Say Hello to ur self
06/06/2024
෴
මම හුඟක් වෙලාවට හැසිරිලා තියෙන්නේ මෝඩයෙක් වගේ.
ඔව් ඔයාට ඇහුණා හරි "මම හැසිරිලා තියෙන්නේ මෝඩයෙක් වගේ"
මිනිස්සු බොරු කියනකම් මම ඔහේ අහගෙන ඉඳලා තියෙනවා ඒ බොරු වලට අහුවුණා වගේ.
කිසිම දෙයක් කරගන්න බැරි මිනිස්සු ලොකුකම් කියවනකොට මං අහන් ඉදලා තියෙනවා ඒ පුරසාරම් හරි රසවත් වගේ.
මිනිස්සු ඇස් දෙකට පෙනි පෙනි විනිවිදබාවයකින් තොරව කපටි සැලසුම් හදනකොට මම අහක බලන් ඉදලා තියෙනවා "එයාල බලාපොරොත්තු වුණු විදිහටම" මට ඒවා තේරෙන්නේ නැති තරමටම මම මොට්ටයි වගේ. සමහර මිනිස්සු මාව පාවිච්චි කරනවා කියලා ඉතා පැහැදිලිව පෙනි පෙනිත් මම එයාලට කෙටි කාලයකට මාව පාවිච්චි කරන්න ඉඩ දීලා තියෙනවා. ඇයි ?
මං හෙන මොළේ තියෙන ඩයල් එකක් නිසා ද
නැත්නම් මට එයාලව අන්දන්න ඕන වුණු නිසා ද ?
නෑ දෙකම නෙමේ.
* සමහර තැන් වලදී මම ඒ මිනිස්සුන්ට දුන්නු ගෞරවය එයාලගෙම මුණ ඉස්සරහපිට කුඩු කරලා දාන්න මට ඕන නොවුණු නිසා.
* සමහර තැන් වලදී ඒ මිනිස්සු කොහොම වුණත් මම ඒ මිනිස්සුන්ට ආදරේ කරපු නිසා, මම ඒ මිනිසුන්ට මගේ හදවතින්ම මිතුරෙකුගේ තැන දීපු නිසා.
* සමහර තැන් වලදී එයාලට, මං අරූව අන්දලා මට ඕනේ විදිහටම මගේ වැඩේ සැලසුම් කරගත්තා කියන සිඟිති ආතල් එක උන්ට විදින්න ඉඩ දෙන්න ඕනේ නිසා.
* සමහර තැන් වලදී ඔවුන් මට කරපු නරක දේවල් ඔවුන් කරපු හොඳ දේවල් එක්ක සමබර වුණු නිසා.
ඒත් ඇත්තටම ඇයි?
ඒ මං ඒ හැම තැනකදීම පාඩමක් ඉගෙන ගත්ත නිසා, මට අවශ්‍ය කොටස මම මගේ ජීවිතේට එකතු කරගත්ත නිසා. ඒ හැමදේම මාව වඩා ශක්තිමත් කරපු නිසා, වඩා හොඳින් මිනිස්සු අඳුනගන්න මගේ ඉව මුවහත් කරපු නිසා.
ඒ හැම මනුස්සයෙක්ම වෙනස් ජීවිත පාඩම් කියල දුන්නු, කියලා දෙන "ජීවිත ගුරුවරු" නිසා.
මගේ පාඩම අවසන් කියල තේරුණාම මං ඒ මිනිස්සුන්ව මගේ පුංචි සම්බන්ධතා රවුමෙන් කපාහරින හැම මොහොතකදිම වඩා කුඩා වෙන මගේ රවුම, කුඩා තිතක් වෙන ප්‍රමාණෙට ආවත්, ඒ තිත ඇතුළේ හැබෑ සැනසීමත්, උණුසුමත්, ආදරයත්, අව්‍යජත්වයත් තිබුණු නිසා.
ඒ නිසා ඒ පොඩි උණුසුම් තිත ඇතුළේ දවසක මම විතරක්ම ඉතිරිවෙන තරමට වුණත් "මම මෝඩයෙක් වගේ හැසිරෙයි." මොකද වඩා වැදගත් වෙන්නේ "inner peace" නිසා.
නොනවතින ආටෝප සාටෝප ඩ්‍රාමා එකක සෙනග ගොඩක් අතරේ ඉන්නවට වඩා සැනසීමෙන් ඉන්න පුළුවන් තනි ග්‍රහලෝකයක් හදාගන්න ආස ජීවින් මේ ලෝකේ ඉන්නවා. මම එයින් එකෙක්.
කොයිතරම් මිනිස්සු එක්ක මූව් වුණත්, ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය මොහොතේ හිටියත්, ජීවිතේ වැඩි ප්‍රමාණයක් මම කැමති තනියෙන් ඉන්න. තනියෙන් ඉන්න කැමති මිනිස්සුන්ගේ සිතීම් පරාසය ඔයාලට imagine කරන්න බැරි තරම් දුරකට විහිදෙනවා. ඔවුන්ගේ දුක, සතුට, creativity, imagination, නිදහස, සැළසුම් සකස් කිරීම් සියල්ල තියෙන්නේ මේ නිහඬ සිතීම් පරාසේ ඇතුළේ.
ඉතිං ඔව් ඔයාට තමා මම කියන්නේ, මම තවදුරටත් මෝඩයෙක් වගේම හැසිරෙන්න ඉඩ තියෙනවා!
🤍 copied 🤍
____________________________________
25/10/2022
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo