Cherries Colombo

Cherries Colombo

Share

Smoothie & Juice Bar, Keto diet, Breakfasts and Lunch

22/06/2025

🟩කෙසෙල් කොළේ බත් කෑවොත් බඩ අඩු කරගන්න දුවන්න ඕනෙ නෑ !

🟩කෙසෙල් කොළේ Epigallocatechin gallate කියලා විශේෂිත ප්‍රතිඔක්සිකාරකයක් තියෙනවා. සරලව කියනවා නම් ඔබ නිතර දෙවේලේ බඩ අඩුවෙන්න කියලා බොන ග්‍රීන් ටී (Green Tea) වලටත් වඩා මේ ප්‍රතිඔක්සිකාරකය බලවත්.

🟩කොළඹ රටේ උදවිය කාලාන්තරයක් තිස්සෙ කෑවෙ ප්ලාස්ටික්. ප්ලාස්ටික් කෑවා කියලා කිව්වෙ ඔන්න මේ විහිළුවට නම් නෙවෙයි. ප්ලාස්ටික් කිව්වට ප්ලාස්ටික්ම නෙවෙයි ආයුබෝවන්ඩ ලන්ච් ෂීට්. ඕකත් ඉතින් ඔය තුනී කරපු ප්ලාස්ටික් කොළයක්නෙ. ඔය ප්ලාස්ටික් කොළේට උදේ පාන්දර බත් බෙදාගෙන දුම් දම දමා වැඩට ගෙනියන බහුතරයක් උදවිය දන්නෙ නෑ ඔය ගෙනියන්නෙ වහ ගුළියක් කියලා.

🟩ලන්ච් ෂීට් එකේ තියෙන ප්ලාස්ටික්, බත් ගෙඩියෙ රස්නෙට ටික ටික දියවෙනවා. ඒ දියවුණු ප්ලාස්ටික් හරි අපූරුවට බත් එකට එකතු වෙන්නෙ හිතාගන්නවත් බැරි තරම් වේගෙන්. ඔය ලන්ච් ෂීට් එකේ බත් ගෙනියන උදවිය දැන් අවුරුදු ගාණක් තිස්සෙ බත්වලට වඩා ප්ලාස්ටික් කෑවා කිව්වෙ ඔන්න ඕකයි අපි.

🟩හැමදාම ඉතින් මිනිස්සුන්ට ප්ලාස්ටික් කාලා ඉස්පිරිතාලවල දිග පෝලිම්වල කරවෙවී ඉන්න බැරි නිසාම ලන්ච් ෂීට් කොළේට වඩා ඔන්න දැන් කෙසෙල් කොළේ බත් කන්න හරි අපූරු ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. මේක මේ අද ඊයෙක ආපු එකක් නම් නෙවෙයි. ඒත් ඉතින් එන්න එන්නම හැම නගරෙකම ‘කෙසෙල් කොළේ බත් කඩ’ වැඩිවෙන්න පටන් අරන් නම් තියෙනවා.

🟩ගමේ මිනිස්සුන්ට නම් ඉතින් කෙසෙල් කොළේ බත් ටිකක් කන එක මහා අරුමයක් නෙවෙයි. බත් ඔතන්න විතරක් නෙවෙයි, කිරිබත තුනී කරන්න, කුරක්කන් රොටිය වඩවන්න වගේම සමහර වෙලාවට වතුර වැඩිවෙලා බෙරි වෙන බත තුනී කරන්න, අළුවා කපන්න, කමතට ඇඹුල ගෙනියන්න, බටපොතු පෙට්ය වහන්නත් ගමේ මිනිස්සු ගත්තෙ කෙසෙල් කොළේ.

🟩කෙසෙල් කොළේටම ආවේණික වුණු එක්තරා විශේෂිත ඉටි වර්ගයක් තියෙනවා. මේ ඉටි ක්‍රියාත්මක වෙන්නෙ කෙසෙල් කොළේට අපි උණු උණුවෙන් බත්, ව්‍යංජන බෙදුවාම. ව්‍යංජනවල තියෙන ඒ රස්නෙත් එක්ක මේ ඉටි ටික ටික දියවෙන්න පටන් ගන්නවා. දියවෙමින් යන ඉටි ක්‍රම ක්‍රමයෙන් කෙසෙල් කොළේ ඔතපු බත් එකට එකතු වෙනවා. ඒ එකතු වෙන ඉටිවලින් තමයි කෑමවල රස වගේම සුවඳ වැඩි වෙන්නෙ.

