SL Football Arena

SL Football Arena

Share

05/06/2026

පාපන්දු ඉතිහාසයේ වෙනස්ම ලෝක කුසලානය! රටවල් 48ක් ඉදිරියට යන්නේ කොහොමද?🏆⚽

හැමෝම දන්නවා 2026 FIFA ලෝක කුසලානයට කණ්ඩායම් 48ක් සුදුසුකම් ලබනවා කියලා. හැබැයි මේ රටවල් 48 කප් එක දක්වා ඉස්සරහට යන්නේ කොහොමද?

වෙනදා දකින Format එක නෙවෙයි මේ සැරේ හැමදේම වෙනස්!සරලවම කිව්වොත් මේ සැරේ තරගාවලිය ගලාගෙන යන්නේ මෙන්න මෙහෙමයි👇

1️⃣ පළමු වටය (Group Stage)කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ 12ක්!

වෙනදා තිබුණේ Groups 8ක් විතරයි. හැබැයි මේ සැරේ රටවල් 48 කාණ්ඩ 12කට (Groups A to L)බෙදනවා. එක Group එකක රටවල් 4ක් ඉන්නවා.

හැම Group එකකම මුල් තැන් 2ක ගන්න රටවල් 24 කෙලින්ම Next Round යනවා.

ඒ විතරක් නෙවෙයි Groups 12න් හොඳම 3වැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් 8කුත් ඊළඟ වටයට තේරෙනවා මෙන්න මේක තමයි ලොකුම වෙනස.

2️⃣අලුත් Knockout වටය Round of 32 (රටවල් 32ක මහා සටන)

වෙනදා ලෝක කුසලාන වල Group Stage එකෙන් පස්සේ තිබුණේ Round of 16 (රටවල් 16 වටය). හැබැයි මේ සැරේ කණ්ඩායම් වැඩි නිසා Round of 32 කියලා අලුත්ම Knockout වටයක් එකතු වෙනවා!

මෙතන ඉඳන් පරදින හැමෝටම ගෙදර යන්න වෙනවා. දිනන රටවල් 16 ඉස්සරහට යනවා.

3️⃣ අවසාන මහා සටන දක්වා (Road to Finals)
Round of 16 (රටවල් 16 වටය)
Quarter-finals (අර්ධ අවසන් පූර්ව වටය - රටවල් 8)
Semi-finals (අවසන් පූර්ව වටය - රටවල් 4)
Finals (අවසාන මහා තරගය)

වෙනදා ලෝක කුසලානයක සමස්ත තරග ගණන 64ක් වුණත් මේ අලුත් ක්‍රමය නිසා මුළු තරග ගණන 104ක් දක්වා වැඩි වෙනවා!ඒ වගේම Final එකට යන කණ්ඩායමකට වෙනදා වගේ තරග 7ක් නෙවෙයි තරග 8ක් ක්‍රීඩා කරන්න වෙනවා.
මැච් ගොඩක් Drama ගොඩක් සහ සුපිරිම Thrill එකක් බලාගන්න පුළුවන් වෙනස්ම ලෝක කුසලානයක් තමයි මේ සැරේ තියෙන්නේ! 🔥

🧐 ඔයාලා හිතන විදිහට මේ අලුත් Format එකෙන් වාසි වෙන්නේ කුඩා රටවල් වලටද? නැත්නම් ලොකු ටීම් වලටද? Comment එකක් දාන්න!

03/06/2026

🚨Breaking News 2026 ලෝක කුසලානය සඳහා ස්ථිර කරන ලද නව නීති!

Throw-in කාල සීමාව යම් ක්‍රීඩකයෙකු තරගය නැවත ආරම්භ කිරීම ප්‍රමාද කළහොත් එම Throw-in එක අනෙක් කණ්ඩායමට ලබා දෙනු ඇත.

තත්පර 5ක ගෝල්-කික් කාල සීමාව,කාලය අපතේ යැවීම සඳහා සිදුකරන ප්‍රමාද කිරීම් වැළැක්වීමට මෙයද අදාළ වන අතර නීතිය උල්ලංඝනය කළහොත් අනෙක් කණ්ඩායමට එය ලබාදෙනු ඇත.

