I Love Kandy

I Love Kandy

Share

✨ Welcome to the one & only I Love Kandy ❤ Showcasing the beauty of Kandy City with the best photos, videos & festive vibes! 📸🎥 Stay tuned for live updates, cultural highlights & unforgettable moments. 👉 www.fb.com/ilvkandy #iLoveKandy #Kandy #SriLanka ✨ Kandy (මහ නුවර | கண்டி) — The last royal capital of Sri Lanka, nestled among scenic hills and tea plantations. 🌿 Home to the sacred Temple of the

30/04/2026

සමහර දවස් තියෙනවා හිතට වචනයෙන් කියන්න බැරි තරම් නිදහසක් දැනෙන. මාලිගාවට ගිය අද දවසත් අන්න ඒ වගේ එකක්. හෙට වෙසක් නොවුණත් සිතට දැනෙන්නේ මහත් වූ ශාන්තියක්... 🙏😇

29/04/2026

පූජ්‍ය පන්නාකර ස්වාමින් වහන්සේ, ආලෝක සහ තවත් දෙදෙනෙකු ඇතුළු පිරිසක් පූජනීය බෝ අංකුරයක් රැගෙන ඉස්තාන්බුල් සිට හූස්ටන් (IAH) බලා TK 33 දරන ගුවන් යානයෙන් ගමන් කරමින් සිටින බව වාර්තා වේ.

ඉස්තාන්බුල්හි රැඳී සිටි කාලය තුළ මෙම පිරිස තාවකාලිකව වෙන්ව සිට ඇති බවත්, ඔවුන්ගේ මෙම හූස්ටන් සංචාරයේ ප්‍රධාන අරමුණ මෙම බෝ පැළයට අදාළ අවශ්‍යතාවයන් සපුරාලීම බවත් සඳහන් වේ.

ඔවුන් සැමට ආරක්ෂිත මෙන්ම සාර්ථක ගුවන් ගමනක් වේවායි ප්‍රාර්ථනා කරමු!

29/04/2026

පුතෙකු වෙනුවෙන් පියෙකු ඉදි කළ සෙනෙහසේ ස්මාරකය... මහනුවර අහස යට පිය සෙනෙහසක මතකය අදටත් ජීවමානයි. ❤️

29/04/2026

පන්නාකර හිමියන් ඇතුළු සාම පාද යාත්‍රා කණ්ඩායම අමෙරිකාව බලා පිටත් වෙයි, ආලෝකත් ගමනට එක්වෙයි..

අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රය මහත් භක්තිමත් ස්වභාවයක් ගත්තේ දින හතක් පුරා මෙරට පැවැත්වූ "එහිපස්සිකෝ" සාම පාද යාත්‍රාව නිම කළ පූජ්‍ය භික්ෂු පන්නාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය අමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණීමත් සමඟයි.

2026 අප්‍රේල් 29 වනදා වන අද උදෑසන 7:12 ට ටර්කිෂ් එයාර්ලයින්ස් සමාගමට අයත් TK-731දරන ගුවන් යානයෙන් ඉස්තාන්බුල් හරහා අමෙරිකාව බලා පිටත්ව යාමට මෙම දූත පිරිස කටයුතු කළා. ස්වාමීන් වහන්සේලා 12 නමකගෙන් සමන්විත මෙම කණ්ඩායම සමඟ මුළු පාද යාත්‍රාව පුරාම කාගේත් අවධානයට ලක්වූ "ආලෝක" සුනඛයා ද ගමනට එක්වීම විශේෂත්වයක්.

කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති උත්කර්ෂවත් රාජ්‍ය උත්සවයකින් පසුව ගුවන් තොටුපළ වෙත පැමිණි මහා සංඝරත්නය පිළිගැනීමට ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් ද කටයුතු කර තිබුණා. විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දුන් අතර, එහිදී ගුවන් හමුදා නිලධාරීන් විසින් ආලෝකගේ සෞඛ්‍ය තත්ත්වය සහ ගමනට ඇති සූදානම පිළිබඳව ද සොයා බලමින් ආශිර්වාද එක් කිරීම කාගේත් නෙතට රසඳුනක් වුණා.

මෙම ගමනේ ප්‍රධානතම සහ උතුම්ම අරමුණ වන්නේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් වර්ත් හි පිහිටි 'හුවොන් දාඕ' (Huong Dao) විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවයට සහභාගී වීමයි. ඒ වෙනුවෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා සහ ජය ශ්‍රී මහා බෝධි අංකුරය ඉතා ගෞරවයෙන් යුතුව මෙම දූත පිරිස විසින් වැඩම කරවනු ලබනවා. එළඹෙන මැයි මස 02 වැනිදා අමෙරිකාවට ළඟා වීමට නියමිත පන්නාකර හිමියන් ඇතුළු පිරිසටත්, අප සැමගේ ආදරය දිනූ ආලෝකටත් සුවදායී ගමනක් ප්‍රාර්ථනා කරමු. 🙏

Want your business to be the top-listed Photography Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

https://www.youtube.com/@millionstepsinkandy, https://www.tiktok.com/@ilov

Address


Kandy
Kandy
20000