Truth First
වර්තමානයේ සියලු මාධ්‍ය භාවිතය යම් පක්ෂයකට හෝ කණ්ඩායමකට පක්ෂපාතිත්වයක් දක්වන ආකාරයේ පුවත් ගෙන ඒ. අප ඒ මනසින් මිදී දිවයින පුරා පලවන පුවත් අපගේ ෆේස්බුක් පාඨකයන්ට වඩාත් නිවැරදි හා විශ්වාසනීය ලෙස ගෙන ඒමට උත්සහා දරන්නෙමු.එමෙන්ම යම් මාධ්‍යක පලවෙන පුවතක සත්‍යතාවයද තහවුරු කර ඔබ වෙත ගෙන ඒමට උත්සහා දරන්නෙමු
08/08/2015
We Will Come Back
15/08/2013
ඔබේ ඊමේල් තවදුරටත් පුද්ගලික නොවේ
14/06/2013
========================================
එක්‌සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කැර තිබෙන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් නොව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සඳහා යෝජනාවලියක් පමණකැයි ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.නව ව්‍යවස්‌ථාවක් කෙරෙහි මුස්‌ලිම් ජනතාවගේ ද අවධානය යොමු විය යුතු බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා දැනට පවතින ජනාධිපති ආණ්‌ඩු ක්‍රමයෙන් මුස්‌ලිම් ජනතාවට සිදුවී ඇති සෙත කුමක්‌දැයි විමසුවේය.
තවදුරටත් අදහස් දක්‌වමින්විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය. සියලු ජනකොටස්‌වලට සලකන ආණ්‌ඩු ක්‍රමයක් රටට අවශ්‍යයි. පවතින ක්‍රමය යටතේ සියලු ජන කොටස්‌ලට එක සමානව සලකන්නේ නැහැ. අපි සියලු දෙනාම ශ්‍රී ලංකා වැසියෝ. අපේ කොඩියෙන් අපි හැමෝම වැහෙන්ට ඕනෑ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කොඩියට පාට දෙකක් එකතු කළේ සියලු ජන කොටස් සෑම කොටසක්‌ම වැහෙන්ටයි. ඩී. එස්. සේනානායක, ජී. ජී. පොන්නම්බලම්, සර් ජෝන් කොතලාවල ඇතුළු සියලු පක්‍ෂවල සියලු නායකයන් ඒ කොඩිය පිළිගත්තා.
-------------------------------------------------------------------------
ඉහත දැකෙවෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර රිවර්ඩේල් හෝටලයේදී මුස්ලිමුන් පිරිසක් අමතා කල කතාවෙන් උපුටා ගන්නා ලද්දකි
අප දන්නා පරිදි ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමාගේ කොඩිය වන්නේ සිංහ කොඩියයි.එහි සුලු ජාතින් වෙනුවෙන් වර්ණ තීරු දෙකක් දක්නට නොලැබුණු අතර වර්තමාන කොඩිය නිර්මාණය වන්නේ 1951 වර්ෂයේදීය.ඒ මහනුවර රාජධානියේ කොඩියට වම් පසින් එනම් කඩුවක් අතින් ගත් සිංහයාට ඉදිරියෙන් කොල පාට හා තැඹිලි පාට වර්ණ තීරු 2ක් යොදාගනිමිනි.තමන් ම රටේ ඉතිහාසය නැවත වරක් නොදන්නා බව ඔහු නැවතත් ජනතාවට ඔප්පු කලේය
=========================================
මුස්‌ලිම් ප්‍රජාව බහුතරය පවතින ප්‍රදේශවල ජනකොටස් ආරක්‍ෂා වන ආකාරයට නියෝජනය සිදුවෙනවා. බොරැල්ල, බලංගොඩ, හාරිස්‌පත්තුව, මාවනැල්ල වැනි ආසනවල මුස්‌ලිම් නියෝජනය ආරක්‍ෂා විය යුතුයි.
මුස්‌ලිම් ජනතාවට අසාධාරණයක් සිදුවීමට ඉඩ දෙන්නේ නැහැ. නමුත් මුස්‌ලිම් ඡන්දයෙන් පත්වී අනෙක් පැත්තට වාසි ලබාගෙන පනින්ට දෙන්නේ නැහැ. එක්‌සත් ජාතික පක්‍ෂය සෑම පක්‍ෂයක්‌ම ආරක්‍ෂා කරන පක්‍ෂයක්. ජනාධිපති පදවිය නැති කළාට කිසිම පක්‍ෂයක හෝ ජන කොටසකගේ ආරක්‍ෂාවත් අයිතිවාසිකමුත් නැතිවන්ට ඉඩ තබන්නේ නැහැ. බලය බෙදීම සහ දූෂණය නැති කිරීමේ ක්‍රම අපේ යෝජනාවලට ඇතුළත් කර තිබෙනවා. ජනතා පරමාධිපත්‍යයට අපේ යෝජනාවලින් මුල් තැන දී තිබෙනවා. මුස්‌ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා වන පරිදි යෝජනා ඇතුළත් කර තිබෙනවා. සියලු ජන කොටස් ආරක්‍ෂා වී ඔක්‌කෝම ශ්‍රී ලාංකිකයන් ලෙස ආරක්‍ෂා විය යුතුයි.
මුස්‌ලිම් ප්‍රජාව සමග පැවැති දැනුවත් කිරීමේ රැස්‌වීමට පෙර මුස්‌ලිම් විද්‍යාර්ථීන්ගේ සාකච්ඡාවකදී එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බව කියා සිටියේය.
-----------------------------------------------------------------------
මුස්ලිම් පල්ලි හා මුස්ලිමුන් වෙනුවෙන් මෙසේ කඩේ යන විපක්ෂනායකවරයා බෞද්ධ ජනතාවට සිදුවන අකටයුතුකම් හා හිරිහැර වෙනුවෙන් කිසිවක් නොපවසා සිටීම කණගාටුවට කරුණකි.එමෙන්ම ඔහු මෙරට තිබෙන විශාලම පක්ෂයේ නායකයා වේ.එහි වැඩිම සාමාජිකයන් සංඛ්‍යාවක් සිටිනුවේ මුස්ලිම් ජනතාව නොව සිංහල බෞද්ධ ජනතාව වේ.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Kandy