Life Beautiful

Life Beautiful

Share

11/01/2026

❤️සැලසුම්වලින් වෙහෙසට පත් නොවෙමු❤️

අලුත් වසරක් ආරම්භයේ දී අප අලුතින් දකින සිහින, අපේක්ෂාවන්, අරමුණු වෙත සැබැවින්ම ළඟා වෙන්න පුළුවන් වන විදියට සැලසුම් සකස් කර ගන්නේ කොහොමද?

අපේ සැලසුම්වලින් ම අප වෙහෙසට පත් නොවී, අනපේක්ෂිත කරදර බාධාවලින් වේදනාවට පත් නොවී, වසර පුරාම සෙමින් නමුත් ස්ථාවරව පියවරින් පියවර ඉදිරියට යෑමට පහත කරුණු ඔබට උපකාරී වේවි. 💛

1. එකවර සියල්ල නොව, එක පැහැදිලි දිශාවක් තෝරන්න

වසරේ මුල සිට අවසානය දක්වාම ඉලක්ක ගොන්නක් ඉටු කරගැනීමට උත්සාහ කිරීම අසීරු කාර්යයක්. ඒ වෙනුවට, මේ වසරේ ඔබට වැදගත්ම වෙනස්කම කුමක්ද කියලා හඳුනාගෙන, එම දිශාව ඔස්සේ පියවරින් පියවර ළඟා වීමට උත්සහ කරන්න.

2. විවේකයත් සැලසුමේ කොටසක් කරගන්න

අපි බොහෝවිට විවේකය කියන දේ අපේ සැලසුම්, කාල සටහන් තුළට ඇතුළු කර ගන්නේ නැහැ. නමුත් දිගු කාලීනව, ස්ථාවරව ඉදිරියට යන්න නම්, ජීවිතයට විවේකය අත්‍යවශ්‍යයි. විවේකය කියන්නේ අපේ දියුණුවට බාධාවක් ලෙස නොව, හති වැටෙන්නේ නැතිව දිගු ගමනක් යෑමට අත්‍යවශ්‍ය දෙයක් ලෙස දකින්න.

3. වේගවත් බව වෙනුවට අඛණ්ඩතාවය පවත්වා ගන්න

ඉක්මනින් ඉදිරියට යාමට උත්සාහ කිරීමෙන්, බොහෝ දෙනා වසරෙන් අඩක් ගෙවී යාමටත් පෙර වෙහෙසට පත්ව නවතිනවා. මන්දගාමීව වුවත්, අඛණ්ඩව හා නිරන්තරයෙන් තබන කෙටි පියවරවලිනුත්, ඔබට වසර අවසානය වන විට බොහෝ දුර යන්නට පුළුවන්.

4. ජීවිතයේ වෙනස් වීම් ගැන සිහි තබාගන්න

සැලසුම් කළ සියල්ලම ඒ විදිහටම සිදු නොවීම සාමාන්‍යයි.
අනපේක්ෂිත සිදුවීම්, කාලය, ශක්තිය, වගකීම් — මේ සියල්ල වෙනස් වෙන්න පුළුවන්.
එවැනි වෙනස්කම් අසාර්ථකත්වයක් ලෙස නොව, ජීවිතයේ ස්වභාවයක් ලෙස පිළිගන්නා විට, ඔබට නැවත සකස් වීමට පහසු වේ.

5. අත්හැර දමනවා වෙනුවට නැවතුණු තැනින් නැවත පටන් ගන්න

කොයි වෙලාවක හරි ඔබේ සැලසුම් වලින් ටිකක් ඈත් වුණා නම්, එයින් අධෛර්යයට පත් වීමට අවශ්‍ය නැහැ. නව ආරම්භයක් හැමවිටම ජනවාරි 1ට විතරක් සීමා විය යුතු නැහැ.
ඕනෑම මාසයක, සතියක, දිනයක සිට නැවත ඔබේ ගමන ආරම්භ කරන්න.

ජීවිතය අලුත් කර ගැනීම සහ සිහින සැබෑ කර ගැනීම, වෙහෙසකාරී විය යුතු නැහැ. එය සෑම කෙනෙක්ම එකම ආකාරයකින් කළ යුතුත් නැහැ. ඔබේම වේගයෙන්, ඔබේ අරමුණුවලට ඉඩ දෙමින්, ඔබට ගැලපෙන ආකාරයෙන් එය ඉටු කර ගන්න ඔබට පුළුවන්. 🌱

-Life Beautiful- 11.01.2026

Want your public figure to be the top-listed Public Figure in Hatton?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Argyle Road,
Hatton
22000