NuTri InFo

NuTri InFo

Share

Nutrition for Healthy Life.Weght management / Diabetic diet plan / Diet for kidney disease /Diet for high blood pressure / Diets for high cholesterol and fatty liver conditions

NuTri InFo 01/05/2026

https://youtu.be/Dzg1I4FqqFg?si=VI8vgcYHOIjzczbI

NuTri InFo ලංකාවෙ Online පංති යන දරුවන් අනතුරේ | The Risk of Online Education By Nutritionist Hiroshan Jayarang

01/05/2026

මේ රෝග ලක්ෂණ ඔයාටත් තියනවනම් යකඩ ඌනතාවය වෙන්න පුළුවන්

අද අපි කථා කරන්න යන්නෙ ලාංකිකයන් බොහෝ දෙනෙක් විශේෂයෙන් කාන්තාවන් මුහුණපාන බරපතල රෝගී තත්වයක් පිළිබඳව.ඒ තමා යකඩ ඌනතාවය නිසා ඇතිවන රක්තහීනතාවය නම් රෝගී තත්වය.

බලන්න ඔයාලටත් මම මේ කියන රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් තියනවද කියලා,

Fatigue එහෙමත් නැත්තම් නිතරම ඇතිවන තෙහෙට්ටුව

නිදිමත ගතිය, හිසරදය සහ කරකැවිල්ල

හුස්ම ගැනීමට අපහසු වීම

Pale skin ඒ කියන්නෙ සම සුදු මැලි වීම

Spoon nails- සාමාන්යෙන් අපේ නියපොතු පිටතට නෙරා යන ආකාරයට ඒ කියන්නෙ උත්තලව තමා පිහිටලා තියෙන්නෙ.හැබැයි මේ තත්වයේදී නියපොතු ඇතුළු පැත්තට ගිලී යන ආකාරයට එහෙමත් නැත්තම් අවතලව පිහිටා තිබෙනවා.ඒ විතරක් නෙමෙයි නියපොතු මෘදු වෙලා ඉක්මනින් කැඩිලා යනවා

කෙස් හැලී යාම සහ තුනී වීම- අපි දන්නවා නීරෝගි පුද්ගලයෙකුගෙ උනත් දවසකට කෙස් 50–100ක් පමණ වැටීම සාමාන්‍ය දෙයක් කියලා.හැබැයි රක්තහීනතාවය තියන කෙනෙක්ගේ මීට වඩා වැඩි හිස කෙස් ප්‍රමාණයක් දවසකට හැලෙනවා.

කෙරටීන් කියන්නෙ අපේ හිස කෙස් ශක්තිමත් කරන ප්‍රෝටීනය.මේ ප්‍රෝටීනය නිපදවන්න යකඩ අත්‍යවශ්‍යයි. ඉතින් අපේ දේහයේ ප්‍රමාණවත් තරම් යකඩ නැතිවෙන කොට කෙරටීන් නිශ්පාදනය අඩාල වෙලා හිස කෙස් තුනී,සිහින් බවට පත් වෙනවා.

හෘදස්පන්දන වේගය ඉහළ යාම- විශේෂයෙන් ඇවිදිනකොට,පඩිපෙල් නගිනකොට වගේ කායිකව වෙහෙස වෙන අවස්ථාවකදී හෘදස්පන්දන වේගය ඉහළ යාම යකඩ ඌනතාවයේ ප්‍රධාන ලක්ෂණයක් කියලා හදුන්වන්න පුළුවන්.

මේ කියන රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් ඒවා නොසලකා හරින්න නම් එපා. මොකද Iron Deficiency Anemia එහෙමත් නැත්තම් රක්තහීනතාවය කියන්නෙ බොහෝ දෙනාට තිබුනත්, මේ කියන රෝග ලක්ෂණ සාමාන්‍ය වැඩ කිරීම නිසා ඇතිවන ලක්ෂණ ලෙස සැලකීම නිසා හරියටම හඳුනාගන්නේ නැති රෝගයක් කියලා සදහන් කරන්න පුළුවන්.

ඇත්තටම යකඩ කියන්නේ අපේ රුධිරයේ හීමොග්ලොබින් (Hemoglobin) හදාගන්න අත්‍යවශ්‍ය ඛනිජයක්. හීමොග්ලොබින් තමයි ඔක්සිජන් අපේ ශරීරය පුරා ගෙනියන්නේ.

එහෙමනම් අපි යකඩ අඩුවුණාම මොකද වෙන්නේ කියලා බලමු,

යකඩ අඩුවුණාම අපේ රුධිරයේ තියෙන හීමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙනවා.එතකොට අපේ ශරීරයට ඔක්සිජන් ලැබෙන්නේ අඩුවෙන්. මේ නිසා අපි හුඟාක් වෙලාවට කෙට්ටු වෙලා වෙලා, ඉක්මනින් තෙහෙට්ටුවට පත් වෙනවා.

