Blogspot

Blogspot

Share

09/09/2025

මගේ ජීවිතේ දැකපු ලස්සනම News එක රුසියාවේ පිළිකා එන්නත සාර්ථකයි
❤️🙏✨️🌻

09/09/2025

නුවරට අළුතෙන් ආව තායි ස්පා එක ...🥹




Credits goes to original owner.🩵

06/09/2025

වාහනේක හදිසියේ බ්‍රේක් නැති වෙන්නෙ ඇයි ?? (අලුත් පරණ ඕනම එකක මේක වෙන්න පුළුවන් වගේම වෙනවා)

මේ ලිපිය වාහනයක් පදින ඔයාට හරි අනිත් පැත්තෙ වාඩිවෙලා ඔයාට උපදෙස් දෙන ඔයාහෙ බිරිඳට | සැමියාට හරි අනිවාර්යයෙන් වැදගත් වෙනවා. ..............
පහුගිය කාලෙ වගේම ඊයෙත් කඳුකර ප්‍රදේශ‍යයක් වෙච්ච ඇල්ල වැල්ලවාය පාරෙ අනතුරක් සිද්ද වුනා. ඇල්ලෙ ඉඳලා වැල්ලවාය නගරය පේන දුරක් දක්වා එකදිගටම තද බෑවුම. ඉතිං එහෙම පාරක බොහොමයක් අනතුරු වලට බලපාන්නෙ බ්‍රේක් හෙවත් තිරිංග හදිසියේ ක්‍රියා විරහිත වීම. ඒ වගේම මේ වගේ තිරිංග ක්‍රියා විරහිත වීම බොහොමයක් වෙලාවට වෙන්නෙ කඳුකර මාර්ග නුපුරුදු තරුණ රියදුරන් අතින්. මොකද එයාලා වාහනේ තිරිංග හෙවත් බ්‍රේක් පද්ධතිය ගැන අධික විදියට විශ්වාසය තියනවා. ඒත් මේ පහල තියෙන හේතු වලින් එකක් නිසා හදිසියේ සම්පූර්ණයෙන්ම බ්‍රේක් නැතිවෙලා යන්න පුලුවන්.

මේ කියන්නෙ එහෙම වෙලාවක වාහනේ නතර කරගන්න විදිය නෙමේ. එහෙම නොවෙන්න වාහනය පදින විදිය ගැන.

ඔව්, වාහනයක් එකදිගට නුසුදුසු (අධික) ගියරයක කඳු පල්ලමකින් ධාවනය කරද්දි බ්‍රේක් නැතිවීම (brake fade) වෙන්න පුළුවන්. ඔයාගෙ වාහනේ කෝටි කීයද, නිශ්පාදනය කල රට මොකක්ද කියන එක මෙතනදි වැඩක් වෙන්නෙ නෑ. මේක ව්‍යාකූල, තර්කසහගත තත්වයක්, එහෙම වෙන්න හේතු තමා මේ..

1. බ්‍රේක් පද්ධතියට එන අධික උෂ්ණත්වය

කඳු පල්ලමකින් බර වැඩි වාහනයක් low gear එකකට නොදා, ඉහළ gear එකකින් යනවා නම් engine braking (එන්ජින් එකෙන්ම වේගය පාලනය කිරීම) වෙනස් වෙලා බ්‍රේක් පද්ධතියට වැඩි බරක් යෙදෙන්න පටන් ගන්නවා. එතකොට brake pads & discs තදින් උණු වෙනවා

ඒ යෙදෙන අධික තාපය නිසා බ්‍රේක් ඔයිල් (brake fluid vaporize) බුබුළු වෙලා brake pressure එක අඩුවෙනවා. සමහර වෙලාවට මේක අපිට දැනෙද්දි පරක්කු වැඩියි.

ඒ වගේම මේ රස්නය නිසා brake pedal එක soft වෙනවා, braking effect එක අඩු වෙන්න පටන් ගන්නවා. මේ දෙක තුනම එකට උනාම ඉතිං සොරිම තමා.

2. Engine braking භාවිත නොකිරීම

Engine braking කියන්නෙ අඩු ගියරයක (low gear) එකකින් යනකොට engine එකෙන්ම වේගය පාලනය කරන ක්‍රමය.
මේ විදියට එන්ජිම බර ගියර් වල පල්ලම් බහිද්දි brakes වලට ඒක සහනයක් වෙන නිසා උඩින් කියපු කාරණාව සිද්ද වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

3. Continuous braking

Brakes එක දිගට භාවිතා කිරීමත් brake fade එකට හේතු වෙනවා. ඒ වගේ වෙලාවට
"pumping" or "intermittent braking" හෙවත් බ්‍රේක් වරින් වර භාවිතා කිරීම (brake, release, brake) කරන්න.

ඔයාගෙ වාහනේ Manual Gear එකක් නම් බෑවුමේ ප්‍රමාණය වගේම වේගය අනුව අඩු ගියර භාවිතා කරන්න. ඒ වෙලාවට එන්ජිමෙන් දැනෙන බර සද්දය ගැටලුවක් නෙමේ.

ඔයාගෙ වාහනය Auto නම් ගියර් ලිවර් එකේ
2nd, 1st හෝ L යොදාගන්න. Auto වාහන වල ඒ වගේ ඒවා දීලා තියෙන්නෙ බල බල ඉන්න නෙමේ පාවිච්චි කරන්න.

සරලවම කිව්වොත් ඔයා ඔටෝ පැද්දත් මැනුවල් පැද්දත් "එක දිගට පල්ලමක එනවනම්" එන්ජින් වේට් එක පාවිච්චි කරලා බ්‍රේක් වලට යෙදෙන බර, පීඩනය අඩුකරගන්න.

නැතිනම් ඔයාගෙ වාහනේ බ්‍රේක් එක පාරට නැතිවෙන්න ලොකු ඉඩක් තියෙනවා. පල්ලමකදි එහෙම උනොත් අපිට ඔයාව බලන්න වෙන්නෙ TV නිවුස් වලින් තමා.

මට මතකයි ගිය වතාවෙ මේ පෝස්ට් එක share වෙද්දි ලේලන්ඩ් වල මෙහෙම වෙන්නෙ නෑ කියල එක පණ්ඩිතයෙක් දාලා තිබ්බා. ලේලන්ඩ් නෙමේ මොකේ උනත් මේක වෙනවා. වෙලාත් තියෙනවා. අත්දැකීම් නුත් තියෙනවා.

වැදගත් කියල දැනෙනවා නම් Share කරගන්න. මගේ නම් ගම් අවශ්‍ය නෑ..ඔයාලගෙ නමින් කොපි කරගත්තත් මගේ ඇති අමනාපයක් නෑ.. 👍
-copied-
Sameera Tharindu Bopage

Want your business to be the top-listed Media Company in Hambantota?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Address


Hambantota
82400