Maoli Batik

Maoli Batik

Share

01/11/2025

වෙනස් රසට කිරිබත් වර්ග 6ක්. මීට කලින් කාල තිබ්බත් හදන්න දැනන් හිටියෙ නෑ නේද?

Photos from Maoli Batik's post 30/10/2025

කඩෙන් ගන්නෙ නැතුව ගෙදරම රසට සුවඳට පහේ ටික හදාගන්න අපෙන් ඔබට උදව්වක්… පහේ වර්ග 6කම රෙසිපි මෙන්න.

තුනපහ කියන්නෙ අපේ කෑම වේලක් හදාගනිද්දි නැතුවම බැරි දෙයක්. ඉවීමේ කලාවෙදි පිහි කියන්නෙ පින්සල් නම් තුනපහ කියන්නෙ වර්ණ පෙට්ටියට. හැබැයි මස් හොද්දටයි පරිප්පු හොද්දටයි අල හොද්දටයි හැම එකටම එකම පහේ බෝතලේ තියාගෙන හලන එකට ඉවීමේ කලාව කියන්න නම් බෑ. මේ කියන්න හදන්නෙ ගෙදරදීම පිරිසිදුවට පහේ ටික හදාගන්න හැටි ගැන. එක එක කරි වලට එක එක රස ගන්න පහේ හදාගන්න හැටි දැනගන්න කැමති ඔයාලටයි මේ. මේ පහේ හදාගන්න ගන්න ද්‍රව්‍ය සියල්ලම සෝදා හොඳින් වේලා පාවිච්චියට ගන්න කියලත් මතක් කරනව.
බැලු බැල්මට කුකින් ගැන නොදන්න කෙනෙක්ට හිතෙන්නෙ අයියෝ මේ එකම කුළුබඩු ටිකනෙ එහෙ මෙහෙ වෙන්නෙ කියල. ඒත් පහේ වල රස සුවඳ වෙනස් වෙන්න මේ පාවිච්චි කරන කුළු බඩු ග්‍රෑම් ගාණකින් එහෙ මෙහෙ උනත් ඇති කියල උයන කලාව දන්න කෙනෙක් දන්නව. මේ නිසා නියම ප්‍රමාණ වලින් පිරිසිදු කුළු බඩුම පාවිච්චි කලොත් ඔබේ මුළුතැන්ගෙයින් හැදෙන කෑම රසින් වගේම සුවඳිනුත් ඉහලින්ම තියේවි.

හදල බලලම අපිට කියන්නකො රස කොහොමද කියල.

මේ වට්ටොරු තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න දැනටමත් අපේ පෙජ් එක ලයික් කරලා නැත්නම් තවත් මේ වගේ කැම වර්ග ගැන දැනගන්න පෙජ් එකට ලයික් එකකුත් දාලා තියාගන්න එතකොට අපි අලුතේන් දාන රෙසිපි ඔයාලට දාපු ගමන් බලන්න පුලුවන්.❤️

පහල පොටෝ ටික ටච් කරන්න.👇

Photos from Maoli Batik's post 26/10/2025

චීස්වලින් වැසූනු ලාංකික රසයට ගැළපෙන Lasagna රෙසිපි 5ක් අද අපි හදමු.

​බොහෝ දෙනෙක් Lasagna (ලසඤ්ඤා) කිව්වම හිතන්නේ, මේක හදන්න ඉතාලියේම ගිහින් අමුද්‍රව්‍ය ගේන්න ඕනේ කියලා.

සරලවම කිව්වොත්, Lasagna කියන්නේ ඉතාලියේ ප්‍රධාන කෑම වේලක අංගයක්. ඒක ඇමරිකාවේ 'Comfort Food' එකක් වගේම, ලංකාවේ අපිට වුනත් හිත පිරෙන්න, බඩ පිරෙන්න කන්න පුළුවන් සුපිරි Dinner හෝ Lunch Option එකක්.

ඉතින් ​ලසඤ්ඤා හදන්නේ Pasta ෂීට්, මස් සෝස් සහ සුදු සෝස් එක්ක චීස් තට්ටු ගොඩක් දාලා කියලා දන්නවා ඇතිනේ. ඒත්, ඔයාල දන්නවද? කඩේට ගිහින් රික්කෝටා චීස් වගේ විශේෂ දේවල් හොයන්නේ නැතුව, ලංකාවේ තියෙන අමුද්‍රව්‍යවලින්ම ඊටත් වඩා රසට මේ Lasagna එක හදාගන්න පුළුවන් කියලා?

​අද අපි මේ කියන්න යන්නේ, සාමාන්‍ය Classic Beef Lasagna එකට අමතරව, ඔයාගේ රස වින්දනය වෙනස් කරන වෙනස්ම Lasagna රෙසිපි 5ක් ගැනයි. (White Chicken, Vegetable, Roll-Ups සහ Mexican Lasagna වගේ)

​ඒ විතරක් නෙවෙයි, අපි කලින් දුන්නු රෙසිපි වල අමුද්‍රව්‍ය හොයාගන්න අපහසුනම් ඔබට අපහසු විය හැකි අමුද්‍රව්‍ය වෙනුවට ලංකාවේදී පහසුවෙන් හොයාගන්න පුළුවන් විකල්ප අමුද්‍රව්‍ය මොනවද කියලත් ඔයාලට ොන වෙලාවක මැසෙජ් එකක් දලා දැනගන්න පුලුවන්.

​එහෙනම් හදලා බලලම අපිට කියන්නකො රස කොහොමද කියලා.

​මේ වට්ටෝරු තවත් කෙනෙක්ට බලන්න Share කරන්න. දැනටමත් අපේ Page එක Like කරලා නැත්නම්, තවත් මේ වගේ අලුත් කෑම වර්ග ගැන දැනගන්න Like එකකුත් දාලා තියාගන්න. එතකොට අපි අලුතෙන් දාන රෙසිපි ඔයාලට දාපු ගමන් බලන්න පුළුවන්. ❤️

​පහළ පොටොස් ටික touch කරන්න. 👇

Photos from Maoli Batik's post 19/10/2025

කාර්යබහුල ඔබට යන එන ගමන් කන්න පුළුවන් කෑම වර්ග 5ක් ලේසියෙන් හදමුද?

දැන් කාලෙ කොයි වෙලේ කාගෙන් ඇහුවත් අහන්න ලැබෙන පොදු වචනයක් තමයි “බිසී”. එක එක්කෙනා නොයෙක් නොයෙක් දේවල් වලට කාර්යබහුල වෙලා. මේ බිසීකම ඇතුලෙ හුඟක් වෙලාවට මේසෙකින් වාඩි වෙලා කෑමක් කන්න තරම්වත් නිදහසක් නෑ. පාසල් යන පන්ති යන ළමුන් බහුතරයක් කෑම වේල් මගහැරගන්නෙ කන්න වෙලාවක් නෑ කියල. ඒකෙන් වෙන්නෙ උගත් එක්කම රෝගී පරපුරක් බිහිවෙන එක. මෙහෙම කෑම වේල් මගහැර ගන්නෙ නැතුව යන එන ගමන් කන්න පුළුවන් කෑම ටිකක් ගැන කියන්න අනිවා අපි හිතුවා පොටො එක ටච් කරන්න.

මතක ඇතුව ඔයාලාගේ අදහසත් කමෙන්ට් කරලා තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න දැනටමත් අපේ පෙජ් එක ලයික් කරලා නැත්නම් තවත් මේ වගේ කැම වර්ග ගැන දැනගන්න පෙජ් එකට ලයික් එකකුත් දාන්න.❤️

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo