UNSEEN

UNSEEN

Share

VISION : Towards a concerened society in the virtual community by the relationship built through social networks

MISSION : Building up better companionships among the friends recognized in the social network atmosphere through proper realization with the desire of helping and providing a high quality social upliftment service

MOTTO : UNITE FOR A CHANGE !

Photos from UNSEEN's post 22/02/2026

🎗️ UNSEEN DONATION CAMPAIGN 2026 : STAGE- 2 🎗️

➤ ස්ථානය - මාතලේ - කොහොඹිලිවල - කුඹුරු කොටුව ලිඳ

➤ වැඩසටහන - දිත්වා සුලිකුණාටු සමයේ සුදු ගඟ පිටාර යාමෙන් රොන් මඩ සහ වැලි තැන්පත් වී වැසී ගිය ස්වාභාවික උල්පත් දිය සහිත ලිඳ ප්‍රතිසංස්කරණය කිරීම.

➤ සම්බන්ධීකාරක - එස්. එන්. බී නවරත්න මහතා

➤ දිනය - 2026 පෙබරවාරි 16

➤ පරිත්‍යාග - යන්ත්‍රෝපකරණ හා ලිඳ පිරිසිදු කිරීමේ සෙසු වියදම් සඳහා මූල්‍ය පරිිිිිත්‍යාග සිදු කිරීම.

➤ ක්‍රියාකාරී නිල - ගරු සභාපති සහ ගරු භාණ්ඩාගාරික

➤ අතිරේක විස්තර - මෙම ලිඳ එම ප්‍රදේශයේ සහ ප්‍රදේශයෙන් බැහැර පවා විශාල පිරිසක් විසින් ස්නානය සහ ගොවිතැන් සඳහා ජලය සපයා ගත් දිගුකලක සිට පැවත එන පිරිසිදු ජල මූලාශ්‍රයකි.

➤ ස්තූතිය - මෙම වැඩසටහන සාර්ථකව සිදු කිරීම සඳහා ශ්‍රමයෙන් සහ මුදලින් දායක වුණ දෙස් විදෙස් සැමටත් ඔවුන්ගේ ආදරණීයයන්ටත් නිදුක් නීරෝගී සැපවත් ජීවිත අත්වේවා! අධ්‍යාපන සහ ආර්ථික කටයුතු සාර්ථක වේවා! ඍජුව වක්‍රව දායක වුණ සහ මෙය දකින ඔබ සැම මේ පින් අනුමෝදන් කරගනිත්වා! තෙරුවන් සරණයි!

විලෝචනා අබේකෝන් - සභාපති

Photos from UNSEEN's post 15/07/2025

🎗️UNSEEN DONATION CAMPAIGN 2025 : STAGE- 10 🎗️

➤ ස්ථානය - පල්ලෙතලවින්න,මහනුවර.

➤ වැඩසටහන - ඇවිදීමට අපහසුතා සහිත 64 වියැති කාන්තාවක් සඳහා කොමඩය සහිත රෝදපුටුවක් පරිත්‍යාග කිරීම.

➤ දිනය - 2025 අප්‍රේල් 19

➤ පරිත්‍යාග - කොමඩය සහ සුව පහසු ආසනය සහිත රෝද පුටුව

➤ මූල්‍ය අනුග්‍රහකත්වය - Unseen සත්කාරක අරමුදල

➤ ක්‍රියාකාරී නිල - සම සභාපතිවරු දෙපල

➤ ශ්‍රම දායකත්වය - අදාල තොරතුරු නිසි ලෙස සොයා බලා දැන්වූයේ සම භාණ්ඩාගාරික සුනෙත් ජයවීර මහතා විසිනි.

➤ අතිරේක විස්තර - වසර ගණනක් පුරා ලී පුටුවක් පොලව දිගේ ඇදගෙන යමින් කකුල් වලින් යන්තම් වාරුගෙන නිවසේ එහෙ මෙහ ගමන් කරන මෙම කාන්තාව අප විසින් රෝද පුටුවේ ඉඳගස්වනු ලබන අවස්ථාවෙ ඇයගේ ඇස් වලින් කඳුලු වැටෙන හැටි අපි දුටුවා. වාහනයක් ගමන් කල නොහැකි තරමක් ඉහලට නැග යා යුතු ස්ථානයක ඇගේ නිවස පිහිටා ඇති අතර ඇයගේ සොයුරියගේ පුතා විසින් මෙම රෝද පුටුව ඉල්ලුම් කරන ලදී. ඉල්ලීම කර පැය 8 ක් තුළ අපි රෝද පුටුව රෑ නිවසටම ගිහිං භාර දුන්නා. එදා ඇයගේ මුහුණේ තිබුණ සතුට නම් වචන වලට පෙරලන්න අමාරුයි.

➤ ස්තූතිය - මෙම වැඩසටහන සාර්ථකව සිදු කිරීම සඳහා ශ්‍රමයෙන් සහ මුදලින් දායක වුණ සැමටත් ඔවුන්ගේ ආදරණීයයන්ටත් නිදුක් නීරෝගී සැපවත් ජීවිත අත්වේවා! අධ්‍යාපන සහ ආර්ථික කටයුතු සාර්ථක වේවා! ඍජුව වක්‍රව දායක වුණ සහ මෙය දකින ඔබ සැම මේ පින් අනුමෝදන් කරගනිත්වා! තෙරුවන් සරණයි !

✍🏻 විලෝචනා අබේකෝන් - සම සභාපති

Photos from UNSEEN's post 14/07/2025

🎗️UNSEEN DONATION CAMPAIGN 2025 : STAGE- 7 🎗️

➤ ස්ථානය - සත්‍ය සායි සුව සෙවන- හංවැල්ල (Cancer Hospice)

➤ වැඩසටහන - නේවාසිකව ප්‍රතිකාර ලබන පිලිකා රෝගීන්ගේ ඖශධ සදහා මූල්‍ය ආධාර කිරීම.

➤ ආයතන නිලධාරීන් - ජේ. අනූශා මිය

➤ දිනය - 2025 මාර්තු 26

➤ පරිත්‍යාග - මුදල් ආධාර

➤ මූල්‍ය අනුග්‍රහකත්වය - Unseen සත්කාරක අරමුදල

➤ ක්‍රියාකාරී නිල - සම සභාපතිනිය

➤ ශ්‍රම දායකත්වය - චාමික ගයාන් කුමාරගේ මහතා විසින් අදාල ආයතනයට එම මුදල් භාරදී ලියකියවිලි මුද්‍රණය කොට ආයතනයේ කාර්යාල නිලධාරිනියගෙන් අත්සන් ගෙන අප වෙත තැපැල් කරන ලදී.

➤ ස්තූතිය - මෙම වැඩසටහන සාර්ථකව සිදු කිරීම සඳහා ශ්‍රමයෙන් සහ මුදලින් දායක වුණ සැමටත් ඔවුන්ගේ ආදරණීයයන්ටත් නිදුක් නීරෝගී සැපවත් ජීවිත අත්වේවා! අධ්‍යාපන සහ ආර්ථික කටයුතු සාර්ථක වේවා! ඍජුව වක්‍රව දායක වුණ සහ මෙය දකින ඔබ සැම මේ පින් අනුමෝදන් කරගනිත්වා! තෙරුවන් සරණයි !

✍🏻 විලෝචනා අබේකෝන් - සම සභාපති

Photos from UNSEEN's post 14/07/2025

🎗️UNSEEN DONATION CAMPAIGN 2025 : STAGE- 5🙏

➤ ස්ථානය - ප්‍රා. වෛ. ඒ. ඖෂධාලය - සුදුහුම්පල

➤ වැඩසටහන - පෙර අප ආධාර ලබාදුන් ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථානයේ සායන වලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාත්මක වැඩි වීමත් සමඟ ඖෂධ බෙදාදීමේදී ඇතිවන ප්‍රමාදය වැලැක්වීම සහ බෙහෙත් වල ආරක්ශාව උදෙසා තරමක් විශාල බෙහෙත් අසුරන භාජන සහ රෝගීන් අතට කඩදාසි බෑග් වෙනුවට බෙහෙත් හොඳින් ආවරණය කල හැකි zip lock bag සහ බෙහෙත් විස්තර ඇතුලත් කාඩ්පත් පරිත්‍යාග කිරීම.

➤ ආයතන නිලධාරීන් - ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රූපිකා කරුණාරත්න මිය සහ ඖෂධවේදී රම්‍යා මිය.

➤ දිනය - 2025 මාර්තු 14

➤ පරිත්‍යාග

i. Pharmacy Cards 5000 ක්
ii. Zip Lock Bags 3000 ක්
iii. ප්ලාස්ටික් ඖෂධ බහාලුම් 20

➤ ක්‍රියාකාරී නිල - සම සභාපති වරුන්

➤ ශ්‍රම දායකත්වය - දමිල භාෂා පරිවර්තනය - ක්‍රිෂ්ණන් ප්‍රියා.

➤ අතිරේක සේවා - සායන දෙකට අවශ්‍ය Pharmacy cards වෙන් වෙන්ව design කිරීම, භාෂා පරිවර්තනය, Pharmacy card මත බෙහෙත් වර්ග ලියා දීම, ඖෂධවේදිනිය විසින් ඉල්ලුම් කල බහාලුම් වර්ගයම සොයා එම බහාලුම් සෝදා පිරිසිදු කර බෙහෙත් වල නම් මුද්‍රණය කර බහාලුම් මත අලවා නිසි පරිදි භාර කිරීම. මෙම ද්‍රව්‍ය සෙවීමට සකස් කිරීමට සහ මිල ගණන් සසඳා සුදුසු තැන් වලින් මිලදී ගැනීමට බොහෝ කාලය සහ වෙහෙස දැරීමට වූ අතර ඒ සඳහා මහනුවර, මාතලේ කුරුණෑගල ප්‍රදේශ වල සොයා බැලීම සඳහා විශ්ව ගොපල්ලව මහතාගෙන් විශාල සහයක් හිමි විය.

➤ ස්තූතිය - මෙම වැඩසටහන සාර්ථකව සිදු කිරීම සඳහා ශ්‍රමයෙන් සහ මුදලින් දායක වුණ සැමටත් ඔවුන්ගේ ආදරණීයයන්ටත් නිදුක් නීරෝගී සැපවත් ජීවිත අත්වේවා! අධ්‍යාපන සහ ආර්ථික කටයුතු සාර්ථක වේවා! ඍජුව වක්‍රව දායක වුණ සහ මෙය දකින ඔබ සැම මේ පින් අනුමෝදන් කරගනිත්වා! තෙරුවන් සරණයි !

✍🏻 විලෝචනා අබේකෝන් - සම සභාපති

Photos from UNSEEN's post 14/07/2025

🎗️UNSEEN DONATION CAMPAIGN 2025 : STAGE- 4 🙏

➤ ස්ථානය - කොටුවෙගෙදර, සුධර්මෝදය විහාරය - මාතලේ.

➤ වැඩසටහන - Unseen 10 වන සංවත්සරය සහ වැඩසටහන් 100 ක් සම්පූර්ණ කිරීම නිමිති කොටගෙන සියලු සාමාජිකයින්ට සෙත් පතා වරු පිරිතක් සජ්ඣායනා කිරීම සහ සාංඝික දානයක් පිළිගැන්වීම.

➤ දිනය - 2025 මාර්තු 11, 12 දෙදින

➤ පරිත්‍යාග - පිරිකර සහ දහවල් දානය

➤ මූල්‍ය අනුග්‍රාහකත්වය - Unseen සත්කාරක අරමුදල

➤ ක්‍රියාකාරී නිල - සම සභාපති වරුන්

➤ ශ්‍රම දායකත්වය - සීලවතී මහත්මිය සහ නවරත්න මහත්මා, සුධිර මහතා, චාන්දනී මහත්මිය දැරියන් තිදෙනා ඇතුලු නන් අයුරින් සහය දැක්වූ කොටුවෙගෙදර අසල් වාසින් සහ ඔවුන්ගෙ මිතුරු මිතුරියන්. පිරිත් සහ දානමය පිංකම උදෙසා සති ගණනාවක සිට නිවස පිරිසිදු කර ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණු අතර පිරිත් සහ දාන කටයුතු වල ආහාර සකස් කිරීම වෙනුවෙන් මේ සියලු දෙනා ඉතා සැදැහැ සිතින් සහය දක්වනු ලැබීය.

➤ ස්තූතිය - මෙම වැඩසටහන සාර්ථකව සිදු කිරීම සඳහා ශ්‍රමයෙන් සහ මුදලින් දායක වුණ සැමටත් ඔවුන්ගේ ආදරණීයයන්ටත් නිදුක් නීරෝගී සැපවත් ජීවිත අත්වේවා! අධ්‍යාපන සහ ආර්ථික කටයුතු සාර්ථක වේවා! ඍජුව වක්‍රව දායක වුණ සහ මෙය දකින ඔබ සැම මේ පින් අනුමෝදන් කරගනිත්වා! තෙරුවන් සරණයි !

✍🏻 විලෝචනා අබේකෝන් - සම සභාපති

Want your organization to be the top-listed Non Profit Organization in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kandy
20000

Opening Hours

Monday 09:00 - 16:00
Thursday 09:00 - 16:00