Al Panthiya
17/06/2024
Together,we can make a difference!
Let's Turn the Tide...✨️
Second webinar in the series........
Join through this link
https://learn.zoom.us/j/7877388339?omn=94844524472
05/04/2024
මහාචාර්ය ලක්ෂමන් අල්විස්
එතුමාට තිබුනේ ගාමිණී ෆොන්සේකාට වගේ නළු පෞරුෂයක්. හිටගන්නේ ඉද්ද ගැහුවා වගේ. හරි කෙලින් , තනි ඉරට. එතුමාගේ වැඩත් එහෙමයි. තනි කෙලින්. එහෙම අය හරි අඩුයි.
කොළඹ කෙරෙන එක්තරා හෝටල් ව්‍යාපෘතියක සාකච්චාවකදී ලංකාවේ වෘත්තිකයින්ගේ වෘත්තික භාවය සහ අයකිරීම් ගැන ප්‍රශ්න කළ සිංගප්පූරු නියෝජිතයෙක්ට ලබා දුන් පිළිතුර ගැන මට කීවෙත් ඒ මේසෙම හිටපු තව අයෙක්.
"If you have any doubts that we are selling rotten fish here, the door is there,,, you may pack up & leave please ..."
වතාවක් එතුමා ලඟට සුළු සේවක කාර්ය මණ්ඩලයේ අයෙක් ප්‍රශ්නයක් අරන් ආවා. ඒ සුළු සේවකයින්ගේ ඉහට උඩින් කාක්කෙක්වත් පියාඹන්නේ නැති කාලෙක. ඒ නිසාම ඒ ප්‍රශ්නේ මහාචාර්යතුමා ලඟට ආවේ බොහොම සද්දෙට... අත පය විසිකරගෙන.
"සර් ,, මේ ,,, මෙව්වට ඉඩ දෙන්න බෑ ,, හරිද ,,??" Tone එකෙන් ...
සුළුයි කීවාට මේ මිනිහා අඩි හයකුත් අඟල් ගානක් උස යෝධ කුරුල්ලෙක් වගේ එකෙක්. ඒ වුනාට මොකෝ ,, ඒ පැත්ත බලලා මේ පැත්ත බලන්න කලින් පීඨාධිපති කාර්යාලයෙන් ඇහුනයි කියලා ආරංචි මෙහෙම සද්දයක් ..
"ගහනවා කරෝලයා බිත්තියේ ගැහුවා වගේ ,,, සද්දේ වහලා කියපං තමුන්ගේ ප්‍රශ්නේ ... එන්නෙපා එක එකාට දාන සද්දේ මෙතන දාන්න .."
ඊට ටික මොහොතකට පස්සේ අලෙස්සන්ඩර් සලන්ඩර් උනේ යම් සේද , එසේම අපේ සුළු සේවකයා කාමරෙන් එලියට එනවා දුටු බවයි ආරංචි උනේ. ඒ තමයි ලක්ෂ්මන් අල්විස්.
ඒ වෙනකොට මහාචාර්ය පටුවතවිතාන විශ්ව විද්‍යාල භූමිය තුලම ඝාතනය කරලයි තිබුනේ. ඒ වගේම ශිෂ්‍යයෝ හිටි ගමන් අතුරු දහන් වෙන කාලයක්. ඒ වගේ කාලෙක සමහර ශිෂ්‍යයෝ උකුස්සන්ගෙන් බේරා ගන්න තමන්ගේ වාහනයේ හංගාගෙන ගිහින් පරිස්සම් කරපු කෙනෙක් තමයි ලක්ෂ්මන් අල්විස් කියන්නේ. දැනට ජීවත්වෙලා ඉන්න කීප දෙනෙක්ම ඒ ගැන සාක්කි.
ඒ වගේම තෙවතාවක් විභාගේ අසමත් ශිෂ්‍යයෙක්ව ගෙන්වලා අම්මා මෝ නැතිව බැනලා "තමුසේ අහුවෙන්න එපා ආයේ එහෙම ෆේල් වෙලා ඇවිත් ,,, අම්මා තාත්තගේ සල්ලියි , අපේ වෙලාවයි කන්න ද මෙතනට ආවේ" කියලා බැනපු මනුස්සයා , මිනිහා ගියාට පස්සේ ටෙලිෆෝන් එක අරන් රෙජිස්ට්‍රා ට බැනපු විදිහ කීවෙත් එතනම හිටපු කෙනෙක්.
"තමුන් දන්නවාද අපි කොච්චර මහන්සි වෙනවද , ආණ්ඩුවෙන් කීයක් වියදම් කරනවද විශ්ව විද්‍යාලයක අන්තිම අවුරුද්ද වෙනකල් ළමයෙක් හදන්න. මේක සෙල්ලමක් කියලා හිතුවද ඕන ඕන විදිහට ළමයි එලියට දාන්න. මමයි තීරණය කරන්නේ ඒ ළමයි විභාගේට ගන්නවාද නැති එක. මම පේපර් එකක් දානවා , වහාම ඒක සෙනෙට් එකට යවන්න ලෑස්ති කරන්න. ළමයි එලවන එකට නෙවෙයි , පාස් කරන එකට උදව් කරන්න පුරුදු වෙන්න "
මටත් තියෙනවා එතුමා ගැන පෞද්ගලික අත්දැකීම්. ඒ උනාට ඒවා කීවොත් මට හොඳ නැති නිසා නොකියා ඉන්න තීරණය කළා.
අපේ විශ්ව විද්‍යාල කාලය සුන්දර එකක් වුනේම අපිට වඩා හුඟක් ඉහළින් හිටපු , ඒ වගේම අපිත් එක්කම ගැටුණු සහ අපිව අපාය මාර්ගයෙන් කණෙන් ඇදලා බේරගත්ත පීඨාධිපති මහාචාර්ය ලක්ෂ්මන් අල්විස් වගේම මහාචාර්ය GTF උපකුලපතිතුමා වගේ මහත්තුරු හින්දා.
ඒ වගේ ගුරුවරුන්ට නිවන් මාර්ගය කෙටියි !
උපුරාගැනීමකි
20/12/2023
Unveiling Timeless Historical Landmarks in Vienna
Unveiling Timeless Historical Landmarks in Vienna Vienna in Austria a city where the echoes of ages past can still be heard via majestic architecture, is a living tribute to its rich historical background. Vienna's historic sites create a tapestry of cultural richness and ...
02/12/2023
Exploring the Rich Culinary Heritage Of Austria
Exploring the Rich Culinary Heritage Of Austria The culinary fabric of Austria is a lively mosaic of tastes, with each dish expressing a tale of history and innovation. Austrian food captivates with its rich history and numerous influences, from the center of Vienna to ...
Click here to claim your Sponsored Listing.
Category
Contact the university
Telephone
Website
Address
Kandy
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 14:00 |