Goodwill Tours
We always ready to give our best services to our customers.
10/05/2026
ඔයාලා ආසකරන විදියට එකම සංචාරයකින් රටවල් දෙකක්..... සිංගප්පුුරුව සහ මැලේසියාවට එකම සංචාරයකින් යන්න කැමති නම් අදම අපට කථාකරන්න... 📞 Call / WhatsApp: 0773921169
*******************************
ඔයාගේ dream vacation එක දැන් affordable price එකකට! 😍
--------------------------------
රාත්‍රි 6/දින 7 ක සංචාරය සදහා එක්වන ඔබට,
- යාමට ඒමට ගුවන් ටිකට්පත්
- වීසා
- නවාතැන් පහසුකම්
- උදේ/දිවා/රාත්‍රි ආහාර
- නරඹන ස්ථාන වලට ටිකට්පත්
- ප්‍රවාහන පහසුකම්
යන සියලුම පහසුකම් ලබාදේ......
සංචාරය ගැන පොඩ්ඩක් කියන්නම් ඔයාලට
==================
පළමු දිනය
==================
පලමු දිනයේ අපි සිංගප්පුරුවට ඇවිල්ලා Changi Airport එකෙන් බහිනවා. ඊට පස්සේ Changi Airport එකේ Jewel houses කියලා තැනක් තියනවා අපි එතෙන්ට තමයි යන්නේ. එතන හරිම ලස්නට හදපු කැලයක් වගේ තැනක් තියෙන්නේ. ගමන් මහන්සිය නැතිකරගන්න කියාපු තැන. ඊගාවට අපේ නවාතැනට යනවා. හවස්වෙලා Merlion Park එකයි Gardens by the Bay එකයි බලන්න යනවා.
==================
දෙවැනි දවස
==================
දෙවැනි දවසේ අපි Sentosa යනවා. මෙතනදි අපි Sentosa වලට යන්නේ කේබල් කාර් එකේ. මෙතනදි අපි ඔයාලට Singapore Oceanarium එක පෙන්නනවා. ඔයාලට මුහුද යට ඉන්නවා වගේ අද්දැකිමක් ගන්න පුලුවන්. තව ගොඩක් තැන් මෙතන තියනවා ඒ තැන් බලන්න කැමතිනම් ඔයාලට ටිකට් අරන් බලන්න පුලුවන්.
==================
තුන්වැනි දවස
==================
තුන්වැනි දවසේ අපි මැලේසියාවට යන්න පිටත් වෙනවා. අපි යන්නේ බස් එකේ. පැය 6 ක් විතර යනවා ගමනට. සුවපහසු බස් නිසා වැඩිය මහන්සියක් දැනේන්නේ නැ.
==================
හතරවැනි දවස
==================
හතර වැනි දවසේ අපි යනවා Batu Caves. මෙතැන ජුජනිය ස්ථානයක්. මෙතැන විශාල මුරුගන් ප්‍රතිමාවක් වගේම දේවාල කිහිපයක් තියනවා එම ස්ථාන වන්දනාමාන කරගන්න පුලුවන්. ඊටපස්සේ අපි එනවා KL City එක බලන්න. අපි King's Place, KL Tower, KL Old City, Petronas Twin Tower, Water Show එක බලලා නවාතැනට එනවා.
==================
පස්වැනි දවස
==================
පස් වැනි දවසේ අප අපි යන්නේ Genting Highlands බලන්න. එතැන තියෙන් ලංකාවේ නුවරඑළියේ වගේ දේශගුණයක්. මුලින්ම අපි Chin Swee Caves Temple බලන්න යනවා. ඊටපස්සේ තමයි අපි එතැනින් උඩට යන්නේ. උඩට ගිහාම අපිට විනෝද වෙන්න ගොඩාක් දේවල් තියනවා. මෙතන හරියටම Carnival එකක් වගේ ලස්සන තැනක්. මෙතැන තියන විනෝද ක්‍රීඩා වලට යනවානම් ඔයාලා ටිකට් එකක් ගන්න ඕන.
==================
හයවැනි දවස
==================
හයවැනි දවසේ ඉතින් ඔයාලා ආසම දෙයක් තමයි කරන්න තියෙන්නේ. සාප්පු සවාරිය. අපි සිංගප්පුරුවේදි සාප්පුසවාරි ගියේ නැත්තේ මිල ටිකක් වැඩි නිසා. හැබයි මැලේසියාවේ ගාන අඩු නිසා ඔයාලට හිතේ හැටියට සොපින් කරන්න පුලුවන්.
==================
හත්වැනි දවස
==================
හත්වැනි දවසේ අපි ලංකාවට එන්න පිටත් වෙනවා.
****************
ඔය විදියට තමයි අපේ සිංගප්පුරු මැලේසියා දින 07 ක සංචාරය ගෙවෙන්නේ. මේක ඉතින් කණ්ඩායමක් විදියට යන Tour Plan එක. ඔයලා තනියෙන් හරි පවුලේ අයත් එකක් යන්න ඕනනම් අපිට කියන්න. අපි ඔයාලට අවශ්‍ය විදියට Tour එක Plan කරලා දෙනවා.
ඉතින් ඔයාලා කැමතිනම් මේ සංචාරය සමග එක්වෙන්න අපිට කෝල් එකක් දෙන්න.
මීළඟ දඹදිව සංචාරය පිටත්වීම අගෝස්තු සැප්තැම්බර් සහ නොවැම්බර් යන මාසවලදී බැති සිතින් ඔබට කෙරෙන ආරාධනාවයි
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 78/A/1/2, Colombo Road, Peradeniya
Kandy
20000
Opening Hours
| Monday | 08:30 - 19:00 |
| Tuesday | 08:30 - 19:00 |
| Wednesday | 08:30 - 19:00 |
| Thursday | 08:30 - 19:00 |
| Friday | 08:30 - 19:00 |
| Saturday | 08:30 - 17:00 |
| Sunday | 08:30 - 13:00 |