අපිට යකඩ අඩුවෙන්නෙ ඇයි?

1. අපේ ආහාර වේලේ ප්‍රමාණවත් තරම් යකඩ අඩංගු නොවීම

අපි ඒක මෙන්න මෙහෙම පැහැදිලි කරගමු, අපි ගන්න ආහාරවල තියෙන යකඩ ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරනවා. ඒ හීම් යකඩ සහ හීම් නොවන යකඩ විදිහට. කුකුල් මස් හරක් මස්, පීකුදු, මාළු, කිරි වගේ සත්වමය ආහාරවල තියෙන යකඩ හදුන්වන්නෙ හීම් යකඩ කියලා. හීම් යකඩවල විශේෂත්වය තමා ඒවා ශරීරයට ඉතා පහසුවෙන්අවශෝෂණය වීම.ඒ කියන්නෙ ආහාරයේ තියෙන යකඩවලින් 15% – 35% ක් විතර අපේ ශරීරයට උරා ගන්නවා.

පරිප්පු , කඩල, මුං ඇට වගේ පියළි වර්ගවල, පලා කොළවල වගේ ශාකමය ආහාරවල තියෙන්නෙ හීම් නොවන යකඩ. මේ හීම් නොවන යකඩ සාපේක්ෂව අපේ ඇගට උරා ගන්නවා අඩුයි. ඒ කියන්නෙ ආහාරයේ තියෙන යකඩවලින් 2% – 5% වගේ සුළු ප්‍රමාණයක් තමා අපේ ශරීරයට උරා ගන්නෙ.

මේකෙන් ඔයාලට තේරෙනවා ඇති මස් ,මාළු කන කෙනෙක්ට වඩා vegetarian කෙනෙක්ට යකඩ ඌනතාවය ඇතිවීමේ අවධානම වැඩි බව.ඒක නිසා vegetarian අය මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න ඕනි.

2. අධික රුධිර වහනය – විශේෂයෙන් කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේදී, තුවාලයකින් අධිකව රුධිරය වහනය වීම වගේ දේවල් නිසා අපිට යකඩ ඌනතාවය ඇති වෙන්න පුළුවන්.
පාසල් වයසේ පසුවන දියණියන්ට මාසික ඔසප් වීමේදී අධිකව රුධිරය වහනය වීම නිසා රක්තහීනතාව ඇතිවීම, එයාලගේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම බිඳවැටෙන්න හේතු වෙන්න පුළුවන්.ඒක නිසා ගැහැණු දරුවන්ට ඔසප් සමයේදී මස්,මාළු වගේ සත්වමය ආහාර වැඩි වශයෙන් ලබා දෙන්න. සමහරු මේ කාලයේදී මස්,මාළු කෑවම පිටවන රුධිරයෙන් අධික දුගදක් පිටවෙනවා කියලා ඒවායින් වැළකිලා ඉන්නවා. ඒවගේ මිත්‍යාමතවල කිසිදු සත්‍යතාවක් නෑ.
3. ගර්භණී කාලය – ගර්භණී කාලයේදී කාන්තාවකට දිනකට අවශ්‍යවන යකඩ ප්‍රමාණය සාමාන්‍ය කාන්තාවකගේ අවශ්‍යතාවට වඩා වැඩි වෙනවා.ඒකට හේතු වෙන්නෙ ගර්භණී කාලයේදී අම්මාගේ රුධිර පරිමාව වැඩි වීම වගේම බබාගේ මොළයේ වර්ධනයට, ඔකිසිජන් සැපයුමට සහ අක්මාවේ සංචිත කිරීමට යකඩ අවශ්‍ය වීමයි.
මේ නිසා ගර්භණී සමයේ second trimester එකේදී ඒ කියන්නෙ හතරවෙනි මාසය ආරම්භයේ ඉදලම ආහාරයට අමතරව පෙත් විදිහට යකඩ ලබා ගන්න ඕනි. එහිදී දිනපතා iron 60 mg පෙති විදිහට ලබා ගන්න එක අනිවාර්යෙන්ම කරන්න ඕනි.
ඒ විතරක් නෙමෙයි යොවුන් වියේ පසුවන ගර්භනී කාන්තාවන්, නිවුන් දරුවන් බලාපොරොත්තු වෙන ගර්භනී කාන්තාවන්, vegetarian ගර්භනී කාන්තාවන් වගේ අවධානම් අය ගර්භණී බාවය දැනගත් දිනයේ පටන්ම ආහාරයට අමතරව පෙති විදිහට යකඩ ලබා ගන්න ඕනි.
දරු ප්‍රසූතියෙන් පස්සෙත් මාස 6 ක්වත් පෙති විදිහට යකඩ ලබා ගන්න එක තමා නිර්දේශය වෙන්නෙ.

