KNOX

KNOX

Share

Furthermore it's a place to discuss tourism matters. Market related products and services.

Photos from KNOX's post 18/10/2021

"හේනේ.. පැලේ... වේලි වෙලි හිටිය කාලය හොඳටෝම ඇති..."
මේ වෙනසක ඇරඹුමකට පිය එසවීමට සුදුසුම අවස්ථාවයි.. ඒ ඔබගේ හේනත්, පැලත්, කොරටුවත්, ගොවිබිමත් සමග නවෝත්පාදක අවස්ථාවක් ලෙසටය.. කොටින්ම කිවහොත් කෘෂිකර්මය ආශ්‍රිත සංචාරක කර්මාන්තය සමගිනි..(Agricultural tourism)

මෙය අළුත් වැඩක්ද..? කිසිසේත්ම නැත, මෙය ලංකාවට අළුත් එකක් වුවත් ලෝකයට අළුත් දෙයක් නොවේ. වෙනසකට ඇත්තේ මේ වටිනා ප්‍රභවය සමාජයේ බිම් මට්ටම තුලින් උකහා නොගැනීමයි. සංචාරක කර්මාන්තයෙන් බොහෝ ක්ෂේත්‍ර වල අය මහඟු ඵල ප්‍රයෝජන නෙලාගනියි. එසේ වුවද කෘෂිකාර්මික සංචාරක කර්මාන්තය මේ දක්වා ඇරඹි නොමැත්තේ ඇයි..
එක් කරුණක් නම් අපගේ පරපුරේ, වෙනස් වන ලෝකයේ නොවෝත්පාදන අවස්ඨා පිළිබඳ ඇති අල්ප දැනුමයි, අනෙක් කරුණ නම් සම්ප්‍රදායිකත්වය සහ පැරණි හරපද්ධතීන් කෙරෙහි වූ වැරදි ආකල්පයි. අනෙක් බලගතු කරුණ නම් කළමනාකරණයෙහි සහ සංවිධානය වීම පිළිබඳ ප්‍රමුඛතාවයන් ගැනීමේදී පවතින අත්දැකීම් වල දුර්වලතාවයන්ය..

ඔබ දන්නවාද..? බොහෝ විදේශිකයින් එක් එක් රටවල සම්ප්‍රදායික කර්මාන්ත, ජීවනරටා, විවිධ උපසංස්කෘතින් මදකට හෝ අනුකරණය කිරීමට කැමති වග. මේ වන විටත් උඩරට නිලමේ ඇඳුමටත්, විවාහ චාරිත්‍ර වලටත් විදේශිකයන් අතර වටිනාකමක් ඇති බව. සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයටත් මෙය අදාලය. මෙහිදී ඔබගේ ගොවිබිම සංචාරක නිකේතනයක් බවට පරිවර්තනය කල හැක. සම්ප්‍රදායික ගොවිතැනට ආදරය කරන සංචාරකයින් එය රසවින්දනයට සහභාගි කරවන අතරම අමතර ආදායමක් උපයා ගත හැක.

අවශ්‍ය වන්නේ සම්පත් දායකත්වය ගැන එකඟතාවයක් ඇති කරගැනීම පමණි. සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් පොදු එකඟතාවයන් මත සිදුකෙරෙනු ඇත. ඒ පිළිබඳ වැඩි විස්තරසඳහා www.knox.lkවෙබ් අඩවිය, ෆේස්බුක්‌ පිටුව(https://www.facebook.com/knox.sri.lanka/ , https://www.facebook.com/100046448544164/ (TinyHomes Sri Lanka) හෝ අපගේ දුරකතන ඔස්සේ ලබා ගත හැක. (සහන් 0777332146, සුරංග 0777333033)

පසුබට නොවන්න, එක්වන්න අප සමග.. ඔබ සතු ප්‍රභවයන් සහ සම්පත් දායකත්වයෙන් සහ නවෝත්පාදන සංවිධානය කිරීම් කෙරෙහි වූ අප සතු දැනුමත් එක්ව බෙදාගනිමු.. ඔබ සතු සම්ප්‍රදායික පරිසරය ඔබටත්, රටටත් වැඩදායි වන පරිදි පරිවර්තනයකට ලක් කරමු...සරුසාර හෙටක් අස්වද්දමු.... මේ ඔබගේ සහය අවැසි මොහොතයි....

එක්වන්න අප සමග....

Want your business to be the top-listed Business in Giriulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Giriulla
Giriulla