්න පුලුවන් වෙන්න ඕනේ උබට පැතුම්.❤️💖
Sl Cric Zone
Pathum Nissanka
16/02/2026
ලාංකිකයන්ට අගය නැති උනාට.ඇනකොටා ගන්න ජාතින් අතර අසමගියක් තිබුනාට අපේ අයට අගේකුත් නැති උනාට
විදේශීකයන්ට පාරාදිසයක්.
අපි ලංකාවට හැමදාම ආදරෙයි. ❤
16/02/2026
Saim Ayub දැවීයාම තම උකුසු ඇසට හසුකරගෙන මදක් කල්පනාකිරීමෙන් අනතුරැව ලබාදෙන අපේ උනන්දුවා ❤️
ඉන්දියාවයි පකිස්තානයයි තරගයේ මැද ඉඳන් ගේම කන්ට්‍රෝල් කරපු අපේ 'උකුසු ඇස' ධර්මසේන 💙🇱🇰🏏
ඉන්දු - පකිස්තාන් මැච් එකක් කියන්නේ ක්‍රිකට් ලෝකේ තියෙන ලොකුම යුද්ධයක්. ග්‍රවුන්ඩ් එකේ ඉන්න ප්ලේයර්ස්ලා විතරක් නෙවෙයි.මැද ඉන්න අම්පයර්ලත් ඉන්නේ පුදුම පීඩනයක.
හැබැයි ඒ පීඩනය අපේ කුමාර් ධර්මසේනට නම් ගාණක්වත් නෑ කියලා අද මුළු ලෝකෙම දැක්කා.
අද මැච් එකේ ධර්මසේන දුන්න තීරණ ටික කොච්චර නිවැරදිද කිව්වොත් ඉන්දියාවයි පකිස්තානයයි දෙගොල්ලොම එයාගේ තීරණ වලට විරුද්ධව Reviews ගත්තා. හැබැයි ඒ එක Review එකකින්වත් එයාගේ තීරණය වෙනස් කරන්න බැරි වුනා.
ඒ කියන්නේ තාක්ෂණයටත් කලින් ධර්මසේනගේ ඇස හරියටම හරි තීරණය අරන් ඉවරයි. ලෝකේ දරුණුම මැච් එකක යන්ත්‍ර වලටත් වඩා තියුණු තීරණ ගන්න මේ ලාංකිකයා ලෝකෙම ඉන්න සුපිරිම විනිසුරුවරයෙක් කියන්න වෙන මොනවද ඕනේ.💪
මේ වගේ ලෝකේ ඉස්සරහා අපේ නම තියන කුමාර් ධර්මසේනලා ගැන දැනෙන්නේ මාරම ආඩම්බරයක්! 👏❤️
උපූටාගැනීමක්
28/01/2026
20/01/2026
Rottweiler vs Leopard — A Rare Survival Moment A tense moment unfolds in a private yard when a wild leopard confronts a Rottweiler.At first, the situation looks overwhelming.But instead of panicking, the ...
17/01/2026
🛑යකඩ හෙල්ලයක් සමඟ සියවසක් දිවි ගෙවූ අහිංසකයා"
2007 වර්ෂයේදී සොයා ගන්නා ලද බෝහෙඩ් (Bowhead) වර්ගයේ තල්මසෙකුගේ ශරීරය තුළ තිබී 19 වැනි සියවසට අයත් පැරණි හෙල්ලයක කොටසක් විද්‍යාඥයින් විසින් හඳුනා ගන්නා ලදී. මූලික පරීක්ෂණවලදී තහවුරු වූයේ මෙම ආයුධ කොටස 1800 දශකයේ අගභාගයේදී තල්මසුන් දඩයම් කිරීම සඳහා භාවිතා කරන ලද්දක් බවයි. මෙය විශ්වාස කිරීමට පවා අපහසු සිදුවීමක් වුවද, අදාළ සත්වයා සියවසකට අධික කාලයක් එම බරපතල ශාරීරික තුවාලය සහ ලෝහ කොටස ශරීරය තුළ දරාගෙන ජීවත් වී ඇති බව මෙමගින් විද්‍යාත්මකව තහවුරු විය.
මෙම සිදුවීම මගින් සොබාදහමේ පවතින විස්මිත ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම, මානව ක්‍රියාකාරකම්වල අහිතකර ප්‍රතිවිපාක දීර්ඝ කාලීනව පරිසර පද්ධතියට බලපාන ආකාරය ද මැනවින් පෙන්නුම් කරයි. අතීතයේ මිනිසා අතින් සිදු වූ වැරදිවල අමිහිරි සලකුණු මෙවැනි සතුන් හරහා වර්තමානයේදී ද දැකගන්නට ලැබීම කණගාටුවට කරුණකි. එබැවින් මෙම වටිනා ජීවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ජෛව විවිධත්වය සුරැකීම වර්තමාන මානව සමාජයේ අත්හළ නොහැකි වගකීමක් බව මෙම සිදුවීම අපට පසක් කර දෙයි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
10/03/2026
18/01/2026
17/01/2026
17/01/2026