4. පණු රෝග (worms)- මෙහිදී සමහර පනුවන් අපේ දේහයේ රුධිරය උරා බොමින් ජීවත් වෙනවා.රුධිරය අඩු වෙනවා කියන්නෙ අපේ ඇගේ යකඩ ප්‍රමාණයත් අඩු වීමයි.

ඒ විතරක් නෙමෙයි සමහර පනුවන් අපේ දේහයට යකඩ උරා ගන්න එකත් වළක්වනවා.

5.ශරීරයට යකඩ අවශෝෂණය නොවීම

අප ගන්නා විවිධ ඖෂධ වර්ග හා වෙනත් හේතු නිසා ආහාරයේ තියෙන යකඩ ශරීරයට උරා ගන්න එක අඩු වීමත් යකඩ ඌනතාවය ඇති වීමට බලපාන එක් හේතුවක් කියලා සදහන් කරන්න පුළුවන්.

අපි දැන් බලමු රක්තහීනතාවය අදුරගන්නෙ කොහොමද කියන එක,

රුධිරයේ Full Blood Count එකක් කරලා අපිට රුධිරයේ හිමොග්ලොබින් ප්‍රතිශතය දැන ලන්න පුළුවන්.

Full Blood Count එකක තිබිය යුතු සාමාන්‍ය Hemoglobin levels (Normal values) තමා මේ,

වැඩිහිටි පිරිමි -13 – 17 g/dL

වැඩිහිටි පිරිමි ගැහැණු - 12 – 15 g/dL

ගර්භණී මව්වරු -≥ 11 g/dL

ළමයි (Children)- සාමාන්යයෙන් 11 – 13 g/dL. මේක වයස අනුව වෙනස් වෙනවා

Full Blood Count එකේ හිමොග්ලොබින් ප්‍රමාණය මේ සදහන් කළ ප්‍රමාණයන්ට වඩා අඩු උනා කියලා යකඩ supplements ගන්න පටන් ගන්න නම් එපා. මොකද තැලසීමියාව, වෛරස් උන වගේ තත්වයන් වලදිත් හිමොග්ලොබින් ප්රමාණය සාමාන්‍ය ප්රමාණයන්ට වඩා අඩු වෙන්න පුළුවන්.ඒක නිසා මේ පිළිබඳව හරියටම දැන ගන්න සුදුසුකම් ලත් පෝෂණවේදීයෙකු මුණගැසීම තමා වඩාත් සුදුසු වෙන්නෙ.

ඒ වගේම Ferritin test එක මගින් අපිට ශරීරයේ iron stores ප්‍රමාණය බලාගන්නත් පුළුවන්.

දැන් තමා වැදගත්ම part එක.ඒ තමා අපි කොහොමද රක්තහීනතාවය වළක්වගන්නෙ කියන එක.

ඒ සදහා අපි යකඩ බහුල ආහාර දිනපතා අපේ ආහාර වේලට එකතු කර ගන්න ඕනි.විශේෂයෙන්ම හීම් යකඩ අඩංගුකුකුල් මස් හරක් මස්, පීකුදු, මාළු, කිරි වගේ සත්වමය ආහාර අපේ ආහාර වේලට අනිවාර්යෙන්ම එකතු කර ගන්න ඕනි.

ඒ වගේම හීම් නොවන යකඩ අඩංගු වෙන මුං ඇට වගේ පියළි ආහාර, දින දෙකක් පමණ වතුරේ දමා අංකුර ආවට පස්සෙ ආහාරයට ගන්න ඕනි.මොකද පැළවෙන බීජවල තියෙන යකඩ පහසුවෙන් දේහයට උරා ගන්න පුළුවන්.



ඒ වගේම තමා Vitamin C ආහාරවල තියෙන යකඩ ශරීරයට උරා ගන්න එක වැඩි කරනවා.ඒ නිසා මැල්ලුම්,සලාදවලට දෙහි ටිකක් එකතු කරන්න අමතක කරන්න එපා.

Vitamin C ආහාරවල තියෙන යකඩ ශරීරයට උරා ගන්න එක වැඩි කරනවා වගේම තේ, කෝපිවල තියෙන කැෆේන්, ටැනීන් වගේ රසායනික සංයෝග ආහාරවල තියෙන යකඩ ශරීරයට උරා ගන්න වළක්වනවා.ඒ නිසා තේ, කෝපි පානය කරනවනම් ප්‍රධාන ආහාර වේලකින් පැය දෙකකට ව්තර පස්සෙ පානය කරන්න අමතක කරන්න එපා.

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No. 128 De. S Jayasinghe Mawatha
Colombo