Tec-Talk
08/05/2020
♟♟ළඟටම වී මැජික් පෙන්වන NFC
තාක්ෂණය♟♟
★NFC හෙවත් Near Field Communication යනු කෙටි සංඛ්‍යාත රේඩියෝ තරංග සඳහා සම්මතයකි. ඇතැම් NFC චිප්වලට තවත් NFC උපාංගයක් වෙත තොරතුරු යැවීම හා ලබාගැනීම කළ හැකි අතර, මුදල් ගනුදෙනු කිරීම් දක්වාම එහි හැකියාවන් ප්‍රමාණය දිවෙයි. මෙම රැහැන් රහිත තාක්ෂණය ක්‍රමයෙන් දැන් දෛනික ජීවිතයට ළඟා වෙමින් පවතී.
★NFCවල පදනම්ව ඇත්තේ එයට පෙර තිබුණු RFID තාක්ෂණය මත යි. 1983 මැයි 17 වනදා චාර්ල්ස් වෝල්ටන් විසින් RFID සඳහා පේටන්ට් බලපත හිමිකර ගනු ලැබීය. ISO/IEC සම්මතයක් ලෙස NFC පිළිගැනුණේ 2003 දී යි. 2004 දී නොකියා, ෆිලිප්ස්, සහ සෝනි සමාගම් එක්ව NFC සංසදයක් පිහිටුවා ගත් අතර, දැන් ඊට ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන සමාගම්, සහ බැංකු ඇතුළු ආයතන රැසක් එක්ව තිබේ.
☝☝ භාවිත අවස්ථා☝☝☝
✸NFC පහසුකම සහිත ස්මාර්ට් දුරකතන විශාල ප්‍රමාණයක් දැනටමත් වෙළඳපොළ තිබේ. සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ මිල දී ගත්පසු මෙරට තවමත් නොහැකි වුවත්, වෙනත් රටවල තමන්ගේ දුරකතනය ගෙවුම් යන්ත්‍රය වෙත ළං කළ විට (ඇතැම්විට PIN අංකයක් ද ඇතුළත් කරන්නට සිදුවේ) බැංකු ගිණුමෙන් ගෙවීම සිදුවෙයි. මේ නිසා ක්‍රෙඩිට්/ඩෙබිට්/ලෝයල්ටි කාඩ්පත් අමතක වීම ඔවුන්ට ගැටළුවක් නොවේ.
✸මෙරට ඇති ඇතැම් බැංකු කාඩ්පත්වල ද “)))” ආකාරයේ ලකුණකින් ස්පර්ශ කිරීමකින් තොරව ගෙවිය හැකි බව දක්වා තිබේ. කාඩ්පතේ නිෂ්පාදන ස්වභාවය අනුව ඇතැම් විට ඔබ සතු එවන් කාඩ්පත් සතුව ද NFC හෝ RFID තාක්ෂණය තිබෙනවා විය හැකිය.
✸රකතනයට බැංකු කාඩ්පත් ඇතුළත් කර ගෙවීමට නම් ඊට සහාය දක්වන App එකක් තිබිය යුතු වේ. Google Wallet, Samsung Pay වැනි සේවාවන් මෙම ලිපිය ලියන අවස්ථාව වන විටත් නොමැති හෙයින් ඔබේ දුරකථනය සතුව කෙතරම් විශේෂාංග තිබුණ ද ඉන් වැඩක් ගත නොහැකි වෙයි. උදාහරණයක් ලෙස, Note 10 දුරකථනයට NFC නොමැති ගෙවුම් යන්ත්‍ර වෙත ද ගෙවීම් කළ හැකි පරිදි සකසා තිබුණ ද Samsung Pay නැති නිසා එය නිශ්ඵල වී තිබේ.
✸NFC මඟින් හැරිය හැකි ස්මාර්ට් දොරගුළු නිෂ්පාදන තිබේ. එවිට යතුරු සොයමින් කල් ගත නොකොට දුරකතනය අගුළ වෙත ළං කර විවෘත කරගත හැක. එසේම, වෙනත් රටවල වෙළඳ ප්‍රචාරණ සඳහා ද NFC තාක්ෂණය යොදාගන්නා අතර, අලවා ඇති දැන්වීමක් වෙත දුරකතනය ළං කළ විට ඒ ගැන වැඩි විස්තර ලබාගත හැකි වේ.
✸ඔබට ද ඉතා අඩු මිලකට ගත හැකි Program කළ හැකි NFC ටැග්වලින් කළ හැකි දෑ බොහොම යි. උදාහරණයක් ලෙස ඇඳ සමීපයේ තබන ලද එවන් ටැග් එකකට රාත්‍රියේ දී දුරකතනය ළං කළ විට ස්වයංක්‍රීයව Ringtone ඉවත්ව Mute වීම, ස්මාර්ට් විදුලි බුබුළු තිබේ නම් ඒවා අක්‍රීය වීම ආදි වැඩ කටයුතු රාශියක් ක්ෂණයකින් කළ හැකියි. නැතහොත්, ක්ෂණිකව දුරකතන අංකයක් වෙත ඇමතුමක් ගැනීම, හදිසි පණිවිඩයක් යැවීම වැනි දෑ කළ හැකිය.
(ස්තුති රෝරර් මීඩියා)
සුභ දවසක්!
Copyright ©TEC-Talk 2020
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Hatharaliyadda
Kandy
20060