ICT Engineering world

ICT Engineering world

Share

20/02/2026

Cyber Security ලෝකයේ “Windows Evasion Techniques” කියන්නේ attackerලා හෝ malware program එකක් තමන් detect නොවී, antivirus සහ security tools වලින් ගැලවී සිටීමට භාවිතා කරන ක්‍රමවේදයන්ට කියන නමක්. මේවාගේ අරමුණ Windows operating system එක තුළ සැගවී සිටීම, හෝ security mechanisms වලින් මඟහැරීමයි.

1. Evasion කියන දේ වැදගත් ඇයි ?

Windows OS එක අද ලෝකයේ බහුලවම භාවිතා වන operating system එකක්. ඒ නිසාම attackersලාගේ ප්‍රධාන target එකක් .

Antivirus, Windows Defender, Firewall, Endpoint Detection & Response (EDR) වැනි security systems තිබුණත්, attackersලා ඒවා මඟහැරීමට විවිධ techniques භාවිතා කරනවා.

Cyber Security learner කෙනෙකුට මේ techniques ගැන දැනුවත් වීම වැදගත් වන්නේ:

* Threats හඳුනාගැනීමට
* Secure systems design කිරීමට
* Proper monitoring implement කිරීමට

2. Windows Evasion Techniques වල සාමාන්‍ය ආකාර

2.1 Obfuscation (Code සඟවාගැනීම)

Malware code එක readable ලෙස නොතබා, encode කිරීම, encrypt කිරීම, හෝ meaningless variable names භාවිතා කිරීම වැනි ක්‍රම භාවිතා කරයි.

මෙමඟින් antivirus signature-based detection වලට මගහැරෙනවා.

2.2 Process Injection

Attackersලා legit Windows process එකක් (උදාහරණයක් ලෙස system process) තුළ malicious code inject කරනවා.

එතකොට malicious activity එක legitimate process එකක් යටතේ run වන නිසා detection එක අඩු වෙන්න පුලුවන්.

2.3 Fileless Malware Techniques

File එකක් disk එකේ save නොකර memory එකේම code execute කිරීම fileless attack ලෙස හඳුන්වයි.

මෙම ක්‍රමය traditional antivirus systems වලට detect කරන්න අමාරුයි., මොකද disk scan කරලා මේවා හොයාගන්න අමාරුයි.

2.4 Living Off The Land (LoL)

Windows තුළම ඇති built-in tools (PowerShell, WMI වැනි) භාවිතා කර malicious activities සිදු කිරීමත් evasion technique එකක්.

මෙහිදී external malware file එකක් අවශ්‍ය නොවී system tools භාවිතා කරනවා.

2.5 Disabling Security Features

Attackersලා සමහර විට:

* Antivirus services disable කිරීම
* Firewall rules වෙනස් කිරීම
* Logging disable කිරීම

වගේ දේවල් වලින් detection මගහරිනවා.

3. Windows Evasion වලට එරෙහිව ආරක්ෂාව

Evasion techniques ගැන දැනුවත් වීම ප්‍රධානම ආරක්ෂාවයි.

✔ Regular Updates

Windows OS සහ security tools update කිරීම.

✔ Endpoint Protection

Advanced EDR solutions භාවිතා කිරීම.

✔ Log Monitoring

System logs සහ unusual behavior නිරන්තරයෙන් monitor කිරීම.

✔ Least Privilege Principle

User accounts වලට අවශ්‍ය minimum permissions පමණක් ලබාදීම.

✔ Security Awareness

Developers සහ system administrators ලා secure configuration practices අනුගමනය කිරීම.

Windows Evasion Techniques යනු attackersලා විසින් detection වලින් ගැලවීමට භාවිතා කරන විවිධ ක්‍රමවේදයන්ගේ එකතුවකි. ඒවා ගැන දැනුවත් වීම cyber security professionalsලාට අත්‍යවශ්‍ය දෙයක්... ❤️

ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.

04/11/2025

✅ HDD (Hard Disk Drive) වල තියෙන පාට වෙනස්වීම කියන්නේ මොනවද කියලා ඔයාලා දන්නවද (brand) එකට අනුව, හෝ ඒ hard disk එකේ භාවිතය / ඉලක්කය අනුව වෙනස් වෙන එකක් මේක

උදාහරණ ලෙස Western Digital (WD) සහ Seagate වගේ සමාගම් HDD වලට පාටවලින් “usage purpose” එක වෙනස් කරලා දෙනවා.
ඇත්තටම මේ පාට කියන්නේ ඒ drive එක use කරන්නෙ මොන කාර්යයන් සඳහාද කියන එකයි.

👇 ප්‍රධාන පාට හා ඒ වයෙ අරුත:

🟦 WD Blue

භාවිතය: සාමාන්‍ය පරිගණක / දෛනික වැඩ සඳහා.ගුණාංග: Performance එක මධ්‍යම, මිල සාමාන්‍ය.වඩාත් සුදුසු: Home PC, office work, browsing, movies, etc.

🟩 WD Green

භාවිතය: power saving / low energy.
ගුණාංග: දුරට පාවිච්චි කරද්දි බොහොම අඩු විදුලි පරිභෝගයක්, නමුත් වේගය අඩු.
වඩාත් සුදුසු: secondary storage (backup drive).

🔴 WD Red

භාවිතය: NAS systems (Network Attached Storage).ගුණාංග: 24/7 ක්‍රියාත්මක වෙන්න නිර්මාණය කරලා තියෙන්නෙ.
වඩාත් සුදුසු: server / shared storage.

⚫ WD Black

භාවිතය: gaming සහ high performance.
ගුණාංග: වේගවත්, වැඩි cache size එකක් තියෙනවා.වඩාත් සුදුසු: gamers, content creators.

🟣 WD Purple

භාවිතය: CCTV / Surveillance systems.
ගුණාංග: දිගු කාලීන video recording සඳහා නිර්මාණය කරලා තියෙන්නෙ.වඩාත් සුදුසු: security camera DVR/NVR systems.

🟧 WD Gold

භාවිතය: Enterprise / Data Center use.
ගුණාංග: වැඩි durability, 24/7 server-grade reliability.වඩාත් සුදුසු: servers, business storage.

🧠 සාරාංශයක් විදියට ගත්තම

Blue – සාමාන්‍ය භාවිතයට

Green – power saving

Black – gaming / performance

Red – NAS / network storage

Purple – CCTV / security

Gold – servers / enterprise

( Seagate, Toshiba) වලත් මේ වගේම color code system එකක් තියෙනවා, හැබැයි එවයෙ විස්තර ටිකක් වෙනස් වෙන්න පුලුවන්.ඊලග Post එකෙන් Seagate hdd වල විස්තර ගෙන්නම්..

Follow කරලා තියාගන්න

Want your business to be the top-listed Computer & Electronics Service in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


30 Temples Lane Kaluwella
Galle
80000