PRAMU

PRAMU

Share

29/07/2025

මට සිතන්නේ මා අවාසනාවන්ත ගෑණු ළමයෙක් කියාය.
ඒ මා වටා සිටින පිරිස නිසා හෝ ඔවුන්ගෙ සිතුම් පැතුම් ක්‍රියාවන් නිසාවත් නොව
මා සතු
හැගීම් සිතුම් පැතුම් නිසාවෙනි.
නිතරම මනස තුල එකිනෙකට තෙරපෙන
ඉවරයක් නොවන සිතුවිලි ගොන්නක් හා
එකිනෙකට නොගැලපෙන මෙන්ම
කිසිදු තේරුමක් නොමැති අදහස් මතවාද ගැටීම් රැසක් සමග
මා නිතරම කල්ගත කරමි.
නොනවත්වා ක්‍රියාත්මක වන යන්ත්‍රයක් මෙන් සිතුවිලි සමුදායක් නිතර මාගේ මනස තුල එහෙ මෙහෙ ගනන් කරයි
ඉන් මදක් හෝ නිදහස් වන්නේ මා නින්දෙහි සිටින විට පමනි.
මා උවමනාවට වඩා සිතීම මා හට නතර කර ගත නොහැක
බලාගත්ත අතක් දෙස බලා දවසම හෝ මූසල හැගීම් ගොන්නක් සමග පොර බදිමින් නොකා නොබී කල් ගෙවීමට මා ඉහලින් ම සමත් ය.
ඕනවට වඩා සිතීමට කෙනෙකු ත්‍යාග ලබන්නේ නම් එහි පලමු දෙවනියන් අතරට මාද තේරී පත්වනු ඇත.
කෙසේවෙතත්
දැන් මා හට සිතීමත් මහත් විඩාවක් ගෙනදෙන්නක් වී ඇත
මා හට මදක් හෝ අස්වැසිල්ලක් ලැබෙන්නෙ නින්දෙන් පමණි.
ඉතින් මා දැන් ප්‍රිය කරන එකම දෙය වන්නෙ නින්ද ය..

PRAMU🥀❤️

27/05/2025

"පාළුවට ගිය කනත්තක
අරලිය මල් මිසක්
රෝස මල් පිපෙන් නෑ ආයෙම"

PRAMU🥀❤️

17/04/2025

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ..
සිනාසී...
මගේ ලොව වෙත
ඔබයි ගෙන ආවේ...
සිනාසී..
ඔබයි ගෙන ආවේ... ❤️

Janith Viraj Gunawardhana ❤️ Sumali Wijekoon

03/03/2025

විද ඇත්තෙමි දුක් ගැහැට
අපමන
හේතුකව හෝ අහේතුකව
වස්සානයක සේයා නොදැක්කෙමි
පේන මානයක
කිසි දිනක

පින් සාර සිත
නුබ නොයෙන්න මගෙ ලොවට
කෙසේ එලිවෙයිද
මේ හීන.....
මා දැක්ක
මෙලෙස
මා විදින

පින් සාර සිත මා නුබට
හරි ලෙංගතුයි අද මෙන්ම හැමදාම
ස්තූතියි නුබට
දෑත් පටලන් යන්න ආවට
මන් එක්ක
මේ සංසාර ගමන.....

PRAMU🥀❤

Madhushika S Rupasinghe

20/01/2025

ඕනෑවට වඩා සිතීම තරම් නිහඩ
මිනීමරුවෙකු තවත් නැත
ඉතින් මා මිය යමින් ඇත.
කරන කියන කිසිවෙක් තුල සතුටක් නොලබා දුක් වෙමින් ඇත.
මගෙ සතුට වෙනුවෙන් මා නොකරන දෙයක් නැත
නමුත් කිසිවකින් මා සොයන
කලෙකට පෙර මා වින්ද සතුට
අත්විදීමට නොහැකි වී ඇත
සෑම මිනිසෙකු තුලම,
සෑම ක්‍රියාවක් තුලම
සැකය පීඩාව වේදනාව පමනක් මා තුරුලු කරගනිමින් ඇත.
මා වේදනාවට පෙම් බදිමින් ඇත.
මා හට වේදනාව හුරු කල ආත්මය
සතුටු කරමින්
ඔහු දුන් වේදනාවන් සිතමින්
මා මියයමින් ඇත
දිනෙන් දින
දුක මා වෙලා ගනිමින් ඇත. 😔💔
........ PRAMU 🥀🖤 #නිසදැස්

Want your public figure to be the top-listed Public Figure in Dambulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Dambulla