🟩කෙසෙල් කොළේ රත් කළාම, නැතිනම් තවාගත්තම කෙසෙල් කොළේ පෝෂ්‍ය පදාර්ථ උත්තේජනය වෙලා ඒ ආහාරයට උරා ගන්නවා. ඒ නිසා තමයි කෙසෙල් කොළේ ඔතපු බත් එකක් දිග අරිද්දි කටට කෙළ උණන්නෙ. ඔය පෝෂ්‍ය පදාර්ථවලට අමතරව බැක්ටීරියා නාශක, විටමින් A, සිට්රික් අම්ලය වගේම කැරොටින් අම්ලයත් මේ කෙසෙල් කොළේ අඩංගු වෙලා තියෙනවා.

🟩අපේ කතාවට ආපහු ආවොත්, අපි අද කතා කරන්නෙ කොළඹ තියෙන කෙසෙල් කොළේ බත් විකුණන තැන් ගැන. කොළඹට කොහෙන්ද කෙසෙල් කොළ? මේ කොන්ක්‍රීට් වනාන්තරේ කෙසෙල් ගස් හොයන එක කරන්න බැරි වැඩක් නෙවෙයි, කරන්න අමාරුම වැඩක්.

🟩කොළඹ තියෙනවා කලාප 15ක්. ඔය කලාප පහළොවේම කොහේ හරි අස්සක මුල්ලක නම් කෙසෙල් කොළේ බත් කඩයක් නම් වරදින්නෙම නෑ.
🟩කෙසෙල් කියන්නෙ ඉතින් අවුරුද්දෙ ඕන කාලෙක වවන්න පුළුවන් දෙයක්නෙ.’’
බොහෝ වෙලාවට කොළඹට කෙසෙල් කොළ ගේන්නේ දකුණු පළාතෙන්. ඇල්පිටිය, බද්දේගම, කරන්දෙණිය, මාපලගම, අක්මීමන වගේ ප්‍රදේශවලින්. ඇඹිලිපිටිය, බරවකුඹුර වගේ ප්‍රදේශවලින් කෙසෙල් කොළ කොළඹට ගෙනියනවා.

🟩ඔබටත් කෙසෙල් කොළ මිලට ගැනිමෙ හැකියාව අදවන ව්ට වෙළදපොලේ නිර්මානය වෙමින් පවතිනවා.

🟩ඔබ නොදන්නවා වුණාට කෙසෙල් කොළේ Epigallocatechin gallate කියලා විශේෂිත ප්‍රතිඔක්සිකාරකයක් තියෙනවා. සරලව කියනවා නම් ඔබ නිතර දෙවේලේ බඩ අඩුවෙන්න කියලා බොන ග්‍රීන් ටී (Green Tea) වලටත් වඩා මේ ප්‍රතිඔක්සිකාරකය බලවත්.

🟩එහෙම බලද්දි නම් බර අඩුකර ගන්න කියලා ඔය හන්දියක් හන්දියක් ගාණේ පණ දාගෙන දුවන නෝනලාට, මහත්වරුන්ට කෙසෙල් කොළේ ඔතපු හොඳ බත් එකක් ඉඳලා හිටලා හරි කනවා නම් ලංකාවටම තියෙන බර වැඩිවෙන ජාතික ප්‍රශ්නයට හොඳ විසඳුමක් ලැබේවි,ඒ.වගෙම සීඝ්‍ර ලෙස වයිරසයක් වගේ පැතිරිලා යන බෝ නොවන රෝග වලටද හොද ව්සදුමක් වේව්.විශේෂයෙන් පිළිකා රෝගයට

සිතන්න වෙනස්වන්න කාලයයි මේ

ස්තුතියි මුල් හිමිකරැට

ලිපි සකසා පලකිරිම නන්දා ව්ජේතුංග
- උපුටාගැනීමකි. ❤️🧡💛

කාරුණික ඉල්ලීම,
සියළු රෝගීන් සුවපත් වේවා යැයි පතන්න.
සුවපත් වේවා! 🙏🙏🙏

ලිපිය Share කරන්න.