තත්පර 10ක ආදේශන (Substitutions) කාල සීමාව,පිටියෙන් ඉවත් වන ක්‍රීඩකයාට ළඟම ඇති ස්ථානයෙන් පිටියෙන් ඉවත් වීමට තත්පර 10ක කාලයක් ලැබේ. එසේ කිරීමට අපොහොසත් වුවහොත් නව ආදේශක ක්‍රීඩකයාට අවම වශයෙන් විනාඩියක් යනතුරු පිටියට පිවිසිය නොහැකි අතර එම විනාඩිය තුළ කණ්ඩායමට ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදු වේ.

පිටියෙන් බැහැරව ප්‍රතිකාර ලැබීම විනාඩියක කාලයක් භෞතික චිකිත්සකවරයෙකුගෙන් පිටිය තුළදී ප්‍රතිකාර ලබන ක්‍රීඩකයින් තත්පර 60ක් යනතුරු නැවත පිටියට නොපැමිණ පිටත රැඳී සිටිය යුතුය. කෙසේ වෙතත් ගෝල් රකින්නන් බරපතල තුවාල ලැබීම් සහ ප ක්‍රීඩකයෙකුට කහ/රතු කාඩ්පතක් පෙන්වූ අවස්ථාවන් මෙයින් නිදහස් වේ.

කට වසාගෙන කතා කිරීම තහනම් කිරීම,ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු සමඟ මතභේදාත්මක හෝ ගැටුම්කාරී අවස්ථාවකදී තම කට දෑතින් වසාගෙන කතා කරන ඕනෑම ක්‍රීඩකයෙකුට රතු කාඩ්පතක් (RED CARD) පෙන්වා පිටියෙන් ඉවත් කිරීමට පියවර ගත හැක. 🤐

කෝනර් පහරවල් නැවත පරීක්ෂා කිරීම.කෝනර් පහරක් නිවැරදිව ලබා දී තිබේද යන්න VAR තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කළ හැකිය. නමුත් මෙය තරගය නැවත ආරම්භ කිරීමට පෙර ඉතා ඉක්මනින් සිදු කළ යුතුය.

දෙවන කහ කාඩ්පත සමාලෝචනය කිරීම.කහ කාඩ්පත් දෙකක් ලබා ගැනීම නිසා පිටියෙන් ඉවත් කරනු ලබන (රතු කාඩ්පත් ලැබෙන) ක්‍රීඩකයින්ගේ එම දෙවන කහ කාඩ්පත ලබා දුන් තීරණය නිවැරදිදැයි VAR හරහා නැවත පරීක්ෂා කළ හැක. ⚖️

මොකද හිතන්නේ මේ අලුත් නීති ගැන?

02/06/2026

2002 සිට 2022 දක්වා පැවැත්වුණු FIFA ලෝක කුසලාන තරගාවලියන්හී රන් පන්දුව Golden Ball දිනාගත් දක්ෂතම ක්‍රීඩකයින්⚽️🔥

🏆2002 ලෝක කුසලානය (දකුණු කොරියාව සහ ජපානය)

• දක්ෂතම ක්‍රීඩකයා-ඔලිවර් කාන් (Germany)

• ලෝක කුසලාන ඉතිහාසයේ රන් පන්දුව දිනාගත් එකම ගෝල් රකින්නා Goalkeeper මොහු වේ.

🏆 2006 ලෝක කුසලානය (ජර්මනිය)

• දක්ෂතම ක්‍රීඩකයා-සිනේඩින් සිඩෑන් (France)

🏆 2010 ලෝක කුසලානය (දකුණු අප්‍රිකාව)

• දක්ෂතම ක්‍රීඩකයා-ඩියාගෝ ෆෝලාන් (Uruguay)

🏆 2014 ලෝක කුසලානය (බ්‍රසීලය)

• දක්ෂතම ක්‍රීඩකයා-ලියොනෙල් මෙසී (Argentina)

🏆 2018 ලෝක කුසලානය (රුසියාව)

• දක්ෂතම ක්‍රීඩකයා-ලූකා මොඩ්රිච් (Croatia)

🏆 2022 ලෝක කුසලානය (කටාර්)

• දක්ෂතම ක්‍රීඩකයා-ලියොනෙල් මෙසී (Argentina)

• ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථා දෙකකදී රන් පන්දුව දිනාගත් එකම ක්‍රීඩකයා.

• ඔබේ අදහස අනුව මෙවර 2026 රන් පන්දුව (Golden Ball) දිනාගන්න ලොකුම අවස්ථාවක් තියෙන්නේ කාටද?

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy
20000