TAVTC
12/03/2025
09/03/2025
Steve Jobs කිව්වම මුළු ලෝකෙම මිනිස්සුන්ට මතක් වෙන පලවෙනි දේ ඇපල්. ඇපල් සමාගමේ සම නිර්මාතෘවරයෙකු වන Jobs මුළු ලොවක් තමන් දුටු සිහිනය වෙත දහසකුත් බාධා මැදින් රැගෙන ගියේය… 1955 පෙබරාවාරි මස 24වන උපත ලැබූ Jobs, උපත ලැබූ විගසම Jobsව තමන්ගේ ජෛවවිද්‍යාත්මක දෙමව්පියන් විසින් වෙන කෙනකු වෙත හදා ගැනීමට දීමට තීරණය කළේය. ඒ සමඟින් Jobsව Clara සහ Paul Jobs විසින් හදා ගැනීමට අරගත් අතර ඔවුන් Steven Paul Jobs ලෙස නම් කළේය.
Jobs කුඩා කල සිටම ඉතාමත් කුතුහලයෙන් පෙළුණු දරුවෙක් විය. වරක් ඔහු විදුලි පෙනුව වෙත කුරක් ගසන්න ගොස් විදුලි සැර වැදී රෝහල් ගත කිරීමට සිදු විය. සිය මවගේ උනන්දුව නිසා Jobs ඉතාමත් ඉක්මනින් කියවීමට පටන් ගත්තේය. පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් කළකිරීමක සිටි Jobs කම්මැලි වී සිටියේය. ඔහුගේ 4 වසරේ ගුරුවරයා ඉගැනුම් සඳහා Jobsහට අල්ලස් දුන්නේය. උසස් අධ්‍යාපනය සඳහා Jobs ගිය පසු ඔහුට එහි තිබු Hewlett-Packardහි ගවේෂකයින්ගේ සමාජයට බැදුණු අතර එහිදී ඔහුට පළමු වරට පරිගණකයක් දැකීමට ලැබුණි එමෙන්ම ඔහුගේ ජීවිතය වෙනස් කල මිතුරා වන Steve Wozniakද එහිදී මුණ ගැසුනේය. Jobs විශ්ව විද්‍යාල අධ්‍යාපනයට මාස 6ක් යන විට සමුදුන් අතර 1974දී Jobs වීඩියෝ ගේම් නිර්මාපකයෙකු ලෙස Atariහි සමඟ සම්බන්ධ විය. 1976දී Jobs අවුරුදු 21දී Wozniak සමඟ එක්වී Apple Computer Inc. Jobsගේ ගෙදර ගරාජයේ සිට පටන් ගත්තේය. Jobs ඔහුගේ වොල්ක්ස්වැගන් බසය සහ Wozniak ඔහුගේ වටිනා ගණකය විකුණා දමා මේ සඳහා අවශ්‍ය මුල්‍ය පදනම සකසා ගත්තේය. Jobs හා Wozniak පරිගණක ක්ෂේත්‍රය වෙනස් කල අතර ඒ සමඟින් පරිගණක තවත් කුඩා එමෙන්ම තාක්ෂණිකව උසස් මෙන්ම සැම දිනකම භාවිතා කල හැකි භාණ්ඩයක් බවට පත් විය.
Apple I සහ Apple II පරිගණක ඉතා ඉක්මනින් ප්‍රචලිත වු අතර ඩොලර් මිලියන 140කට සමාගම වර්ධනය විය. 1980 පසු Apple හට IBMගේ තරඟයට මුහුණ දිය නොහැකි විය 1983දී Macintosh පරිගණකය අසාර්ථක වීමෙන් පසු Jobsව තමන්ගේම සමාගමෙන් කුඩආම්මගේ සැලකිලි ලැබුණු අතර Jobs 1985දී ඇපල් සමාගමෙන් ඉවත් විය. ඇපල් සමාගමෙන් ඉවත් වූ Jobs ඉන්පසු NeXT නමින් සමාගමක් නිර්මාණය කල අතර එය එතරම් සාර්ථක නොවිය එමෙන්ම 1986 Pixar නම් සජීවිකරණ සමාගම මිලදී ගත් Jobs ඒ හරහා ලොවක් ආදරයෙන් වැලදගත් නිර්මාණ රාශියක් නිර්මාණය කළේය.
1997දී Jobs නැවත ඇපල් වෙත පැමිණි අතර ඔහු නැවත ඇපල් ඉතාමත් ඉක්මනින් නැවත හරි මාර්ගයට ගත් අතර කෙමෙන් කෙමෙන් නවීන එමෙන්ම වඩාත් විචක්ෂණශීලි නිපැයුම් මඟින් පාරිභෝගිකයා අල්ලාගැනීමට සමත් විය. Macbook Air, iPod, සහ iPhone වැනි නිපැයුම් මඟින් මුළු ලෝකයම අල්ල ගැනීමට Jobs සමත් විය. කෙමෙන් කෙමෙන් Jobs තාක්ෂණික ලොව පතාක යෝධයෙක් බවට පත් විය. 2003 සිට දීර්ඝ කාලීනව අග්නාශ පිළිකාවකින් දුක් විඳි Jobs 2011දී මිය ගියේය. නමුත් අදටත් Jobs සියලු ප්‍රශ්න හමුවේ සිය දීර්ඝ කාලින ඉලක්ක වෙත ගිය ආකාරය මෙන්ම ඔහුගේ නොසැලෙන අධිෂ්ඨානය ඕනෑම අයෙකුට හොද ආදර්ශයෙකි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
DS Senanayake Street
Kandy
2000