Advertising.lk
03/08/2025
මෙම මහ ට්‍රැක්ටර් ටේලර් 2ම ඉතා ඉක්මනින් විකිණීමට ....
කතා කරන්න
071 7333065 - සුරංග
12/04/2025
උතුම් ශ‍්‍රී වෛශාඛ පුන් පොහොයට පෙරාතුව එළඹෙන භාග්‍යවත් මාසය වශයෙන් සැලකෙන බක් මාසයේ පුන් පොහෝ දිනය ද ශාසන ඉතිහාසයේ සුවිශේෂි පුන් පොහෝ දිනයකි. ගහ කොළ ඵලබරින් නැමුණු මනහර සොභාදහමින් නැහැවුණු ශාන්ත සුන්දර බක්මස පුර පසළොස්වක පොහොය දිනය ලක්වැසි බොදුනුවනට ද සුවිශේෂී පුන් පොහෝ දිනයකි. බෞද්ධ උපාසක උපාසිකාවෝ සීල ගුණයෙන් පේවි ධර්මානුකූලව සිත මෙහෙයවා මානසික කායික සුවය හා විවේකය අත්කර ගැනීම සඳහා මෙම පොහොය දිනය යොදා ගනිති.
බුදුරජාණන් වහන්සේ තෙවරක් ලක්දිවට වැඩම කළ සේක. පළමුව මහියංගනයට ද, දෙවනුව නාගදීපයට ද, තෙවනුව කැළණියට ද වශයෙනි. උන්වහන්සේ බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සේක්, ලෝක සත්වයා කෙරෙහි පතළා වු මහා කරුණාවෙන්, මහා කරුණා සමාපත්තියට සම වැදී ලොව දෙස බලා වදාළහ. එවිට ලක්දිව නාගදීපයෙහි මහෝදර හා චූලෝදර නා රජුන් දෙදෙනා මණිපළඟක් මුල් කොටගෙන යුදයට එළඹී සිටිනු දිවැසින් දුටු සේක. ඔවුන්ගේ සමගිය පතා සමිද්ධි සුමන නම් රුක් දෙවියා සම`ග දෙවන වරට ලක්දිව නාගදීපයට බක් පුන් පොහෝ දිනයේ දී වැඩම කොට සෘද්ධියෙන් යුදබිමෙහි අහසේ වැඩහුන් සේක.
පෙර අත්බැව්හි නාගදීපයේ මනුෂ්‍යයෙකුව ඉපදී සිට පසුව සැවැත්නුවර දෙවුරම් වෙහෙර අබියස කිරිපළු රුකක් වාසභවනය කොට සිටි සමිද්ධි සුමන රුක් දෙවියා ද ඒ කිරිපළු රුක ස්ර්වඥයන් වහන්සේට චත‍්‍රයක්සේ දරමින් නාගදීපයට පැමිණියේය. එහි අහසෙහි වැඩසිටිමින් සර්වඥයන් වහන්සේ පළමුව යුදබිම තුළ බියකරු අන්ධකාරයක් මවා පෑහ. මෙම අන්ධකාරයෙන් නාගයෝ මහත් බියට පත්වුහ. අනතුරුව ඔවුන් අස්වසමින් අන්ධකාරය මගහරවා අසිරිමත් ආලෝක ධාරාවක් මවා පෑ සේක. ඉන් තම බිය පහව ගියෙන් ප‍්‍රීතියට පත්වූ නාගයෝ අපමණ ශ‍්‍රද්ධා භක්තියෙන් බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළහ. මෙසේ සතුටට පත් නාරජුන් දෙදෙනා සටනට නිමිත්ත වු මහාර්ඝ මිණිපළඟ බුදුරජාණන් වහන්සේට පුජා කළහ. එවිට තිලෝගුරු අමාමෑණියන් වහන්සේ එම උතුම් මිණිපළඟෙහි වැඩසිට කාකොලූක, ලටුකික චන්දනාදී ජාතක කථාවන් මුල්කොට වෛර්යෙහි දොස් දක්වා සමගියේ අනුසස් වදාරා අවවාද කොට වදාළ සේක. ධර්ම දේශනා කොට නාරජුන් දෙදෙනා ඇතුළු පිරිස තෙසරණයෙහි හා සීලයෙහි පිහිටුවාලූහ. මෙසේ පාරිභෝගික ධාතුවක් බවට පත්වූ මිණිපළඟ ආපසු නාරජුන් වෙතම භාරදෙන ලදුව එම පාරිභෝගික ධාතුව නිදන් කොට රාජායතන නම් විසිතුරු චෛත්‍යය පිහිටවුහ. උතුරේ යාපන අර්ධද්වීපයේ බුදුහිමි පහස ලත් පින් බිමෙක පිහිටි ඵෙතිහාසික නාගදීප චෛත්‍යය සිංහල බෞද්ධයන්ගේ අති පූජනීය සොළොස්මස්ථානයන්ගෙන් එකකි.
මෙම අවස්ථාවේ නාගදීපයට පැමිණ සිටි මහෝදර නාරජුගේ මයිල් වු මණිඅක්ඛික නම් කැලණියේ නාරජු බුදුරජාණන් වහන්සේ නැවත ලක්දිව වැඩම කෙරෙන විටෙක කැළණියට ද වැඩම කරන ලෙස ආරාධනා කරනු ලැබුවේ මෙම උතුම් බක් පුන් පොහොය දිනයේදී ම ය.
මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දෙවන වරට ද ලක්දිවට වැඩම කිරීමේ පුණ්‍ය මහෝත්සවය නිසා පමණක් නොව සියළු යස රජ ඉසුරින් පිරිණු සිදුහත් කුමරු බක් මස පුන් පොහෝ දින උයන් කෙළි පිණිස යන්නේ සසර කළ කිරීමට හේතු වූ සතර පෙර නිමිත්තෙන් පළමු පෙර නිමිත්ත වූ ජරා (මහළු) රූපයක් දැක සසරින් එතෙර වීමට මග පෑදුණු දිනයක් වශයෙන් ද බක් පුන් පොහෝ දිනය අති උදාර පොහෝ දිනය කි.
💥ඇණවුම් කිරීමට ඔබගෙ,
👉 නම,
👉 ලිපිනය ,
👉 දුරකථන අංක2ක් ,
අපට Whatsapp කරන්න.
📲 0️⃣7️⃣1️⃣ 6️⃣5️⃣5️⃣ 6️⃣8️⃣ 5️⃣4️⃣
💢 අපෙන් ඔබට 👇,
👉 කඩිනම් හා විශ්වාසනීය සේවය
👉 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම,
👉 දිවයින පුරා බෙදාහැරීම,
👉 අවම බෙදාහැරීමෙ ගාස්තු.
💥 තොග සීමිතයි 💥
31/01/2025
සිහින හා බලාපොරොත්තු ඔබව උද්‍යෝගිමත් කරයි.
ඉලක්ක හා සැලසුම් ඔබව සාර්ථක කරයි!❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
KANDY
Kandy
20300
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| 19:00 - 22:00 |