Village Kitchen

Village Kitchen

Share

08/02/2025

🍲 ගමේ රසට පරිප්පු 🍲

අද කියන්න යන්නෙ වයස් භේදයක් නැතුව අපි හැමෝම කන්න කැමතිම කෑමක් රසට උයාගන්න විදිහ. තුන් වේලම උනත් කන්න දුන්නොත් කන්න ආස හිතෙන විදිහට පරිප්පු මෙහෙම හදලා බලන්නකො. පාන්, ඉඳි ආප්ප ,පරාටා කද්දි මෙහෙම පරිප්පු හොද්දක් හදා ගත්තම රස 😋

අවශ්‍ය ද්‍රව්‍ය
🍛පරිප්පු
🍛රතු ලූනු
🍛සුදු ලූනු
🍛කරපිංචා
🍛රම්පෙ
🍛අමු මිරිස්
🍛කුරුඳු
🍛මිරිස් කුඩු
🍛කහ කුඩු
🍛තුනපහ කුඩු
🍛ලුනු
🍛මිටි කිරි
🍛පොල් තෙල්

සාදා ගන්නා ආකාරය
🍛ඔයාට ඕනි ප්‍රමාණයෙන් පරිප්පු අරගන හෝදලා වෙනම භාජනයකට දාගන්න

🍛රතු ලූනු,සුදු ලූනු,කරපිංචා,අමු මිරිස,රම්පෙ,කුරුඳු (පොඩි කෑල්ලක්) හෝදලා මේ සේරම පොඩියට කපලා ඒ ටිකත් පිඟානකින් වෙන වෙනම තියා ගන්න

🍛ඔයාට පරිප්පු හොදි හිටින්න ඕනි නම් මිටි කිරි ටිකක් වැඩිපුර ගන්න. එහෙම නැත්නම් ගොඩක් ඕනි නැහැ. පරිප්පු තැම්බෙන ප්‍රමාණයක් තිබුනා නම් හොඳටම ඇති. දැන් පොල් කිරි ටිකත් ලැහැස්ති. ඒකත් භාජනයකට දාලා තියා ගන්න.

🍛ලිප පත්තු කරලා මැටි ඇතිලියක් ලිපෙන් තියන්න(දර ලිපේ නම් ගොඩක් හොඳයි)ඒකට පොල් තෙල් මේස හැඳි 3-4 දාන්න. දැන් තෙල් ටික හොදට රත් වෙන්න දෙන්න

🍛තෙල් ටික රත් උනාම කරපිංචා,රම්පෙ දාලා ටිකක් මැලවෙන්න දෙන්න. බැදෙනකන් තියන්න එපා. ✋ දැන් සුදු ලූනු ටික දාන්න, ඊගාවට රතු ලූනු, දැන් කුරුදු ටික දාන්න. කපා ගත්තු මිරිස් ටිකත් දාන්න

🍛මේ ටිකට දැන් මිරිස් කුඩු,තුනපහ, කහ කුඩු ,ලුනු ඔයාගෙ පදමට එකතු කරන්න

🍛දැන් මේ මිශ්‍රණයට පරිප්පු ටික දාලා හොදට කලවම් කරන්න. විනාඩි 5 විතර ලිපේ තියෙන්න අරින්න.

🍛මේ වෙනකොට පරිප්පු එකෙන් බඩගිනි එන තරමේ සුවඳක් එයි. දැන් පොල් කිරි ටික පරිප්පු ටිකට දාන්න. හොඳට කලවම් කරන්න.පරිප්පු හොද්ද හොඳට බුබුළු දානකන් උතුරන්න දෙන්න.

🍛සමහර අය පරිප්පු ඇට බෙරි වෙනකන් තියනවා. එහෙම නැති අයත් ඉන්නවා. ඔයා කැමති ප්‍රමාණයට පරිප්පු ඇට තැම්බෙනකන් තියලා පරිප්පු එක ලිපෙන් බාගන්න.

පාන් කෑල්ලක් 🍞 ඉඳිආප්ප ටිකක් කාලා බලන්නකො මෙහෙම පරිප්පු හොද්දක් එක්ක.. 😋😋😋

Want your business to be the top-listed Shop in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy