Mr.Dewe

Mr.Dewe

Share

28/01/2026

සමහර දේවල් තියෙනවා, ඒ දිහා කොච්චර බලන් හිටියත්, එපා වෙන් නැති 🌿🌞⛰️

Photos from Mr.Dewe's post 11/01/2026

ගැටඹේ බෝ සමිඳුන්ගේ ආශිර්වාදයෙන්, උදා වූ සතිය ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන, සතුටු පිරුණ සුභ සතියක් වේවා! 🤍🙏



Mr.Dewe

11/01/2026

ඉහළට පහළට දෙකටම අවසර නැති නගරාන්තරේ..🥺❤️

දිට්වා කරපු හරියක්..😒😒

මේ තියෙන්නේ මාසෙකටත් වැඩි කාලයක් පිළිමතලාවෙ ගිමන් හරින කොළඹ කොටුව - නුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය.

දිට්වා සුළි කුණාටුවත් එක්ක ඇතිවුණ අධික වර්ෂාව නිසා උඩරට දුම්රිය මාර්ගයට සිදු වුණේ සුළුපටු හානියක් නම් නෙවෙයි. ඉතින් පසුගිය නොවැම්බර් මාසේ 27 සවස් කාලේ කොළඹ කොටුවෙන් හවස ගමන් පටන් ගත්ත දුම්රිය කීපයකටම නුවර එන්න බැරිවුණේ දුම්රිය මාර්ගයට සිදුවුණ පස්කඳු කඩා වැටීම් හා ගිලා බැසීම් හේතුවෙන්.

ඒ අතරින් පිළිමතලාව හා පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට සිදු වූ පස් කඳු කඩා වැටීම් හා පේරාදෙණිය කළු පාලම ජලයෙන් යටවීම හේතුවෙන් පහුගිය නොවැම්බර් 27 කොළඹකොටුව සිට මහනුවර බලා ධාවනය වුණ අංක 1029 නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පිළිමතලාව දුම්රිය ස්ථානයේත්, අංක 1037 කාර්යාල සීඝ්‍රගාමී දුම්රිය කඩුගන්නාව දුම්රිය ස්ථානයේත් හදිසියේ නතර කරන්න සිද්ධ වුණා..

කණගාටුවට කරුණ නම් නොවැම්බර් 28 උදෑසන වන විට තව දුරටත් දුම්රිය මාර්ගයේ රඹුක්කනින් ඉහළට ස්ථාන කිහිපයකින්ම දැඩි ලෙස මාර්ගය ගිලා බැසීම් හා පස් කඳු කඩා වැටීමෙන් මෙන්ම පේරාදෙණිය කළු පාලමට ගංවතුරත් සමග සිදු වූ විනාශයෙන් සම්පූර්ණයෙන්ම මාර්ගය අවහිර වී දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් පාහේ අඩාල වී පැවතීමයි.

ඒ හේතුවෙන් තවමත් ඉහළට හෝ පහළට ගමන් කිරීමට නොහැකිව මේ දුම්රියන් මාස එක හමාරකට ආසන්න කාලයක් මේ විදිහට රඹුක්කන හා පේරාදෙණිය අතර විවේක ගනිමින් සිටිනවා. ඒ අතරම අදාළ කාර්යාංශ පැමිණෙමින් දුම්රිය එංජින් පණ ගැන්වීමේ කටයුතු හා අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

ඉතින් මේ සිදුවුණ විනාශයත් එක්ක ආපහු අපිට නුවර ඉඳන් කොළඹට කෝච්චියෙන් යන්න තව මාස ගාණකටවත් බැරිවෙයි. ඒ වුණත් ඒ දවස හැකිතාක් ඉක්මනින් අපහට ළඟා වේවායි අපි සියලු දෙනා එක සිතින් ප්‍රාර්ථනා කරමු!❤️

අදාළ ඉදිකිරීම් කටයුතු සැලසුම් කිරීමේ හා නඩත්තු කටයුතු වල නියැලෙන සියලු නිලධාරීන් හට ඒ සඳහා සියලු ශක්තිය ධෛර්යය ලැබේවා!🙏

Photos from Mr.Dewe's post 08/01/2026

පුංචිම පුංචි ගෙවත්තේ මේ දවස් වල හැදෙන දේවල්.
මේ හැම දෙයක්ම අප්පච්චිගෙ මහන්සියෙන් හදාගත්තු ඒවා. ❤️🌿

Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Address


Kandy