BloomyBee
උබව නොබලා ගෙවෙන මොහොතක් කල්පයක් මෙන් දැනේනවා💫♥️🥺
23/10/2022
ඉන්දියාව සහ පකිස්තානය අතර ක්‍රිකට් තරගයක් කියන්නේ,
ඒක තනිකරම යුධ පිටියක් !!!
ලෝකයේ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹන තරගයක්,
තනිකරම යුද්ධයක්,
ඉතිං මේ යුද්ධයේ එක් නිමේෂයක ලකුණු 31කට කඩුලු 4ක් ගිහින් ඉන්දියාව පකිස්තානය හමුවේ ලැජ්ජාසහගත විදිහට අසරණ වෙනවා.
කොහොම හරි හර්ඩික් පාණ්ඩ්‍යා සමග එකතු වුනු ඒ වීරයා ඉන්දියාවේ නම්බුව බේරනවා. පරාජය ලියවිලා තිබුන තරගයක් කොහෙවත් නොතිබූන ජයග්‍රහණයක් කරා ගෙනියන්න ඒ වීරයාට පුළුවන් වෙනවා. ඉන්දියාව ගොඩ ගන්න හර්ඩික් ලකුණු 40ක් රැස් කරනවා.
අවසානයේ අවසන් පන්දු තුනට ජයග්‍රහණය සදහා ලකුණු 13ක් අවශ්‍ය වෙනවා. වීරයාගේ පිත්ත කතා කරමින් හයේ පහරක් රැස් කරනවා. ඒ පන්දුව නිපන්දුවක්. මීලඟ පන්දුව වයිඩ් පන්දුවක්. පීඩනය පකිස්තානයට එක හයකින් මේ වීරයා ලබා දුන්නා.මීලඟ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදුනත් ෆ්‍රී හිට් අවස්ථාව නිසා ලකුණු 3ක් ලබා ගන්නවා. ඊලග පන්දුවේදී දිනේෂ් කාර්තික් පිටියෙන් ඉවත් කරන්න රිස්වාන්ගේ සුපිරි ස්ටම්ප් කිරීම සමත් වෙනවා.දැන් ලකුණු දෙකයි එක් පන්දුවයි. අවශ්‍යම වෙලාවේ නවාස් නැවතත් වයිඩ් පන්දුවක් ලබා දීලා තරගය සම කරනවා.අවසන් පන්දුවට අශ්වින් ලකුණු හතරක් ලබා ගනිමින් පරාජය පෙනි පෙනි තිබුන තරගයකට ජයග්‍රහණය ලබා දෙනවා.
වීරයෙක් නිසා ඉන්දියාව මේ සටනින් දිනනවා.
ඒ වීරයාට ඉන්දියාවේ මිනිස්සු කියන්නේ කිං කෝලි කියලා,
ඉන්දියාවේ විතරක් නෙමෙයි ලෝකයේම අද වෙද්දි ඒ වීරයාට ආදරේ මිනිස්සු ඉන්නවා.
කෝලි අද පන්දු 53කින් ලකුණු 82ක් රැස් කරනවා. ඊට හතරේ පහරවල් 6ක් සහ හයේ පහරවල් 4ක් ඇතුලත් වෙනවා.
ඉතිං ඉන්දු පකිස්තාන ලෝක යුද්ධයක නම්බුව නැති වෙන්න ගියපු ඉන්දියාවේ නම්බුව බේරපු ඒ වීරයාව ඉන්දියාවේ මිනිස්සු අදහන්න තවත් හේතු මොකටද ???
විරාට් 'රජ' කෝලි ♥️🙏
මේ තරගය නොබැලුවා නම් කණගාටුයි. ඔබට සුපිරිම තරගයක් මග හැරිලා....
👑 🖤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Embilipitiya