PublicFinance.LK
PublicFinance.LK යනු ශ්‍රී ලංකාවේ අංක එකේ ස්වාධීන පර්යේෂණ ආයතනය වන වෙරිටේ රිසර්ච් ආයතනය පවත්වාගෙන යන වේදිකාවක් වේ. ආර්ථිකයට අදාළ කරුණු කාරණා, සරල, තේරුම්ගත හැකි සටහන් සහ විශ්ලේෂණයන් හරහා පොදුජන දැනගැන්ම සහ යහපත තකා ඉදිරිපත් කිරීම මෙම වේදිකාවේ පරම අරමුණ වේ.
02/05/2026
භාණ්ඩාගාරේ සල්ලි!
"දැන් රටේ සල්ලි තියෙනවා!" අපේ අසල්වැසියා ආඩම්බරයෙන් කියා සිටියේය.
"භාණ්ඩාගාරේ දැන් රුපියල් බිලියන 1,205ක් තියෙනවා. 2022 තිබ්බේ බිලියන, සෘණ! 832යි!"
සැනසුම් සුසුමක් හෙලූ බිරිඳ සාලය අතුගෑම නැවැත්වුවා ය.
"ඒ කියන්නේ ණය ගෙවලා ඉවරයි නේ?" ඈ ඇසුවාය.
"අ... එ... සල්ලි වැඩි වෙලා තියෙන්නේ..." අසල්වැසියා තටමන්න විය.
මමද කතාවට එබුනෙමි.
"දැන් ඔය සල්ලි වැඩිවෙලා තියෙන්නේ කොහොම ද?"
"ණය!" පැත්තක සිටි පුතා උත්තර දුන්නේ ය.
"2022 සිට 2025 වෙනකන් ආණ්ඩු ගන්නට ඕනෑ තරමටත් වඩා සල්ලි ණයට අරන් ඒ සල්ලි භාණ්ඩාගාරේ දාලා තියෙනවා. ඒ සල්ලි තමයි ඔය ලොකුවට තියෙන්නේ"
"හරි එහෙම වුනත් හොඳ නැද්ද?" අසල්වැසියා තර්ක කළේය.
"සල්ලි ළග තිබ්බට ණය අඩු වෙලා ද?" පුතා පෙරළා ඔහුගෙන් ඇසුවේය.
"නෑ..." අසල්වැසියා මදක් ඇඹරෙමින් උත්තර දුන්නේ ය.
"ඒ කියන්නේ ලාභයක් නෑ කියන එකනේ. මෙතන වෙලා තියෙන්නේ ණයට සල්ලි අරන් බැංකු එකවුන්ට් එකේ දාගත්තා වගේ වැඩක්! "
"ඒත් අකවුන්ට් එකේ තියෙන සල්ලිවලට ලැබෙනවා ඇතිනේ හොද පොලියක්? "
එවර පැනය බිරිඳගෙනි.
"ඒක හරි, ඒත් ඉතින් ඔය ණය සල්ලි නේ. ඉතින් පොලියක් තියෙනවා ගෙවන්න"
"බැංකු එකවුන්ට් එකේ ලොකුවට සල්ලි තියෙනකොට ඒකට පොලියක් ලැබෙනවා තමයි. හැබැයි, ණයට ගෙවන්න තියෙන පොලිය, ඒ පොලියට වඩා වැඩියි! "
"ඉතින් දෙයියනේ මොකක්ද ඕකෙන් ඇති වැඩේ?" මම ඇසුවෙමි.
"හදිස්සියට සල්ලි ගන්න පුලුවන්! " පැහැදිලි කිරීම පුතාගෙනි.
"හදිස්සියක් වුනොත් ආයෙ ණයක් ගන්න ඕන නැහැ. මේ තියෙන සල්ලිවලින් ඒක කවර් කරගන්න පුලුවන්"
සුසුමක් හෙලූ බිරිඳ නැවත අතුගාන්නට ගත්තාය.
"අඩු ගානේ සල්ලි තියෙනවා නේ?" මේ සියල්ල අසාගෙන සිටි අසල්වැසියා කීවේය.
👉 වැඩිදුර පැහැදිලි කිරීමක් මෙතැන ඇති: https://www.publicfinance.lk/sin/topics/sri-lanka-s-treasury-coffers-are-full-how-did-that-happen-1776991047?__cf_chl_tk=pYZR9uv_IvMunC3puZH9XBfAT8XRIBSpJmYNCCP98so-1777287699-1.0.1.1-6GKKQTvQOOo1uplON7SiAcy_pOm.pN.e.LeTwaJLKfM
________________________________________
🔥 මේ වගේ විස්තර කලින්ම දැනගන්න, Verite Research WhatsApp චැනල් එකට එකතු වෙන්න: https://whatsapp.com/channel/0029VawOuBaDZ4LivxlMVr3w
01/04/2026
ලින්ක් එක බලන්න!!! https://tinyurl.com/msbhy3fk
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
No. 05, Police Park Place, Colombo 05
Colombo
00500