13/03/2025

තැඹිලි කියන්නේ ලංකාවෙ අපි කව්රුත් ආසාවෙන් බොන රසවත් පානයක් ඉතිං අද බලමු මේ තැඹිලි වතුරේ වල ඇති ගුණ වගෙම අගුණත්

තැඹිලි වතුර, ඇඟ නිවන ඔසුවක් ලෙස අපගේ දේශීය වෙදකමේ බහුලව යොදා ගැනෙනවා. තැඹිලි වතුරෙහි තිබෙන අධික ඛනිජ ලවණ සංයුතිය නිසා, හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැළැක්වීමේ ඖෂධීය ගුණයක් එහි තිබෙනවා. බටහිර ඖෂධ අධි මාත්‍රාවකින් ශරීර ගතවුණොත් එහි විස නසන්න තැඹිලිවලට හැකියි. ආහාර වර්ගවල තිබෙන පළිබෝධ නාශක අමතර කොටස් හා ආසනික්, කැඩ්මියම් වැනි බැරලෝහ කොටස් නිසා සිදුවන හානි අවම කරන්නත් තැඹිලි වතුර භාවිත කරනවා.
⭕තැබිලි වතුර වල ගුණ..

❇️දියවැඩියා රෝගය ඇතිවිට ලපටි තැඹිලි වතුර පානය කිරීම ගැටලුවක් නෑ

❇️තැඹිලි වතුර අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩුකරන්නත්, හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නත් හේතු වෙනවා.එහි පොටෑසියම් වැඩි සාන්ද්‍රණයකින් අඩංගු වන නිසා හදවත රකින විශිෂ්ට ආහාරයක්ද වනවා.

❇️තැඹිලි වතුර, පිළිකා ඇතිවීමට හේතු වන නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක වලින්ද පොහොසත් බව සොයාගෙන තිබෙනවා.

❇️තැබිලි වතුර වල සින්ක් සහ සෙලනියම් වැනි ඛනිජ ලවණ වර්ග තියෙන නිසා, ලිංගික සරු බවට සහ මඳ සරු බව දුරැ කරන්නත් හොඳ ඖෂධයක්.

❇️මහලු අයට වගේම ඝන ආහාර දිරවීම අපහසු රෝගීන්ට ලබාදෙන්න පුළුවන් විශිෂ්ට පෝෂණීය පානයක්

❇️මවු කිරිවල තිබෙන ලෝරික් අම්ලය තැඹිලි වතුරෙහිද අඩංගුවන නිසා සකස් කළ ළදරු කිරිපිටි වර්ගවලට වඩා තැඹිලි වතුර ගුණදායකයි.

❇️ගර්භණී මවුවරුන්ද තැඹිලි වතුර පානය කිරීම ඉතා සුදුසුයි. ශරීරය අධිකව වෙහෙසට පත්වන අවස්ථාවලදී සහ විජලන තත්ත්වයන්වලදී තැඹිලි වතුර පානය කිරීමෙන් විස්මිත ගුණ ලැබෙනවා.

❇️මුත්‍රා මාර්ගය පිරිසිදු කරන අපූරු ශක්තියක් තැඹිලි වතුරට ඇති නිසා මුත්‍රා පිටවීමේ අපහසුවෙන් පෙළෙන අයට මුත්‍රා පිටවීම පහසුවීමට තැඹිලි පානය කරන්න.

❇️ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරයි.

❇️කුඩා දරුවන්ට වැළෙඳන බඩ අජීර්ණයන් හා බඩ පිපුම වැනි තත්ත්වයන් සමනය කිරීමට තැඹිලි වතුර ගුණදායකයි.

❇️ශරීරයෙහි උෂ්ණ ගතිය මගහැර ශරීරය සිසිල් කිරීම තැඹිලි වතුරින් සිදුවේ.

❇️ශරීරයේ ඇති දැවිල්ල නැති කිරීමේ අපූරු ගුණයක් තැඹිලි වතුර සතුය.

❇️ශරීරයේ නැවුම් බවට හේතුවන තැඹිලි වතුර නිතර නිතර පානය කිරීමෙන් ඔබ ශරීරය නැවුම් වේ.

❇️රුධිරය පිරිසිදු කරනා අතරම රුධිරයේ ඇති විෂ කොටස් විනාශ කර දමයි.

❇️රුධිර සංසරණය හොඳින් සිදුවෙයි.

❇️ධමනිවල ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය නැතිකිරීම නිසා කොලෙස්ටරෝල් ඇති අයට වඩාත් සුදුසුය.

❇️වමනය නැති කරයි.

❇️ශරීරයේ ශක්තිය ඇති කිරීම සඳහා උදව් වේ.

❇️මාංශ පේෂිවල වැඩීම ඇති කරයි.

❇️ශරීරයෙහි බර අඩුවීම නැතිකර බර වැඩිවීමට මගපාදයි.

❇️ශරීරයෙහි ප්‍රතිශක්තිය වැඩිකර ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති අයුරින් ශරීරය හැඩගස්වයි.

❇️වෛරස් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව මනා අයුරින් හිමිවීමට තැඹිලිවතුර පානයට ගන්න.

❇️දියවැඩියාව ඇත්තන්ට තැඹිලි වතුර පානය කිරීමට බියක් ඇති කරගත යුතු නොවේ.

❇️පිළිකා සෑදීම සඳහා ඇති අවදානම නැති කිරීමට මෙයට පුළුවන.

❇️මුත්‍රා ගල් හැදීම අඩුකරන බැවින් එම රෝගයට ගොදුරු වී සිටි අයට මෙන් ම එම රෝගය වැළඳීමට ඉඩකඩ ඇති අයට උචිතයි.

❇️මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ට එම රෝග තත්ත්වයෙන් මිදීමට උදව් වේ.

❇️කුඩා දරුවන්ගේ පණු රෝගවලට ගුණදායකය.

❇️සන්ධි රෝගවලට අපූරු ගුණදායක බවක් ගෙන දේ.

❇️පිත්තාශයේ රෝගවලට හොඳය.

❇️සමෙහි සුසිනිඳු බව ආරක්ෂා කරයි.

❇️හිස් කබලෙහි ඉස්හොරි සෑදීම වළක්වයි.

❇️අකලට කෙස් පැසීම රෝගයෙන් පීඩාවිඳින තරුණ තරුණියන්ට තැඹිලි වතුර බීම කදිම පණිවුඩයකි.

❇️දිලීර රෝගයක් සෑදුණු අවස්ථාවල දී තැඹිලි වතුර බීමෙන් ඉන් ඉවත් විය හැකිය.

❇️බැක්ටීරියා නැසීමේ ගුණයක් ඇත.

❇️බඩවැල්වල හැදෙන පණුවන් විනාශ කරයි.

❇️උණසන්නිපාතය, මැලේරියාව වැනි රෝගවලට ගුණදායක වේ.

❇️හිසරදයට කදිමය.

❇️ධමනිගත රෝගවලට ගුණදායකය.

❇️ගලගණ්ඩය සැදී ඇති අයට මනාය.

❇️දෙවන ලෝක යුද්ධයේ දී සේලයින් වෙනුවට තැඹිලි වතුර එන්නත් කරන ලද බව කියැවේ. ඒ නිසා සේලයින් වෙනුවට තැඹිලි වතුර භාවිතයට ගත හැක.

⭕තැඹිලි අහිතකරයි මෙන්න මේ අයට

🔴වකුගඩු රෝගවල දී තැඹිලි වතුර පානය නුසුදුසුය.

🔴සර්පයින් දෂ්ට කළ අවස්ථාවල දී තැඹිලි වතුර පානයෙන් වැළකී සිටින්න.

🔴සෙම් රෝගවල දී තැඹිලි අගුණය.

🔴ලේ දන් දී පැමිණි අවස්ථාවක දී තැඹිලි පානය ඔබට අහිතකර විය හැකිය.

ඉතිං පෝස්ට් එක වැදගත් කියලා හිතෙනවනම් Like comment share කරන් යන්න❤️🥰
-

Want your business to be the top-listed Food & Beverage Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


542 R A De Mel Mawatha
Colombo
00300

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00