Mandy Silva

Mandy Silva

Share

Photos from Mandy & Minds's post 11/05/2026

ඔයා දැනගන්නම ඕනි දේවල් 👇🧐

28/04/2026

ආටිකල් : 154
මොකක් ගැනද අද ලියන්නේ කල්පනා කර කර ඉන්නකොට මෙන්න බොලේ දාර්ශනික ටෝක් එකක් එනවා..👉🏻👈🏻🥹

මායි හිරුයි අපි දෙන්නට අදාළම නැති ඒත් කතා කරන්න වුනු කන්වසේශන් එකක් ඇතුලෙදි මෙන්න මේක එයා මට කියනවා.

"ඕනේ නැති මිනිස්සු අමාරුවෙන් තියාගන්න ඕනේ නෑ. මම නම් දැන් ඉක්මනට අයින් වෙනවා. ඒක ගොඩක් ලේසි."🫨🧐

අපි දෙන්නගේ කන්වසේශන්ස් ඇතුළේ අපි දෙන්නා සීරීයස් ඉන්නේ නැති තරම්..😂😂❤️මම සීරීයස් වුනාම එයා ජෝක් එකකින් ඉවරකරනවා..එයා සීරියස් වුනාම මම ජෝක් එකකින් ඉවරකරනවා..හරියට මම දැන් මේ කන්වසේශන් එක ඇතුළේ පූසෙක් දාලා අර සීරියස් මූඩ් එක එහෙම් පිටින්ම නැති කරනවා වගේ..😂❤️

කෝම වුනත් ඔය කතාව සෑහෙන ඇත්ත. මම ගොඩක් වෙලාවට දැකලා තියන දෙයක් තමයි මිනිස්සු හරි අමාරුවෙන් මිනිස්සුන්ව අල්ලගෙන ඉන්නවා අතරින්නේ නැතුව.

ඇයි ඒ?

සමහර වෙලාවට ආදරේ නිසා, සමහර වෙලාවට මුදල් නිසා, සමහර වෙලාවට බලය නිසා, ඔය ඔකී මෙකී නොකී හේතු ගණනාවක් තියෙන්න පුලුවන්.

හැබැයි දවස අවසානෙදි සෙල්ෆ් රිෆ්ලෙක්ශන් එකකට ගියොත් එහෙම ඔයා ඇත්තටම සතුටෙන් , නිදහසෙන් නෙවෙයි නම් ඉන්නේ ඒ අදාළ කෙනා එක්ක, එයා නිසා ඔයාගේ ඔළුව සැහැල්ලු නැත්තන්, බොන්ඩ් එකක් කන්ටිනියු කරගෙන යන්න තරම් වටිනාකමක් ඒ කෙනා ඔයාගේ ජිවීතේට ගෙන්නේ නැත්තන්, ඒ බොන්ඩ් එක ඇතුළේ ඔයා ඔප්ශන් එකක් නම්, ඒ ඔන්ඩ් එක ඇතුළේ ඔයාට ගෞරවය ලැබෙන්නේ නැත්තන්, ඒ බොන්ඩ් එක ඇතුලේ ලොයල්ටි නැත්තන් ඇත්තටම ඔයාට කරන්න පුලුවන් හොඳම දේ තමයි එතනින් අයින් වෙන එක. ඔව් පුලුවන් තරම් ඉක්මනට ඒක කරන්න ඕනි.

නැත්තන් වේස්ට් වෙන්නේ ඔයාගේ ටයිම් එක..ඔයාගේ එනර්ජි එක. ඔයාගේ කැපෑසිටි එක. ඒක මිල කරන්න බැරි පාඩුවක්. මම මේ ලෝකේ වටිනම දෙයකට දකින්නේ ටයිම් එක. ඉතින් ඒ වගේ කෙනෙක් වෙනුවෙන්, ඒ වගේ අය වෙනුවෙන් ඔයා ඉන්වෙස්ට් කරන ටයිම් එක ඔයාට ආය කොහෙන්වත් ගන්න වෙන්නේ නෑ..

මම මේ කියන්නේ ලව් රිලේශන්ශිප්ස් ගැන විතරක්ම නෙවෙයි, මේක ඔයාගේ ජිවිතේ තියන ඕනිම් සම්බන්ධයකට ඇප්ලයි කරන්න පුලුවන්.

ඉතින් අවසානෙට කියන්න තියෙන්නේ මෙච්චරයි දවස අවසානේ ඔයාට සතුටක් නිදහසක් ලැබෙන්නේ ඔයාගේ ඉනර් සර්කල් එකේ ඉන්න පිරිසගෙන්...අන්න ඒ සර්කල් එකේ ඉන්න පිරිස ඒ නිදහස ගේන්නේ නැත්තන් ඔයාගේ සර්කල් එක පුලුවන් තරම් ඉක්මනට අප්ග්‍රේඩ් කරගන්න. මොකද ටිකක් වයසට යනකොට තේරෙනවා ඔළුවේ නිදහස තමයි ඔය මොන දේටත් වැඩිය වටින්නේ කියලා..❤️🌟 මේවා තේරුම්ගන්න ඉතින් වයසට යනකම්ම ඉන්නත් එපා..දැන්ම තේරුම්ගන්න පුලුවන් නම් ඔයාට ඉස්සරහට රිග්‍රෙට් වෙන්න තියන තැන් අඩු කරගන්න පුලුවන්.

ගුඩ් ලක්.❤️🐞

-මැන්ඩි සිල්වා

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kandy
20000